Monday, February 25, 2013

tinypng ( .png වල size අඩු කරගන්න)


tinypng වෙබ් අඩවිය ගැන:-   
                                                                                 
                         මම අද කියන්න යන්නේ Bloggers එහෙම වැඩියෙන් ඕනවෙන site එකක් ගැන මේක තියෙන්නේ.කොටින්ම කිව්වොත් .png file වල Size එක පොඩි කරන්න.
                                                                                                                                      අපි ගොඩාක් වෙලාවට Blog/Website වලට Photos Upload කරන්න ගන්න .png file වල Size එක ඕනෑවටත් වඩා වැඩියි ඒක නිසා අපිට නොතේරිම අපේ Blog/Website එකට එන සෙනග අඩු වෙනවා.එහෙම වෙන්නේ අපේ Blog එක හෝ Website  එක Load වෙන්න ගොඩාක් වෙලාව යන නිසා.මේක ලංකාවෙ අයට Website එකක් කරන කෙනෙක්ටනම් ගොඩාක් ලොකුවට බලපානවා මොකද ලංකාවෙ අන්තර්ජාල සම්බන්ධතා බොහෝමයක්ම  හරි Slow වීම නිසා.ඒක හින්දා අපි දැන ගන්න ඕනේ හැම වෙලාවෙම අපි Upload කරන Images වල Size එක හැකිතරම පොඩි කරලා තියාගන්න.

                                                          ඔයාලා හිතයි මේ විදිහට Size එක අඩු කරන කොට ගොඩාක් Quality එක අඩුවෙනවා ඇති කියලා එහෙම වෙන්නේ නැහැ.අපේ ඇහැට පෙනෙන තරම් ලොකු Quality අඩුවීමක් මේ විදිහට Size එක අඩු කරද්දි වෙන්නේ නැහැ.
                                                   ඔයාලට .png File එකක Size එක අඩු කරගන්න ඕනෙනම් ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක් ඔයාලට අවශ්‍ය .png file ටික අරන් Drag කරගෙන ඇවිත් මේ Website එකේ  උඩින්ම තියෙන Drop your .png files here කියන තැනට දාගන්න එකයි.අන්තිමට කොහොමත් සැලකිය යුතු ප්‍රමාණයකින් File Size එක අඩු වෙනවා.කොහොම හරි අන්තිමට File Size එක අඩුවෙලා ඔයාට ලැබෙන .png file එක මේ web site එකේම තියෙන Download Button එක හරහා Download කරගන්න පුළුවන්.
                        මමත් කරලා බැලුවා 497.7KB ක.png file එක 163.8KB කට අඩු කරගන්න මට පුලුවන් වුණා.
                                     හැබැයි ඔය Compress වෙච්ච .png file ආයෙත් දැම්මා කියලා ඔයාට තවත් අඩු කරගන්න නම් බැහැ :D