Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Friday, August 31, 2012

PhotoInstrument ( මූණ හොඳට තියාගන්න )


PhotoInstrument ගැන :-
                          මම කලිනුත් මේ Software එක ගැන ලියලා තිබ්බා ඒ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබිච්ච හින්දා සහ ඒ දාලා තිබ්බ Link එකේ පොඩි අවුලක් නිසා තමයි මම අද මේ ලිපිය ලියන්න හිතුවෙ. 
                             මේ Software එක තියෙන්නේ ඡායාරූප පහසුවෙන් නවීකරනය කරන්න විශේෂයෙන් මිනිස් රූප සහිත ඡායා රූප වලට වෙලා තියෙන විවිද අකරතැබ්බ නැත්නම් අඩුපාඩු වගේ දේවල් හදාගන්න.උදාහරනයක් Photo වල විදිහට අපිව මහතට පෙනෙනවනම් කෙට්ටු කරගන්න කෙට්ටුවට පෙනවනම් මහත් කරගන්න හා මූණෙ තියෙන වලවල් ,කුරුලෑ, පැල්ලම් ,රැලි නැතිකරගන්නත් Photo එකක් ගන්නකොට වට පිටාවෙ ඉන්න අයව ඇඟට නොදැනි අයින් කරගන්නත් මේ Software එකෙන් පුළුවන්. 
                                                                      බොහෝ දෙනා Facebook එකට එක එක විදිහට Photos අරගන්නවා.සමහර අය Makeup දාලා හරි වැඩ දාලා ගන්නවා.සමහරු නිකන්ම නිකන් Photo එක අරන් Photoshop වලට දාලා දන්න ශිල්ප ඔක්කෝම දාලා Photo එකට පොඩි Operation එකක් දෙනවා.
මම මේකියන Software එකෙන් ඔය Makeup දාලා Photos ගන්න අයටයි Photoshop වලින් Photos Operation කරන අයටයි දෙගොල්ලන්ටම වාසියි.මොකද මේ හැම වැඩක්ම ( Makeup , Lipstick ,Eye Shadow )මේ Software එකෙන් තාත්වික විදිහට කරගන්න ඔයාලට පහසුවෙන්ම පුළුවන්.
                                                                    මුලින්ම ඔයාලට තියෙන්නේ පහල තියෙන මෙතනින් බාගන්න කියන Button එක උඩ Click කරලා මේ Software එක බාගන්න එක.ඊට පස්සේ සුපුරුදු විදිහට Install කරගන්න.ඔන්න ඊට පස්සේ PhotoInstrument  Software එක Open කරගන්න.ඊට පස්සේ ඔයාගෙන්Registration Key එකක් එහෙම ඉල්ලුවොත් ඔයා Software එක Download කරපු තැන ඇති Serial කියලා Text Document එකක් ඒක ඇතුලේ තියෙනවා Registration key & Email Address එක ඒක Copy කරගෙන ගිහින් ඒ අදාල තැන් වල Paste කරන්න.දැන් වැඩේහරි.
                                                                       PhotoInstrument වලින් කරන්න පුළුවන් වැඩ හැම එකක්ම අහුවෙන විදිහට උදාහරණ ටිකක් (Videos විදිහට) ඔය Software එක Open කරනකොටම ඔයාලට බලාගන්න පුළුවන්.ඒ උදාහරණ Open කලාම ඔයාගේ මේ තියෙන Mouse Courser එකමයි එහාමෙහා යන්නේ ඒ Video එක  ( උදාහරණය )මැද්දෙදි ඔයාට මේ  Mouse Courser එක නවත්වන්න ඕනෙනම් කරන්න තියෙන්නේ Keyboard එකේ Esc Button ඔබන එක.මේ උදාහරණ ඔස්සේ ගිහින් ඔයාගේ Photo වලටත් වෙනසක් කරගන්න ඔයාට අමාරුවෙන එකක්නම් නැහැ කියලා මට විස්වාසයි.


Wednesday, August 29, 2012

Facebook Notification Extension ( කාලෙනොකන මඟ )

Facebook Notification Extension එක ගැන :-                                                 
                          අපි කවුරුත් වැඩක් ඇත්තෙම නැත්නම් Facebook එක පැත්තෙ යන්න අමතක කරන්නේ නැහැ.ඒත් සමහරු එහෙම නෙමෙයි මොන වැඩේ තිබ්බත් Facebook එකනම් අමතක කරන්නේ නැහැ.ඒ අපේ අයගේ විශේෂ පුරුද්දක් නොවන බව  alexa.com එහෙම බලද්දි කාට කාටත් තේරෙනවා.මොකද දැන් බොහෝ රට වල අංක එකේ රැඳිලා තිබ්බ Google පවා පරද්දලා Facebook අංක එකට ඇවිත් තියෙන්නේ පිලිලයක් විදිහට.මේ හේතුව නිසාම සමහර රටවල් Facebook තහනම් කරන්නත් අදිමදි කලේ නැහැ.එහෙම කිරීමට සාධාරණ හේතු තියෙනවා මොකද? බොහෝමයක් ආයතන වල සේවය කරන අය Facebook වලට ඇබ්බැහි වීමයි.ඒත් Facebook තහනම් කිරීම කාලෝචිත නැතිබව බොහෝ අයගේ අදහසයි.ඇයි Facebook සෑම විටම සතුටු සාමීචියට පමණක් නොව හොඳ වෙළඳ ප්‍රචාරක මාධ්‍යයක් වීම ඊට හේතුවයි.
                                                                 එහෙම ඇබ්බැහි වෙච්ච අයට පොඩ්ඩක් ඒකෙන් මිදෙන්න මේ  Chrome Extension එක සමහර විට උදව් කරයි කියලා මම හිතනවා.අපි එක්ක එකතුවෙලා ඉන්න අයනම් Chrome Extension එකක් දාගන්න සරල වැඩේ දන්නවා කෝකටත් කියමුකො
මෙන්න මෙහෙමයි දාගන්නෙ
                     මුලින්ම මේ ලිපිය පහලින්ම තියෙන මෙතනින් Google Chrome වලට එක්කරගන්න කියන Button එක ඔබන්න එතකොට එන Screen එකේ දකුණු ඉහල කෙලවරේ තියෙන ADD TO CHROME කියන Button එක ඔබන්න. ඒක එබුවහම Screen එකේ ඉහල කෙලවරට සුපුරුදු F අකුරෙන් යුත් Facebook බොත්තමක් ඒවි.ඊට පස්සෙ පොඩි Window එකක An error has occurred කියලා එකක් ආවොත් එහෙම ඒකේ තියෙන RELOAD කියන බොත්තම ඔබන්න.දැන් වැඩේ හරි.
                                                           දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගෙ Facebook Account එකට Log වෙන්න.ඊට පස්සෙ ඕනෙනම් Facebook Log වෙලා ඉන්න Tab close කලත් කමක් නැහැ (හැබැයි Logout වුනොත් වැඩේ අවුල් වෙනවා)දැන් ඉතින් අපේ පාඩුවේ කස්ටියට වැඩක් කරගන්න පුළුවන්. කවුරු හරි අපිට Facebook එක හරහා මොකක් හෝ Massage එකක් එව්වොත් හරි Notification එකක් ආවොත් හරි ආපු ගමන්ම අපිට Google Chrome Window එකේ දකුණු අතපැත්තේ පහලින් පෙන්නනවා.අපි ඒ Notification වැඩක් නැත්නම් ඒකට මොකුත් නොකර තිබ්බහම ඒක නැතිවෙලා යනවා.අපිට ඒකගැන බලාගන්න ඕනෙනම් ඒ එන Notification එකේ  Click කලාම අළුත් Tab එකක් Open වෙලා අදාල සිද්ධිය වෙච්ච තැනට යනවා.
                                             ඔයාලා Computer එක දාලා කොහෙ හරි ගිය වෙලාවක හදිස්සියේවත් Notification එකක් හරි Massage එකක් හරි ආවොත් අපි කලින් දාගත්ත Facebook F Button එක ලඟ Notification ගානෙත් Massage ගානෙත් එකතුව පෙන්වනවා.ඒ Button එක එබුවහම පොඩි Drop down Menu එකක Notification පෙන්වනවා.ඒ Drop Down Menu එකේම ඉහල තියෙන Inbox  කියන එක තේරුවහම Massage ටික බලාගන්න පුළුවන්.
                             ඔයාලා මේ Chrome Extension එක Enable කරලා තියෙද්දී Facebook Account එකට Log වෙලා Chat කරන්න එහෙම වුනොතින්නම් ඔයාලට එපාවෙයි මොකද මේ හැම Massage එකක් ගානෙම පහලින් Box එකක් පෙන්වනවා.ඒක හින්දා Facebook Log වෙලා ඒක ඇතුලෙ මොනවා හරි වැඩක් කරනවානම් අර අපි මුලින්ම දාගත්ත Facebook F Button එක උඩ Right Click කරලා Disable තෝරලා Disable කරන්න අමතක කරන්න එපා.එතකොට කිසි කරදරයක් නැහැ.
 Facebook Notification Extension එක Disable කරගන්න                     
                       දැන් ආයිත් අපිට ඒ Facebook Notification Extension එක Enable කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේCustomize and control Google Chrome Button එක ඔබලා ඒ එන Drop Down Menu එකේ Tools වල Extension තෝරන එක.දැන් අළුත් Tab එකක Extension List එකක් පෙන්වයි ඒ List එකේ Facebook Notification කියන එක ලඟ තියෙනවා Enable කියලා Button එකක් ඒක Click කලාම ඔයාට Facebook Notification Extension එක ආයිත් Enable කරන්න පුළුවන්.
Facebook F Button එක  නැතිකරන්න          
                 ඔයාට හිතුනොත් Facebook F Button එක විතරක් නැතිකරන්න ඔයාට කරන්න තියෙන්නේ ඒ F Button එක උඩ Right Click කරලා Hide button කියන එක තෝරන්න.එතකොට F Button එක පේන්නේ නැතිවෙනවා.ඒත් පහලින් Notification හා Massage ඔක්කෝම පෙන්නනවා.ආයිත් F Button දාගන්නේ ඉස්සෙල්ල විදිහටම Customize and control Google Chrome Button>Tools>Extension ගිහින් ඒ පෙන්වන List එකේ Facebook Notification කියන එක ලඟ තියෙන Show button කියන එක ඔබලයි.
ඔන්න මම අයන්නේ ඉඳලම කියලයි තියෙන්නේ.


Tuesday, August 28, 2012

Screen Capture Google Chrome Extension ( කොපි කිරිල්ල )

Screen Capture Google Chrome Extension එක ගැන:-
               මම අද දෙන්නෙ මටත් ඕන වෙලා තිබ්බ වටින කියන Google Chrome Extension  එකක්.Screen Capture Google Chrome Extension එක Technology Blog ලියන කට්ටියට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා කියවලා බලන්නකො අද මම යන්නේ ඉඳලම දෙන්නයි හදන්නේ.
                 Screen එක Capture කරන Software නම් ඕන තරම් අපි දන්නවනේ.ඒත් ඒවයෙන් Screen එක Capture කරලා අපිට ඕන කරන දේවල් මකලා ඕන කරන ඒවා Type කරලා හදාගන්න වෙන Software එකක උදව්ගන්නම වෙනවා.මේ Chrome Extension එක දාගත්තහම වෙන වෙන ඒවයෙ උදව් ඕනෙ නැහැ.හරිම සරලයි මුලින්ම කරන්න තියෙන්නේ මේ Chrome Extension එක දාගන්න එක.ඒකට කරන්න තියෙන්නේ පහල තියන Button එක ඔබලා ඒ එන Screen එකේ දකුණු පැත්තෙ උඩින් තියෙන ADD TO CHROME කියන Button එක ඔබන එක  විතරයි.ඊට පස්සෙ එන පොඩි .Window එකේ Install Click කරන්න.
                                                                     එතකොට පට් පට් ගාලා අපිමේ කතාකරන Chrome Extension එකට අදාල Button එකක් Google Chrome  Window එකේ දකුනු පැත්තේ ඉහලට එකතුවෙනවා.දැන් පොඩ්ඩකට Google Chrome එක Close කරලා ආයිත් Open කරන්න.
                                                                   දැන් තියෙන්නේ ඔයාට Capture කරගන්න ඕන Screen එකට ගිහින්.අර කලින් අපි ඉහල කෙලවරට දාගත්ත Button එක Click කරලා මේ තියෙන ඒවයෙන් ඔයාගේ අවශ්‍යතාව මත කැමති දේවල් තේරීමයි.ඒ ටික මේ විදිහට ඔයාට පෙන්වයි.

ඒකෙන් Capture Page Region තේරුවහම ඔයාලට පුළුවන් Google Chrome Window එක ඇතුලෙතියෙන කොටසක් කපලා ගන්න. ඒකට තියෙන්නේ Capture Page Region Button එක Click කරලා ඒ එන Box එකේ අවශ්‍ය Size එක හදලා අවශ්‍ය තැනට ඒ කොටුව ගෙනිහිල්ලා එතන තියෙන OK Button එක Click කරන එක විතරයි .එතකොට අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Visible Content තේරුවහම ඔයාලට පුළුවන් Screen එකට අහුවෙලා තියෙන සම්පූර්ණ කොටසම Capture කරගන්න ( උඩින් තියෙන Tab, Address bar එහෙම නැතුව ).Capture Visible Content තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Whole Page තේරුවොත් මුලු පිටුවම Capture වෙලා ගොඩාක් උස Photo එකක් එනවා.Capture Whole Page තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Screen Region තේරුවොත් අපිට මුළු Screen එකේම තියෙන ඕනෑම දෙයක් කපලා ගන්න පුළුවන්.Google Chrome Window එක පොඩ්ඩක් පහලට කලොත් Desktop එක හෝ වෙනත් Window එකක් වුනත් Capture කරගන්න පුළුවන්.Capture Whole Page තේරුවහම Screen එක අඳුරු වෙලා යනවා ඊට පස්සේ අවශ්‍ය කරන තැන අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් ඇඳලා OK කරන්න අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Monday, August 27, 2012

YouTube to MP3 Plugin ( FLV වලින් MP3 වලට එකවර )

 YouTube to MP3 Plugin එක ගැන :-                                                                  
                              යාල දන්නවා ගොඩාක් වෙලාවට ගායකයින් Audio Track එකක් කරලා ටික කාලෙකට පස්සෙ තමයි ඕවට Video හදන්නෙ.ඒත් ඔය සින්දුවක් හොඳට හිට් වේගෙන එනකොට කට්ටිය පොඩි පොඩි Photo කෑලි ටිකක් දාලා Slideshow එකක් හදලා YouTube එකට දානවා.අපිට ඔය Photo කෑලි වලින් වැඩක් නෑනෙ ඒක හින්දා අපි ඔය Video Download කරලා ඊටපස්සෙ MP3 වලට Convert කරනවා.වැඩ ගොඩායි!!!.ඒ වැඩ අඩුකරන්න තමයි මේ Software එක තියෙන්නෙ.මේ Google Chrome Extension එක දැම්මහම ඔයාලට පුළුවන් ඔය අනංමනං Photo කෑලි වෙනුවට එක පාරම MP3 එක විතරක් Download කරගන්න.
                            මුලින්ම මේ Plugin එක Google Chrome වලට එකතු කරගන්න ඊට පස්සෙ ඔයාලාට Download කරන්න ඕන YouTube Video එකට ගිහින් එතන උඩ කොළ පාටින් තියෙන Convert to MP3 කියන Button එක ඔබන්න.ඒ Button එක එබුවහම අලුත් Tab එකක flv2mp3.com කියල Web Site එකකට යනවා.එතනදි තමයි Video එක MP3 එකක් ව්දිහට Convert වෙන්නෙ ඊට පස්සෙ එතන කොළපාට Download Button එකක් පෙන්නනවා ඒ Button එක ඔබලා ඔයාලට කෙලින්ම MP3 File එක Download කරගන්න පුළුවන්.
පහලින් ඇති Button එක හරහා ගොස් එම ලැබෙන නව Screen එකේ  ඉහල දකුණු කෙලවරේ ඇති ADD TO CHROME  බොත්තම ඔබා Google Chrome සඳහා එක් කරගන්න.

Sunday, August 26, 2012

ESPEN cricinfo Google Chrome Extension (ක්‍රිකට් උණට)

ESPEN cricinfo Google Chrome Extension එක ගැන :-
                                 අද මුලින්ම දෙන්න යන්නේ කාලයට  දේශයට ඔක්කෝටම ගැළපෙන නියම Google Chrome Extension එකක්.අපේ රට Cricket වලට නම් දරපු රටක් හින්දා ඔයාලටත් ඒ උණ තියෙනවා ඇති.මේ Google Chrome Extension  එක තියෙන්නේ අළුත් Cricket තොරතුරු දැනගන්න.මේ දවස්වල SLPL එහෙමත් යන හින්දා ඔන්න අපිට TV බලන්න බැරි වෙලාවක Match එකක් යනකොට Score එක බලන්න.දැන් TV එකම බලන්න ඕනෙ නැහැ.අපිට මේ Google Chrome Extension එක දාගත්තහම Google Chrome Window එකේ දකුණු ඉහල කෙලවරේ C අකුරක් පෙන්නනවා ඒ Button එක උඩ Click කලාම එතන පෙන්නනවා අළුත්ම Cricket Match වල  Score  එක.
                                                                        ඒ විතරක් නෙවෙයි Cricket ලෝකෙ අළුත්ම News එහෙමත් මෙතන පෙන්වනවා ඒවා උඩ Click කරලා ඒ ගැන වැඩිදුර විස්තර බලාගන්න පුළුවන්. හදිස්සියෙවත් කිසියම් Score එකේ වෙනසක් වෙලානම් C අකුර පැත්තෙන් වෙලා තියෙන සිදුවීම් ගණන 1,2, යනුවෙන් දැක්වෙනවා.ඔයාලට කවදාහරි මේ Google Chrome Extension ඇතියි කියලා හිතුනොත් ඔයාලට පුළුවන් C අකුර උඩ Right Click කරලා Uninstall තෝරලා Uninstall කරලා දාන්න.
                                                                      පහලින් ඇති Button එක හරහා ගොස් එම ලැබෙන නව Screen එකේ  ඉහල දකුණු කෙලවරේ ඇති ADD TO CHROME  බොත්තම ඔබා Google Chrome සඳහා එක් කරගන්න.

Saturday, August 25, 2012

Google Chrome Extension (සියල්ල එක් කරගන්න)




Google Chrome Extension දෙන්නයි හදන්නෙ  :-                                              
                                                                             Google Chrome Extension එකක් කියන එක ගැන නොදන්න කවුරු හරි හිටියොත් කියලා අපි පොඩ්ඩක් ඒ ගැනත් කියමුකො. Google Chrome Extension අපි යොදාගන්නේ එකවර කට අපිට විවිධ දේවල් සමග සම්බන්ධ වීමට හා සමහර දේවල් සඳහා උදව් ලබාගැනීමටයි. මේ ගැන විවිධ විදිවලින් අර්ථ දැක්වීම් දෙන්න පුළුවන්.සරලවම කිව්වොත් ඉතින් හරියට Mozilla Firefox Add-on වගේ.මම මේදවස් ටිකේ හිතුවා අළුත් Software එකක් ගැන වත් ඔලුවට ආවෙත් නැති හින්දා Google Chrome Extension ටිකක් ඔයාලට දෙන්න.


Thursday, August 23, 2012

Folder Lock 7.1.1 ( පුද්ගලිකයි රහසිගතයි )

Folder Lock 7.1.1 ගැන :-                           
                               මම මෙයිට කාලෙකට ඉස්සරත් මේ Software එක දීලා තිබ්බට මේපාර දෙන්නෙ මේ Software එකේ අළුත්ම Version එක.සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පුද්ගලික දේවල් තියෙනවා.සාමාන්‍යයෙන් ගොඩාක් Email Address,Password පාවිච්චි කරන අය ඒ Password Note pad එකක වගේ ලියලා තියාගන්නවා.ඒත් ඒවා කොහේ තිබ්බත් කාට හරි ඒවා Open කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයාලටම හිතිලා ඇති.


                                                                      අපි කොහේ ඉඳන් හරි මේ දේවල් ප්‍රවාහනය කරද්දි උදාහරණයක් හැටියට කිව්වොත් Pen Drive එකක වගේ දාලා ගෙනියනකොට ඒවා වෙන කෙනෙක් අතට පත් වුනොත් සෑම සියළු දෙයක්ම වෙනස් වෙන්නට ඉඩ තියෙනවා.
                                                                      එහෙත් ඔයාලට මේ අවදානම් වලින් මිදෙන්න එක අවස්ථාවක් තියෙනවා මේ මම කියන අළුත් Folder Lock 7.1.1 එකෙන් අපිට Pen Drive එකකින් CD එකකින් ඒකියපු අපේ පුද්ගලික දේවල් අස්ථාන ගත වීම තව දුරටත් අඩුකරගන්න පුළුවන්.
                                                                   රහස් කිව්වම විවිධ විදි වල රහස් තියෙනවා.ආදර සම්බන්ධතා වගේ දේවල් හා තවත්...ඔයාලට පුළුවන් ඒවා වෙන වෙනම Lockers හදලා ඒවා වෙන වෙනම  ගබඩා කරගන්න.තව අළුත් පහසුකමක් තමයි මේ හැම දෙයක්ම Hard Disk එකේ තියෙද්දි අපිට විවිධ අකරතැබ්බ වලට මුහුණපාන්නට සිද්ධවෙනවා උදාහරණයක් කිව්වොත්  අපිට Hard Disk එක Format කරන්න හෝ අළුත් Hard Disk එකක් දාගන්න වුනොත්?></.,:'!!# විනාසයි @%$#^&*.
                                                                 ඒකටත් මේ Software එකේ පොඩි පිලියමක් තියෙනවා අපිට පුළුවන් පොඩි Online Locker එකක් හදන්න.හදලා ඒකෙ අපි Lock කරපු ඒවයෙ Backupඑකක් තියන්න පුළුවන්.ඒ Online Locker එක හදලා Free මාසයක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඊට පස්සෙනම් ඉතින් Online Locke එක සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ.මේ වගේ එකක Account හොර password Username ඒවා දාන එකත් හරිම අවදානම් වැඩක්නෙ මොකද නිකමට හරි මේ හොර Account Blacklist වුනොත් අපේ සියළුම දේවල් වතුරෙනෙ.
         එක දෙයක් අමතක කරන්න එපා ඔයාලා Folder Lock Software පළවෙනි වතාවට දානකොට ඔයාලා විසින් දාන Password එකනම් අමතක කරගන්න එපා.

මේ Software එක Download කරලා ඉවර වෙලා ඒ Software එක Install කරපු තැනට මේ තියන Setup File එක ලඟ තියෙන Crack Folder එකේ තියෙන folder lock.exe  එක අරන් Copy කරලා Past කරන්න.

Tuesday, August 21, 2012

Get Jar (ජංගම දුරකථන උමතුව සඳහාමයි)

Get Jar ගැන :-
                              අදත් කියන්නේ තවත් Software Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ Computer වලට නෙමේ  Mobile Phone වලට.ඔයා ඔයාගෙ  Mobile Phone එක අරන් අවුරුද්දක්වත් වෙනවානම් ඔයා මේ Web Site එක ගැන අනිවාර්යයෙන්ම දන්නවා නොඅනුමානයි.ඔයාට මේ Web Site එක බලන්න Mobile Phone එකෙන් වගේම Computer එකෙනුත් යන්න පුළුවන්.මේ Web Site එක ලෝකයේ  Mobile Applications සඳහා වෙන්වූ අංක එකේ Web Site එකක් කිව්වොත් හරි.මේ Web Site එකේ දැනට 500000 ට ආසන්න Developersලා හා ඒ අයගෙන් නිකුත් වූ Application (Games,Softwares) 700000ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ වගේම ඒවා Download කිරීම් ලෝකය වටෙන්ම බිලියන ගනනින් දිනකට සිදුවෙනවා. 

අපි ඕනෑම Application එකක් Download කරද්දි මේ Software එකෙන් Set Your Device කියලා එකක් එනවා.ඒකේ ඔයාගේ Mobile Phone එකේ වර්ගය සඳහන් කරන්න ඕනෙ උදා:- Samsung/Sony Ericsson/ Nokia කියලා එහෙම ගැහුවහම  ඔයාට ඒ Application එක දාන්න පුළුවන් Phone වල රූප පහලින් පෙන්වයි එතනින් ඔයාගේ Mobile Phone එකට අදාල රූපය Select කරාම නිකන්ම Download වෙනවා.මේ විදිහට Computer එකෙන් Download කරලා ඔයාගේ Phone එකට දාලා Install කරගන්න හෝ Phone එකෙන්ම ගිහින් Download කර Install ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගත හැකියි.



Monday, August 20, 2012

File Hippo ( මෘදුකාංග කන්දක් )

File Hippo ගැන:-
                            ඔන්න මම මේපාර දෙන්නේ Software එකක් නම් නෙමේ කොටින්ම කිව්වොත් මේක Software තොගයක්,ඒකියන්නේ මම මේ දෙන්න යන්නේ ලංකාවේ අයට තාම හරියට අහුවෙච්ච නැති Software Site. එකක් ගැන.නම File Hippo ගිහින්ම බලන්න.මේකේ විශේෂයක් තියනවා මොකද මේ Site එකේ හැම Software එකම එක ගොඩේ නෙමෙයි තියෙන්නේ.එක එක ජාතියට වෙන්කරලයි තියෙන්නේ.ඔයාලට ඕනෙනම් පුළුවන් ඒ Software නම් වල Click කරලා ඒ Software ගැන විස්තරයක් බලාගන්න.තව විශේෂයක් වෙන්නේ ඔයාට ඕන Version එක හරියටම ඔයාට හොයාගන්නත් පුලුවන්.ඔය Motherboard, Sound Card , Chip set , VGA  වල Drivers එහෙමත් මේකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්


Sunday, August 19, 2012

...ඔබේ දැන්වීම් අපවෙත එවන්න...

                            
                                 ඔබේ දැන්වීම් අප වෙත එවන්න.ඔබගේ දැන්වීම 125 x 125 ප්‍රමාණයේ විය යුතු අතර එම දැන්වීම් හි අන්තර්ගතය ශීලාචාර විය යුතු අතර ඔබ පල කරන දැන්වීම ඔස්සේ ගමන්කරන පාඨකයින් අපහසුතාවට පත්වේනම් එම දැන්වීම් ඉවත් කරනු ලැබේ.

ඔබේ දැන්වීම පහත Email ලිපිනය හරහා අපවෙත එවන්න.

freesofthut(at)gmail(dot)com

Saturday, August 18, 2012

G mail Drive (හදිස්සියට ඉඩ පොඩ්ඩක්)

G mail Drive ගැන :-                                 ඔන්න අද දෙන්නේ පොඩ්ඩක් අසරණ වුන වෙලාවට පාවිච්චි කරන්න හොඳ Software එකක්.මේ Software පාවිච්චි කරන්න නම් සුදුසුකම් 2ක් සපුරාලිය යුතුමයි ඒවානම් ඔබට G mail ගිණුමක් තිබීම හා අන්තර්ජාල පහසුකම තිබීමයි.මේ Software එක දැම්මහම My Computer වල තවත් Hard Disk එකක් පෙන්වනවා අපි අපේ G mail Account එකට Log වුනාම අපිට පුළුවන් ඒ Hard Disk එක අපගේ සුපුරුදු Hard Disk එකක් ලෙස භාවිතාකරන්න පුළුවන්.
                                ඒත් මේක ලංකාව නිසා Internet හරිම Slowලු ඒක නිසා අපිට ඔය ලොකු ලොකු Size වල File එහාට මෙහාට දාන්න ලොකු වෙලාවක් බලන්ඉන්න වෙනවා.ඒත් අපිට Pen Drive එකක් නැතිවෙලාවක මේ Software එක ගොඩාක් වැදගත් මොකද? අපි Data අරන් යන්නේ Internet තියන Computer එකකින් තවත් Internet තියන Computer එකකටනම් අපිට පුළුවන් අපේ G mail Drive එකට අවශ්‍ය File දාලා වෙන කොහෙන් හරි G mail Drive තියන Computer එකකින් ආයෙත් ගන්න.සමහර අයට Download ,Upload වැඩිය අල්ලන්නේ නැති නිසා මේ ක්‍රමය හොඳයි.තවත් දෙයක් තියනවා.ඔයාලා Computer එකෙන් යනකොට ඒ G mail Drive එක උඩ Right Click කරලා Log Out වෙන්න.නැත්නම් පරිස්සමට තිබ්බ Files කවුරු හරි උස්සගෙන යන්න ඉඩ තියනව.

Friday, August 17, 2012

Google Desktop (කඩිමුඩියට විසඳුමක්)

Google Desktop ගැන:-
පළවෙනි පාරම අපි දෙන්න යන්නේ Google Product එකක් ගැන මේක ගොඩාක් අය දන්නදෙයක් වෙන්නත් පුළුවන්.මේක ගොඩාක වැදගත් වෙන්නේ Internet එකේ හරි හරියට වැඩකරන අයට.මේ Software එක දැම්මහම Desktop එකේ පැත්තකින් පොඩි තීරුවක් එනවා හරියටම කිව්වොත් Rocket Dock වගේ.ඒත් මේ Software එකේ විශේෂත්වය තියෙන්නේ මේ Sidebar එකට G talk,G mail ,Google Search වගේ දේවල් දාගන්න පුළුවන් වීමත් G mail එකේ අළුත් Email එකින් එක Title එකේ කොටසක් සමග පෙන්වීමයි.ඒත් මේ Software එක ගොඩක් දෙනා පාවිච්චි කරන Computer එකකටනම් හරියන්නේ නැතිබව ඔයාට දැන්මම වැටහිලා ඇති මොකද අපේ පුද්ගලික Email පවා වෙනකෙනෙකුගෙ අතට පත්වීමේ ඉඩ මේකෙන් ගොඩාක් වැඩිවෙනවා.( එහෙම වෙන්නේ ඔයාලා Log Out නොවුනොත් විතරයි )
තවත් මේකෙන් අපිට පුළුවන් ඔයාලාකැමතිම වෙබ් අඩවියේ අලුතෙන්ම වුනේ මොනවද?අළුතෙන් දැම්මෙ මොනවද? කියන එක විතරක්ම නෙවෙයි ඒ ලිපි එවෙලේම බලාගන්නත් පුළුවන්කමක් තියෙනවා(ඒත් Photos පෙන්නන්නේ නම් නැහැ ).
තව විශේෂයක් තියෙන්නේ ඕනෑම වෙලාව Ctrl Button එක දෙවරක් එබුවොත් ඔයාට පුළුවන් Google Search bar එකක් ඔයාගේ Desktop එකේම ලබාගන්න.මෙම පහසුකම ලබාගැනීමට Side bar එක දාන්නමඕනෙ කියලා එකක් නැහැ.Software එක Run වීම පමනක් ඒ සඳහා ප්‍රමාණවත් වෙනවා
තව එක දෙයක් ඔයාලට කියන්නම ඕනෙ මේ Ctrl Button එක දෙපාරක් ඔබලා ගන්නSearch bar එකේ අන්තිමට Search කරපු වචනය නැවත Ctrl Button එක දෙවරක් එබූ විට දැකගත හැකි බැවින් ඒවා ඉවත් කිරිම අපි විසින්මට Backspace හෝ Delete කර දැමිය යුතුයි.තව ඉතින් මේකේ (Side bar එකේ)තියන ඒවා කිව්වොතින් සාමාන්‍ය පරිදි Clock එක News , Photo Slideshow තමන්ගේ කැමැත්ත මත යොදාගත හැකියි

ස්තූතියි


ඔන්න අපි අවුරුදු දෙකකට කිට්ටු කාලයක්ම නිහඬව ඉඳලා ආයෙත් වැඩේට එකතුවුනා.එහෙනම් අපි අද ඉඳලා ආයෙත් ඔයාලට මෘදුකාංග දෙන්නයි හදන්නේ.පරන Download Link වැඩකරන්නේ නැතුව සමහරුන්ට කරදර සිද්ධ වෙන්න එහෙමත් ඇති සමහරු බැනලා එහෙමත් තිබ්බා ඒ Comment දාපු අයට අපිගැන හොයලා බලපු අයටත් ගොඩාක් ස්තූතියි.