Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Entertainment Web Sites. Show all posts
Showing posts with label Entertainment Web Sites. Show all posts

Monday, September 16, 2013

Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න

E0%B6%B1%E0%B7%8A-sms-%E0%B6%BA%E0%B7%80/" />

නිවේදනයයි මෙම ලිපියේ සඳහන් අඩවියේ(afreesms.com) සේවා ලංකාව තුල සම්පූර්ණයෙන්ම හෝ තාව කාලිකව නවතාදමා හෝ ලංකාවේ දුරකථන ජාලමගින් මෙම අඩවියේ සේවා තහනම් කර ඇත.

මම අද කතා කරන්නෙ තමන්ට කැමති දුරකතන අංකයකින් කැමති දුරකතන අංකයක් වෙත කෙටි පනිවිඩ යවන්න පුලුවන් විදිහක් ගැන වැඩේ නම් හරි ලෙසියී . හැබයි ඉතින් වැඩේ නම් හරි විදියට පාවිච්චී කරන්න නැත්නම් ටිකක් දුර දිග යන්න පුලුවන්


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න" ලිපිය කියවීම සඳහා

Monday, February 25, 2013

tinypng ( .png වල size අඩු කරගන්න)


tinypng වෙබ් අඩවිය ගැන:-   
                                                                                 
                         මම අද කියන්න යන්නේ Bloggers එහෙම වැඩියෙන් ඕනවෙන site එකක් ගැන මේක තියෙන්නේ.කොටින්ම කිව්වොත් .png file වල Size එක පොඩි කරන්න.
                                                                                                                                      අපි ගොඩාක් වෙලාවට Blog/Website වලට Photos Upload කරන්න ගන්න .png file වල Size එක ඕනෑවටත් වඩා වැඩියි ඒක නිසා අපිට නොතේරිම අපේ Blog/Website එකට එන සෙනග අඩු වෙනවා.එහෙම වෙන්නේ අපේ Blog එක හෝ Website  එක Load වෙන්න ගොඩාක් වෙලාව යන නිසා.මේක ලංකාවෙ අයට Website එකක් කරන කෙනෙක්ටනම් ගොඩාක් ලොකුවට බලපානවා මොකද ලංකාවෙ අන්තර්ජාල සම්බන්ධතා බොහෝමයක්ම  හරි Slow වීම නිසා.ඒක හින්දා අපි දැන ගන්න ඕනේ හැම වෙලාවෙම අපි Upload කරන Images වල Size එක හැකිතරම පොඩි කරලා තියාගන්න.

                                                          ඔයාලා හිතයි මේ විදිහට Size එක අඩු කරන කොට ගොඩාක් Quality එක අඩුවෙනවා ඇති කියලා එහෙම වෙන්නේ නැහැ.අපේ ඇහැට පෙනෙන තරම් ලොකු Quality අඩුවීමක් මේ විදිහට Size එක අඩු කරද්දි වෙන්නේ නැහැ.
                                                   ඔයාලට .png File එකක Size එක අඩු කරගන්න ඕනෙනම් ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක් ඔයාලට අවශ්‍ය .png file ටික අරන් Drag කරගෙන ඇවිත් මේ Website එකේ  උඩින්ම තියෙන Drop your .png files here කියන තැනට දාගන්න එකයි.අන්තිමට කොහොමත් සැලකිය යුතු ප්‍රමාණයකින් File Size එක අඩු වෙනවා.කොහොම හරි අන්තිමට File Size එක අඩුවෙලා ඔයාට ලැබෙන .png file එක මේ web site එකේම තියෙන Download Button එක හරහා Download කරගන්න පුළුවන්.
                        මමත් කරලා බැලුවා 497.7KB ක.png file එක 163.8KB කට අඩු කරගන්න මට පුලුවන් වුණා.
                                     හැබැයි ඔය Compress වෙච්ච .png file ආයෙත් දැම්මා කියලා ඔයාට තවත් අඩු කරගන්න නම් බැහැ :D


Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-
                                     මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic (Playful)කියන List එක.මම මේ එකින් එක ගැන සුළු විස්තරයක් කරන්නම්.මේ හැම එකකම  තියෙන උපලක්ෂන කියන්න ගියොත් එහෙම මේ ලිපිය ඕනෑවට වඩා විශාලවෙන්න ඉඩ තියෙනවා.


Open Pixlr editor (Advanced):-
                              ඔයාලට බලාගන්න පුළුවන් බොහෝ දුරට Photoshop වලට සමාන Layout එකක්.මේකට අපිට අවශ්‍යකරන විදිහේ Photos (ඔයාගේ Hard Disk එකේ තියෙන Photos , Internet එකේ තියෙන Photos, Facebook එකේ Photos හා විශේෂයෙන්ම ඔබගේ pixlr App එක දාපු Mobile Divice එක තියෙන Photos ) ඔයාලට දාගන්න පුළුවන්.මේ තියෙන Tools ටිකෙන් Photo එකක් ලේසියෙන් Edit කරගන්න පුළුවන්.මේකෙදිනම් ඉතින් Photoshop වලට ගොඩාක් සමාන Layout එකක් තියෙන නිසා බොහෝ දුරට Photoshop දන්න කෙනෙකුටනම් අමුත්තක් වෙන එකක් නැහැ.( ඒත් ඉතින් Photoshop තරම්ම සෙල්ලම් දාන්න මේකෙන් බැහැ )

Open Pixlr express (Efficient):-
                                 ගොඩාක් වෙලාවට Facebook එකේ ඉන්න අය එහෙම Photo එකක් Upload කරද්දි ඒ Photo එකට පොඩි Effect එකක් Boarder එකක් Text එකක් දාන්න උත්සාහයක් දෙනවා. Photoshop හැමෝම දන්නේ නැති නිසා මේ වගේ Tool එකක් ඒ වගේ Photoshop දන්නෙ නැති  අයට ගොඩාක් වටිනවා.මොකද මේ Open Pixlr express (Efficient) එකෙන් ඔයාලාට අවශ්‍ය Effects,Borders,Text,Stickers  වගේ දේවල් ලේසියෙන්ම එකතුකරගන්න පුළුවන් .ඒ වගේම ලේසියෙන් වෙනස් කර කර බලන්නත් පුළුවන්.

Open Pixlr-o-matic (Playful):-
                              මේ කොටසෙදි ඕනෙනම් ඔයාලට පුළුවන්  වෙනස්ම ආකාරයේ වැඩ ටිකක් කරගන්න.මෙතන තියෙන්නේ  කලින් හදපු Styles මේ වගේ එකක් Photoshop වලින් හදන්න ගියත් සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා.මේ තියෙන ඒවායෙන් එකක් හෝ ඔයාගේ Photo වලට ගැලපේවි කියලා මම හිතනවා.ඔයාලට මේකෙදි Screen එකේ පහළින් තියෙන  මීටර් එකක් වගේ කොටස එහෙට මෙහෙට කරන්න පුළුවන්.ඒකෙන් එක කොටසකදි Colors, Effects, Bordersවගේ දේවල් ලේසියෙන් මාරු කරගන්න පුළුවන්.ඔයාගේ Photo එක හදලා ඉවරනම් කරන්න තියෙන්නේ. Save කරගන්න එක.

New mobile pixlr apps!:-
ඔයාලට දැන් මේ සේවාව Mobile App එකක් විදිහටත් ඔයාගේ Mobile Device එකට යොදාගන්න පුළුවන්.ඔයාලත් වැඩිපුර Mobile Devices පාවිච්චි කරන අයනම් ඔයාලටත් පුළුවන් මේ App එක Download කරගන්න.

Thursday, September 9, 2010

Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

Hindilinks4u.net ගැන:-
          
                       මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ  හින්දි  Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින් කොටස Download කරගෙන බලන්නත් පුළුවන්.අපේ ගොඩාක් අය කැමතියි පරණ Film බලන්න.ඒවගේ අයටත් මේ Site එක හොඳයි.එක එක අවුරුදුවල ආපු Film වෙන වෙනම දාලා තියෙනවා 1966 ඉඳලම.ඒවගේම අද ඊයේ ආව අළුත් අළුත් Film පවා මේකේ තියෙනවා.ඒ අළුත් Film දවසට දෙකට මේ Site එකේ දානවා.හිංදි පුළුවන් අයට මේ Site එකෙන් English Film එකක් වුනත් හින්දියෙන් බලන්න පුළුවන්.ඒවගේම ඔයාලට ඉන්දියාවේ TV Channel වුනත් මේකෙන් Online බලන්න පුළුවන්.ඔයාලත් ගිහින් බලන්න.