Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Utilities. Show all posts
Showing posts with label Utilities. Show all posts

Friday, August 16, 2013

Rainy Screen (හෙනගහන්න වහිනවා)


මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත් ගහනවා.මගේ Start bar එකටත් හෙනයක් ගැහුවා.
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Rainy Screen (හෙනගහන්න වහිනවා)" ලිපිය කියවීම සඳහා

Thursday, June 20, 2013

SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ


ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT  කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ " ලිපිය කියවීම සඳහා


Tuesday, June 18, 2013

ත්‍රෛ භාෂා ශබ්ද කෝෂය (Tri-Lingual Dictionary)


ලංකාවේ භාවිතාවන ප්‍රධාන භාෂා දෙක වෙන්නේ දෙමළ හා සිංහල.දැන් බොහෝ රැකියාවලට අයදුම් කිරීමේදී දෙමළ ඉගෙන ගෙන සිටීම විශේෂ වාසියක් ලෙසත් බොහෝ තැන්වල දක්වා සිටිනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" ත්‍රෛ භාෂා ශබ්ද කෝෂය (Tri-Lingual Dictionary)" ලිපිය කියවීම සඳහා


Sunday, June 2, 2013

Eye Strain Care ( ඇහැ ගැනත් හිතුවද? )



සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට Computer එක ඉස්සරහට වෙලා Monitor එක දිහා බලාගෙන ඉන්න අය දන්නවා ඒ අයගෙ ඇස්වලට කොච්චර අමාරුද කියලා.ඒ හින්දා දොස්තරලා නිර්දේශ කරන්නෙනම් විනාඩි 45කට පමණ වරක්  පොඩි වෙලාවක් ඈත ඇති වස්තුවක් දිහා බලාගෙන ඉන්න කියලා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Eye Strain Care ( ඇහැ ගැනත් හිතුවද? )" ලිපිය කියවීම සඳහා

Monday, May 27, 2013

Revealer Keylogger ගැන


Keylogger එකක් කියන්නේ බොහෝ වෙලාවට හොඳට මෙන්ම නරකටද පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.මම මේ කියන Keylogger එකේ ගොඩාක් වැදගත් පහසුකම් තියෙනවා.මේ Keylogger එකේ තියෙන හොඳ වාසි ටිකක් අපි බලමු.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Revealer Keylogger ගැන" ලිපිය කියවීම සඳහා

Wednesday, May 15, 2013

pencil (සිංහල ලියන්න ලේසියෙන් )

 
 
අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"pencil (සිංහල ලියන්න ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Monday, May 13, 2013

ingiya ( සිංහල තේරුම ලේසියෙන් )


සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාගන්න ඕනෙනම් ඔයාලා කරන්නේ මොකක්ද?එක්කෝ වචනය Copy කරගෙන ගිහින් මධුර Dictionary එකේ හරි නැත්නම් බොහෝ වෙලාවට කරන්නේ maduraonline.com එකට ගිහින් Paste කරලා හොයාගන්නවා


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"ingiya ( සිංහල තේරුම ලේසියෙන් )" ලිපිය කියවීම සඳහා

Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Monday, September 17, 2012

Oxford Dictionary Portable ( අපි නොදන්න ඉංගිරිසි )

Oxford Dictionary ගැන:-                  
                                    මම අද කියන්‍න යන්නේ English දන්නඅයටයි නොදන්න අයටයි දෙගොල්ලටම වටින ශබ්ධකෝෂයක්.දැන් හැමෝම දන්නවනෙ ශබ්ධකෝෂ‍යෙ නම ‍මොකක්ද කියලා,ඇයි මම නම මුලින්ම දාල‍නෙ තියෙනනෙ :D.මේ ශබ්ධ කෝෂය පාවිච්චි කරන්න නම් සාමාන්‍ය ඉංග්‍රීසි දැණුමක් තියෙන්න ඕනෙ.මොකද අපි හොයන වචනයේ  තේරුම එන්නෙත් ඉංග්‍රීසියෙන්මයි,හැබැයි සරල ඉංග්‍රීසියෙන්.
                                                                    මේ Dictionary එකේ  තියෙන විශේෂත්වය තමයි අපි හොයන වචනය මේ  Dictionary එකේ නැතිවෙන්න තියෙන  ඉඩ බොහෝම අඩුවීම.තව වටිනකමක් වෙන්නෙ Internet තියෙන Computer එකක නම් oxforddictionaries.com කියන වෙබ් අඩවියෙ තියෙන Online Dictionary එකෙන්ම අපිට ඕනකරන වචනයේ තේරුම හොයාගන්න පුළුවන් වීමයි.තව වටිනාකියන පහසුකමක් තමයි Online Dictionary එකෙන් අපිට කැමතිනම් වෙනත් භාෂාවකට අපි කැමති වචන පරිවර්තනය කරගන්න පුළුවන් වීම.
මම මේ බාගන්න දීලා තියෙන්නේ Oxford Dictionary Portable එක හින්දා File එක බාගෙන ඒක Extract කරන්න විතරයි තියෙන්නේ Install කරන්න දෙයක් නැහැ වැඩ කරනවා.
                         

Saturday, August 25, 2012

Google Chrome Extension (සියල්ල එක් කරගන්න)




Google Chrome Extension දෙන්නයි හදන්නෙ  :-                                              
                                                                             Google Chrome Extension එකක් කියන එක ගැන නොදන්න කවුරු හරි හිටියොත් කියලා අපි පොඩ්ඩක් ඒ ගැනත් කියමුකො. Google Chrome Extension අපි යොදාගන්නේ එකවර කට අපිට විවිධ දේවල් සමග සම්බන්ධ වීමට හා සමහර දේවල් සඳහා උදව් ලබාගැනීමටයි. මේ ගැන විවිධ විදිවලින් අර්ථ දැක්වීම් දෙන්න පුළුවන්.සරලවම කිව්වොත් ඉතින් හරියට Mozilla Firefox Add-on වගේ.මම මේදවස් ටිකේ හිතුවා අළුත් Software එකක් ගැන වත් ඔලුවට ආවෙත් නැති හින්දා Google Chrome Extension ටිකක් ඔයාලට දෙන්න.


Thursday, August 23, 2012

Folder Lock 7.1.1 ( පුද්ගලිකයි රහසිගතයි )

Folder Lock 7.1.1 ගැන :-                           
                               මම මෙයිට කාලෙකට ඉස්සරත් මේ Software එක දීලා තිබ්බට මේපාර දෙන්නෙ මේ Software එකේ අළුත්ම Version එක.සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පුද්ගලික දේවල් තියෙනවා.සාමාන්‍යයෙන් ගොඩාක් Email Address,Password පාවිච්චි කරන අය ඒ Password Note pad එකක වගේ ලියලා තියාගන්නවා.ඒත් ඒවා කොහේ තිබ්බත් කාට හරි ඒවා Open කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයාලටම හිතිලා ඇති.


                                                                      අපි කොහේ ඉඳන් හරි මේ දේවල් ප්‍රවාහනය කරද්දි උදාහරණයක් හැටියට කිව්වොත් Pen Drive එකක වගේ දාලා ගෙනියනකොට ඒවා වෙන කෙනෙක් අතට පත් වුනොත් සෑම සියළු දෙයක්ම වෙනස් වෙන්නට ඉඩ තියෙනවා.
                                                                      එහෙත් ඔයාලට මේ අවදානම් වලින් මිදෙන්න එක අවස්ථාවක් තියෙනවා මේ මම කියන අළුත් Folder Lock 7.1.1 එකෙන් අපිට Pen Drive එකකින් CD එකකින් ඒකියපු අපේ පුද්ගලික දේවල් අස්ථාන ගත වීම තව දුරටත් අඩුකරගන්න පුළුවන්.
                                                                   රහස් කිව්වම විවිධ විදි වල රහස් තියෙනවා.ආදර සම්බන්ධතා වගේ දේවල් හා තවත්...ඔයාලට පුළුවන් ඒවා වෙන වෙනම Lockers හදලා ඒවා වෙන වෙනම  ගබඩා කරගන්න.තව අළුත් පහසුකමක් තමයි මේ හැම දෙයක්ම Hard Disk එකේ තියෙද්දි අපිට විවිධ අකරතැබ්බ වලට මුහුණපාන්නට සිද්ධවෙනවා උදාහරණයක් කිව්වොත්  අපිට Hard Disk එක Format කරන්න හෝ අළුත් Hard Disk එකක් දාගන්න වුනොත්?></.,:'!!# විනාසයි @%$#^&*.
                                                                 ඒකටත් මේ Software එකේ පොඩි පිලියමක් තියෙනවා අපිට පුළුවන් පොඩි Online Locker එකක් හදන්න.හදලා ඒකෙ අපි Lock කරපු ඒවයෙ Backupඑකක් තියන්න පුළුවන්.ඒ Online Locker එක හදලා Free මාසයක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඊට පස්සෙනම් ඉතින් Online Locke එක සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ.මේ වගේ එකක Account හොර password Username ඒවා දාන එකත් හරිම අවදානම් වැඩක්නෙ මොකද නිකමට හරි මේ හොර Account Blacklist වුනොත් අපේ සියළුම දේවල් වතුරෙනෙ.
         එක දෙයක් අමතක කරන්න එපා ඔයාලා Folder Lock Software පළවෙනි වතාවට දානකොට ඔයාලා විසින් දාන Password එකනම් අමතක කරගන්න එපා.

මේ Software එක Download කරලා ඉවර වෙලා ඒ Software එක Install කරපු තැනට මේ තියන Setup File එක ලඟ තියෙන Crack Folder එකේ තියෙන folder lock.exe  එක අරන් Copy කරලා Past කරන්න.

Saturday, August 18, 2012

G mail Drive (හදිස්සියට ඉඩ පොඩ්ඩක්)

G mail Drive ගැන :-                                 ඔන්න අද දෙන්නේ පොඩ්ඩක් අසරණ වුන වෙලාවට පාවිච්චි කරන්න හොඳ Software එකක්.මේ Software පාවිච්චි කරන්න නම් සුදුසුකම් 2ක් සපුරාලිය යුතුමයි ඒවානම් ඔබට G mail ගිණුමක් තිබීම හා අන්තර්ජාල පහසුකම තිබීමයි.මේ Software එක දැම්මහම My Computer වල තවත් Hard Disk එකක් පෙන්වනවා අපි අපේ G mail Account එකට Log වුනාම අපිට පුළුවන් ඒ Hard Disk එක අපගේ සුපුරුදු Hard Disk එකක් ලෙස භාවිතාකරන්න පුළුවන්.
                                ඒත් මේක ලංකාව නිසා Internet හරිම Slowලු ඒක නිසා අපිට ඔය ලොකු ලොකු Size වල File එහාට මෙහාට දාන්න ලොකු වෙලාවක් බලන්ඉන්න වෙනවා.ඒත් අපිට Pen Drive එකක් නැතිවෙලාවක මේ Software එක ගොඩාක් වැදගත් මොකද? අපි Data අරන් යන්නේ Internet තියන Computer එකකින් තවත් Internet තියන Computer එකකටනම් අපිට පුළුවන් අපේ G mail Drive එකට අවශ්‍ය File දාලා වෙන කොහෙන් හරි G mail Drive තියන Computer එකකින් ආයෙත් ගන්න.සමහර අයට Download ,Upload වැඩිය අල්ලන්නේ නැති නිසා මේ ක්‍රමය හොඳයි.තවත් දෙයක් තියනවා.ඔයාලා Computer එකෙන් යනකොට ඒ G mail Drive එක උඩ Right Click කරලා Log Out වෙන්න.නැත්නම් පරිස්සමට තිබ්බ Files කවුරු හරි උස්සගෙන යන්න ඉඩ තියනව.

Friday, August 17, 2012

Google Desktop (කඩිමුඩියට විසඳුමක්)

Google Desktop ගැන:-
පළවෙනි පාරම අපි දෙන්න යන්නේ Google Product එකක් ගැන මේක ගොඩාක් අය දන්නදෙයක් වෙන්නත් පුළුවන්.මේක ගොඩාක වැදගත් වෙන්නේ Internet එකේ හරි හරියට වැඩකරන අයට.මේ Software එක දැම්මහම Desktop එකේ පැත්තකින් පොඩි තීරුවක් එනවා හරියටම කිව්වොත් Rocket Dock වගේ.ඒත් මේ Software එකේ විශේෂත්වය තියෙන්නේ මේ Sidebar එකට G talk,G mail ,Google Search වගේ දේවල් දාගන්න පුළුවන් වීමත් G mail එකේ අළුත් Email එකින් එක Title එකේ කොටසක් සමග පෙන්වීමයි.ඒත් මේ Software එක ගොඩක් දෙනා පාවිච්චි කරන Computer එකකටනම් හරියන්නේ නැතිබව ඔයාට දැන්මම වැටහිලා ඇති මොකද අපේ පුද්ගලික Email පවා වෙනකෙනෙකුගෙ අතට පත්වීමේ ඉඩ මේකෙන් ගොඩාක් වැඩිවෙනවා.( එහෙම වෙන්නේ ඔයාලා Log Out නොවුනොත් විතරයි )
තවත් මේකෙන් අපිට පුළුවන් ඔයාලාකැමතිම වෙබ් අඩවියේ අලුතෙන්ම වුනේ මොනවද?අළුතෙන් දැම්මෙ මොනවද? කියන එක විතරක්ම නෙවෙයි ඒ ලිපි එවෙලේම බලාගන්නත් පුළුවන්කමක් තියෙනවා(ඒත් Photos පෙන්නන්නේ නම් නැහැ ).
තව විශේෂයක් තියෙන්නේ ඕනෑම වෙලාව Ctrl Button එක දෙවරක් එබුවොත් ඔයාට පුළුවන් Google Search bar එකක් ඔයාගේ Desktop එකේම ලබාගන්න.මෙම පහසුකම ලබාගැනීමට Side bar එක දාන්නමඕනෙ කියලා එකක් නැහැ.Software එක Run වීම පමනක් ඒ සඳහා ප්‍රමාණවත් වෙනවා
තව එක දෙයක් ඔයාලට කියන්නම ඕනෙ මේ Ctrl Button එක දෙපාරක් ඔබලා ගන්නSearch bar එකේ අන්තිමට Search කරපු වචනය නැවත Ctrl Button එක දෙවරක් එබූ විට දැකගත හැකි බැවින් ඒවා ඉවත් කිරිම අපි විසින්මට Backspace හෝ Delete කර දැමිය යුතුයි.තව ඉතින් මේකේ (Side bar එකේ)තියන ඒවා කිව්වොතින් සාමාන්‍ය පරිදි Clock එක News , Photo Slideshow තමන්ගේ කැමැත්ත මත යොදාගත හැකියි

Sunday, November 28, 2010

CPU-Z 1.56 ( අපි ගැන නොදන්නා දෙයක් )

CPU-Z 1.56 ගැන :-
                                   මම දැන් කියන්න යන්නේ පොඩි Software එකක් ගැන.මේක හරියට මම කලින් දුන්න Everest Software එක වගේ.මේ Software එකෙන් කරන්නේ අපේ Computer එකේ Processor , Chip set ,Mother Board ,Memory  වගේ දේවල් ගැන, ඒවායේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන  කියන එක.මේ Software එක ඔයාලා Download කලාට පස්සේ Extract කරන්න විතරයි ඕනේ Install කරන්න දෙයක් නෑ. Uninstall කරනකොටත් ඔය File එක Delete කලාම ඇති.අනික මේක Everest වගේ සල්ලි දීල ගන්න ඕන Software එකක් නෙමෙයි හින්දා ඕන ඕන වෙලාවට Full Software එකම Download කරගන්නත් පුළුවන්.මේ Software එකේ නිල වෙබ් අඩවිය තමයි http://www.cpuid.com/cpuz.php කියන එක.ඕනෙනම් ඒකෙන්ම ගිහින් බාගන්න.නැත්නම් පහල තියෙන මෙතනින් බාගන්න කියන Button එක Click කරලා බාගන්න.මේ මම දීලා තියෙන්නේ English Version එක ඔයාලට ඕනෙනම් Chinese Version එක වුනත් දාගන්න පුළුවන්.ඒක තියෙනවා අර මම කලින් කියපු Web Site එකේ

Wednesday, November 17, 2010

HJ-Split ( කෑලි කෑලි වලට කඩන්න )

HJ-Split ගැන :-
                                               මම අද කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක් ගැන.මේ Software එක තියෙන්නේ ලොකු ලොකු Files පොඩි පොඩි කොටස්වලට කඩන්න.මේ Software එක 100% ක් Free.මේක ගොඩාක් වටින්නේ Internet එකට Files Upload කරන අයට.මොකද සාමාන්‍යයෙන් File එකක් Internet එකට Upload කරනවා කියන්නේ පොඩ්ඩක් වෙලාව එහෙම යන වැඩක් කියලා කවුරු කවුරුත් දන්නවානේ.අපි හිතමු ඔයාට Film එකක් Internet එකට Upload කරන්න ඕනවුනා කියලා.සාමාන්‍යයෙන් Film එකක් 700MB විතර වෙනවානේ. ඔය File එක Internet එකට Upload කරන්න ගියහම පැයගානක් නැත්නම් දවස් ගානක් යන්නත් තියෙනවා.එක ඉතින් තීරනය වෙන්නේ ඔයාගේ Internet Connection එකේ හැරටියට තමා.දැන් ඔන්න SLT කට්ටිය අළුත් Connection 3ක් ම හඳුන්වලා දීලා තියෙනවා.හැබැයි ඒවායේ Speed එක එහෙම වැඩි වුනාට ඒ වගේම ඒවායේ ගානත් වැඩීනේ ,ඒ වගේ Connection එකකින් නම් පොඩ්ඩක් ඉක්මනට වැඩ කරගන්න තිබ්බා.එහෙම කලත් ටිකක් වෙලාව නම් යනවා එක File එකක් Upload කරනකොට.ඒක හින්දා File එක කොටස් 4කට විතර කඩලා Upload කලා නම් වැඩේ ලේසී.UPS නැති අයටත් හොඳයි,මොකද නැත්නම් ලයිට් ගියොත් ඔක්කෝම ඉවරනේ.
                                                           හරි අපි දැන් වැඩේට බහිමු  ,මුලින්ම මේ File එක Download කරගන්න.ඊට පස්සේ මේ File එක Extract කරගන්න.දැන් ඔයාට පේන්න තියෙනව ඇති හරි ලකුනක් දාපු Icon එකක් ඒක උඩ Double Click කරන්න.දැන් ඔයාට Split කියලා Button එකක් පෙනෙයි.ඒක උඩ Click කරන්න.දැන් ඒකේ Input File ගිහින් ඔයාට කොටස්වලට කඩන්න ඕන Video එක හරි Software එක හරි File එක හරි පෙන්වන්න.File ගොඩක්නම් ඒ File ගොඩ Win RAR වලින් Compress කරලා ඉවර වෙලා HJ-Split එකට Input කරන්න.දැන් Output කියන තැනින් ඔයාට මේ කැඩිලා එන File ටික එන්න ඕන තැන පෙන්වන්න.ඊට පස්සේ ඔය යටින් තියෙන Split File size කියන එකේ ඔයාට මේ File එක කැඩුනහම එක File එකකට එන්න ඕන උපරිම Size එක දාන්න.මෙතන ප්‍රමාණැය දාන්න තියන තැනට එහා පැත්තේ Kilobyte ද Megabyte ද කියන එක හදාගන්න පුළුවන්.දැන් Start කරන්න.ඔන්න දැ Split වෙලා ඉවර වෙයි.
                                                              දැන් ඔයා කැමති විදිහකට ඔය කැඩිච්ච File ටික Internet එකට Upload කරන්න.හැබැයි ඔය File ටික Download කරන කෙනත් මේ Software එක භාවිතා කරලා ඔය File ටික Join කරගන්න ඕනේ.ඒක කරන්නේ මෙහෙමයි.HJ-Split Open කරගන්න.දැන් ඒකේ තියෙන Join කියන Button එක උඩ Click කරන්න.අර Download කරපු File ටික Input කරන්න. ඊට පස්සේ Output එක යන්න ඕන තැනත් පෙන්වන්න. දැන් Start කරන්න.ඔන්න දැන් ඔය File කටික එකතු වෙලා Output වෙන්න දීපුතැන එක File එකක් හැදිලා ඇති.ඒක සාමාන්‍ය විදිහට Open කරන්න.Video File එකක් නම් නිකන්ම Open කරන්න පුළුවන්.කලින් කිව්ව වගේ Compress කරලා Split කරපු එකක්නම් දැන් ඒක එක File එකක් වෙලා ඇති ඒක Extract කරලා ඔයාට ආයිත් අර File ටික ගන්න පුළුවන්.

                                                      ඔයාලා මේක ගොඩක් දුරට තේරුම්ගන්න ඇති කියලා මම හිතනවා.මොකද මම මීලඟට දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Adobe Collection එක වගේ ලොකු Software. ඒක හින්දා ඔයාලට මේක ඉගෙනගන්න එක  ගොඩාක් වටියි කියලා මම හිතනවා.ඒ වගේම මතක් කරන්න ඕනේ මේතමයි මම මේතාක් ලියපු දිගම ලිපිය.

Sunday, November 14, 2010

Tera Copy ( කොපි කිරීමේ නවතම කලාව )

Tera Copy ගැන :-
                                               මම අද ඔයාලට දෙන්න යන්නේ හොඳ කාලීන Software එකක්.මේක තියෙන්නේ File එහෙට මෙහෙට Copy කරන එක ලේසි වෙන්න.මේ Software එක Install කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ Hard Disk එකේ තියෙන එකක් Pen එකකට හරි නැත්නම් Pen එකක තියෙන එකක් Hard Disk එකට හරි Copy කරල බලන්න. එතකොට ඔයාට තේරෙයි File ඉක්මනට Copy වෙනවා වගේ.ඒ වගේම තමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි File එකක් Copy වෙවී තියෙද්දී Pause කරලා එක්කෝ වෙන වැඩක් කරන්න හරි නැත්නම් වෙන එකක් Copy කරන්න හරි පුළුවන්.ඒක හින්දා ඔයාලගේ වැඩ ලේසි කරගන්න ඔයාලත් මේ Software එක දාගන්න.

Wednesday, November 10, 2010

Advanced RAR Password Recovery ( පෞද්ගලිකත්වයට තිත )

Advanced RAR Password Recovery ගැන :-
                             මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලා හැමෝටම ගොඩාක් වටින Software එකක්.මේ Software එක යොදාගෙන ඔයාට පුළුවන් Password දාපු RAR File වල Password එක හොයාගන්නමේකෙන් වෙන්නේ මුලින්ම Win RAR File එකේ Password එක තියෙන අකුරු ගාන හොයාගන්නවා ඊට පස්සේ ඔක්කෝම ගහන්න පුළුවන් Password ගහනවා.එතකොට හරි එක Set වුනාම හරි.හැබැයි Password එක දිග වුනාම වෙලාවනම් යනවා ගොඩක්.අපි දැකලා තියෙනවානම් ඔය Password එක වෙන කවුරුහරි Type කරනවා වැඩේ තවත් ලේසයි.එතකොට අපි දන්නවානේ Password එකේ Space තියෙනවාද අංක තියනවාද කියලා.එතකොට Range කියන එකේ අපිට මොනවා හරි අඩු කරන්න පුළුවන්නේ .ඒ කියව්වේ අපි දැක්කනම් Password එකේ Space එකයි අංකයි තිබ්බේ නැහැ කියලා අපිට පුළුවන්.ඒ දෙකට දාලා තියෙන හරි 2 අයින් කරලා Search කරන්න.එතකොට වැඩේ තවත් ඉක්මන්.ඒවගේම තමයි මේ Software එක 2MB වලටත් වඩා අඩු නිසා බාගන්නත් ලේසියි.ඔයාලත් බාගෙන බලන්නලකෝ වැඩේ කොහොමද කියලා.

Sunday, November 7, 2010

Clock X ( වෙලාවට වැඩ කරන්න )

Clock X ගැන :-               
                         අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩිම පොඩි Software එකක් මේක නම බලපුගමන් මොකක්ද කියලා හදුනගන්න ඇති.මේ Software එක දැම්මහම ඔයාලගේ Desktop එකේ ඔරලෝසුවක් මතුවෙනවා.ඒ කිව්වේ කටු කැරකෙන ඔයරලෝසුවක්.මේක එක්ක අපිට ඕනෙනම් දින දර්ශකය ගන්න පුළුවන්.ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ තමයි. මේ ඔයාලට හම්බුවෙන ඔරලෝසුවේ Alarm එක තියන්න පුළුවන් වීම.ඔයාලා Facebook එකේ ඉන්නකොට ඔයාලට වෙලාව යනවා තේරෙන්නේ නැතුව ඇති.සමහර විට ඔයාට ඔයාගේ වැඩ එහෙමත් අතපසුවෙනවා ඇති.ඒක හින්දා ඔයා සතියක දෙකක වැඩ වලට මේකේ Alarm තියලා තිබ්බානම් ඔයාලටත් මතක්වෙයි ඔයාලට එදිනෙදා කරන්න තියෙන වැඩ.Alarm තියන්න ඕනෙනම් ඔරලෝසුව මත Right Click කර Alarm තෝරන්න
                                                සමහරු මේවගේ ඒවා දාගන්න බයයි මොකද Computer එක Slow වෙන හින්දා. ඒ වුනාට මේක දැම්මයි කියලා Computer එක Slow වෙන්නේ නැ.මේක ගොඩාක් වැදගත් වෙන්නේ තවම Windows XP පාවිච්චි කරන අයට මොකද දැන් ඔය Windows Vista , Windows 7 වලට මේ වගේ Clock එකක් තියෙන හින්දා.හැබැයි මම දන්න තරමින් ඒකේ Clock එකේත් Alarm තියන්න නම් බැරිද කොහෙද?එහෙනම් ඔයාලත් බාගෙන බලන්න.බාගන්න ගැටළු තියෙනවානම් අපිට දැණුම්දෙන්න.දැනුම් දීම Comment මගින් හෝ Email මගින් හෝ Facebook massage හරහා කල හැක.

Saturday, November 6, 2010

Real Desktop ( Desktop එක මේසය මතට එයි )

Real Desktop ගැන :-             
                               මම අද දෙන්නේ ඔයාලට පොඩි ජොලි Software එකක්.මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්. මේවා වීසිකරාම හරියට කැරම් බෝඩ් එකේ වගේ වටේම වැදිලා වැදිලා තමයි නවතින්නේ.හැබැයි ඔය Icons එහෙමෙහෙ යවලා අපිලිවල කරගන්නවා වගේ නෙමෙයි ඕවා ආයිත් තිබ්බ විදිහට හටදන්න ගියාම.එපා වෙනවා.මේකේ Icons තියෙන්නේ හරියට පොඩි පොඩි Disc වගේ.මේකේ තියෙන Icons Delete කරනකොට කරන්න තියෙන්නේ ඕන කරන Icon එක අරන් ගිහින් Recycle Bin එකට අතහරින්න එතකොට ඒක ලස්සනට Recycle Bin එකට වැටෙනවා.වැටෙනවා කිව්වට ඒක වැටෙන්නේ නැ.පොඩ්ඩක් එතන එහාපැත්ත බැලුවොත් ඔයාට ඒ Icon එක දැකගන්න පුළුවන්.ඔයාමේ Desktop එකේ කරන හැම වැඩක්ම කරද්දි එක එක සද්ද එහෙමත් එනවා.ඔයාට මේ මේස Desktop එකෙන් අයින් වෙන්න ඕනෙනම් පහලින් Task Bar එකේ (මම රවුනම් මේ පිංතූරයේ රවුම් කරලා තියෙන තැන ) පෙන්නන Program වලින් මේ program එකට අදාල Icon එක උඩ Right Click කරලා Exit කරන්න.මරු වැඩේ ඔයාලත් මබාගෙන බලන්න.


මෙහෙමයි බාගන්නේ :- 
                                        මුලින්ම මෙතනින් බාගන්න බොත්තම Click කරන්න.එතකොට නිකන්ම Download වුනේ නැත්නම් එන Window එකේ පහලට එන්න.එතකොට ඔයාට Download Button එකක් පෙනෙන්න තියෙයි.ඒක Click කරලා Download කරගන්න.Crack කරන්නේ නැතුව හොඳට වැඩකරනවා.ඒක හින්දා Crack කරන්න යන්න එපා

Wednesday, November 3, 2010

වෙනස් වෙන්න Icons මල්ලක්

Icons දාන හැටි :-
                      මම අද ඔයාලට කියන්න යන්නේ Software එකක් ගැන නෙමෙයි මම කියන්න යන්නේ Software එකකට වැදගත් වන දෙයක් ගැන.ඔයාලා Tune Up Utilities ගැන දන්නවා ඇති නේද? දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.ඒකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා.මේකෙන් ගොඩාක් අය ඔය Themes මරු කරන වැඩ එහෙම කරනවා.සමහර අයට ඕනේ Icons විතරක් මාරු කරන්න.සමහර අයට හොයාගන්න Icons නැතුවත් ඉන්නවා.ඒක හින්දා තමයි මම අද මේ Icons ටික දෙන්නේ .ඔයාලත් බාගෙන බලන්න. මේකේ ඔය හැම ජාතියකම File වර්ග වලට ගැලපෙන.වෙනස් කරන ලද Icon තියෙනවා.උදාහරණයක් විදිහට අපි හිතමු WMV Video File තියෙනවා කියලා.අපි Tune Up Utilities වලින් Customize Windows වල Visual Style ගිහින් ඒකේ System Elements ගිහින් Desktop ,Start Menu,Explorer,File Type,Control Panel ගිහින් එතන පෙන්වන List වලින් File Types වල තියෙන List එකෙන් File එක Select කරලා Replace Icon ගිහින් Browse යන්න. ඊට පස්සේ මම මේ දෙන Icon ටිකේ තියෙන WMV File එකට ගැලපෙන Icon එකක් Select කරලා WMV File වලට වෙන Icon එකක් දැම්මොත් එහෙම ඔයාගේ Computer එකේ තියෙන ඔක්කෝම WMV File වල Icon එක වෙනස් වෙනවාඔයාලත් පහල තියෙන Icon ටික බාගෙන කරලා බලන්න.