Friday, September 3, 2010

Pitch Perfect Musical Instrument Tuner ( සරලයි මිහිරියි )







Pitch Perfect Musical Instrument Tuner ගැන:-

                                 අද මම දෙන්නේ වෙනස්ම විදිහේ Software එකක්.මේක තියෙන්නේ ඔයාලගේ තත් වාද්‍ය භාණ්ඩ  සුසර කරගන්න(Tune).මේකෙන් සංගීත භාණ්ඩ ගොඩක් Tune කරන්න පුළුවන්.ඒවා තමයි ගිටාර් ,බේස් ගිටාර් , මැන්ඩලීන්, වියෝලා , වයලින් , ඩබල් බේස් කියන ඒවා.ඒවගේම මේකෙන් තවත් ඒවා Tune කරන්න   පුළුවන්.හරිම ලේසි වැඩක් තියෙන්නේ.
මුලින්ම ඔයා ලඟ Mic එකක් තියෙන්න ඕනෙ.
ඊටපස්සේ කරන්න තියෙන්නේ ඔයා ලඟ තියෙන සංගීතණ්ඩයේ නම තේරීම ඊටපස්සේ ඔයාට ඔය Instrument ( සංගීත භාණ්ඩය ) එක Tune කරගන්න ඕන විදිහ තෝරන්න.
දැන් ඔයා ඔයාට Tune කරන්න ඕන ත්ත ( String ) තෝරලා ඔයාගේ  Mic එක ඒ  තත ( String ) එක ලඟට කරලා වාදනය කරන්න.එතකොට ඔයාට පෙන්නයි මොන පැත්තටද Tuning Keys කරකවන්න ඕනෙ කියලා.ඒ විදිහට Tuning Keys කරකවගෙන යනකොට ඔයාට පෙනෙයි කොළ පාට දිග ඉරක් තියෙනවා. ඒ ඉර උඩට රතු ඉර එනකන් ඔයා Tuning Keys ඊතලයෙන් පෙන්වන ආකාරයට තද හෝ බුරුල් කරන්න.රතු ඉරයි කොළ ඉරයි එක මත එක වැටුනහම ඊතලය නැති වෙලායයි ඒ කියන්නේ දැන් ඒ තන්තුව Tune වෙලා තියෙන්නේඒවිදිහට අනිත් ඒවත් Tune කරන්න.දැන් හරි.
මේක හරිම පොඩි Software එකක් හින්දා මේක ගොඩාක් වටිනවා.සම්පූර්ණයෙන්ම නොමිලේ Windows 7 වලටත් වැඩ.ඔයාලට ඕනෙමනම් මේ Software එක Pocket PC එකකට වුනත් දාගන්න පුළුවන්.ඔන්න මේක ඕනෙනම් iTune තුළින් I Phone එකටත් දාගන්න පුළුවන්: ): ):D