Wednesday, August 29, 2012

Facebook Notification Extension ( කාලෙනොකන මඟ )

Facebook Notification Extension එක ගැන :-                                                 
                          අපි කවුරුත් වැඩක් ඇත්තෙම නැත්නම් Facebook එක පැත්තෙ යන්න අමතක කරන්නේ නැහැ.ඒත් සමහරු එහෙම නෙමෙයි මොන වැඩේ තිබ්බත් Facebook එකනම් අමතක කරන්නේ නැහැ.ඒ අපේ අයගේ විශේෂ පුරුද්දක් නොවන බව  alexa.com එහෙම බලද්දි කාට කාටත් තේරෙනවා.මොකද දැන් බොහෝ රට වල අංක එකේ රැඳිලා තිබ්බ Google පවා පරද්දලා Facebook අංක එකට ඇවිත් තියෙන්නේ පිලිලයක් විදිහට.මේ හේතුව නිසාම සමහර රටවල් Facebook තහනම් කරන්නත් අදිමදි කලේ නැහැ.එහෙම කිරීමට සාධාරණ හේතු තියෙනවා මොකද? බොහෝමයක් ආයතන වල සේවය කරන අය Facebook වලට ඇබ්බැහි වීමයි.ඒත් Facebook තහනම් කිරීම කාලෝචිත නැතිබව බොහෝ අයගේ අදහසයි.ඇයි Facebook සෑම විටම සතුටු සාමීචියට පමණක් නොව හොඳ වෙළඳ ප්‍රචාරක මාධ්‍යයක් වීම ඊට හේතුවයි.
                                                                 එහෙම ඇබ්බැහි වෙච්ච අයට පොඩ්ඩක් ඒකෙන් මිදෙන්න මේ  Chrome Extension එක සමහර විට උදව් කරයි කියලා මම හිතනවා.අපි එක්ක එකතුවෙලා ඉන්න අයනම් Chrome Extension එකක් දාගන්න සරල වැඩේ දන්නවා කෝකටත් කියමුකො
මෙන්න මෙහෙමයි දාගන්නෙ
                     මුලින්ම මේ ලිපිය පහලින්ම තියෙන මෙතනින් Google Chrome වලට එක්කරගන්න කියන Button එක ඔබන්න එතකොට එන Screen එකේ දකුණු ඉහල කෙලවරේ තියෙන ADD TO CHROME කියන Button එක ඔබන්න. ඒක එබුවහම Screen එකේ ඉහල කෙලවරට සුපුරුදු F අකුරෙන් යුත් Facebook බොත්තමක් ඒවි.ඊට පස්සෙ පොඩි Window එකක An error has occurred කියලා එකක් ආවොත් එහෙම ඒකේ තියෙන RELOAD කියන බොත්තම ඔබන්න.දැන් වැඩේ හරි.
                                                           දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගෙ Facebook Account එකට Log වෙන්න.ඊට පස්සෙ ඕනෙනම් Facebook Log වෙලා ඉන්න Tab close කලත් කමක් නැහැ (හැබැයි Logout වුනොත් වැඩේ අවුල් වෙනවා)දැන් ඉතින් අපේ පාඩුවේ කස්ටියට වැඩක් කරගන්න පුළුවන්. කවුරු හරි අපිට Facebook එක හරහා මොකක් හෝ Massage එකක් එව්වොත් හරි Notification එකක් ආවොත් හරි ආපු ගමන්ම අපිට Google Chrome Window එකේ දකුණු අතපැත්තේ පහලින් පෙන්නනවා.අපි ඒ Notification වැඩක් නැත්නම් ඒකට මොකුත් නොකර තිබ්බහම ඒක නැතිවෙලා යනවා.අපිට ඒකගැන බලාගන්න ඕනෙනම් ඒ එන Notification එකේ  Click කලාම අළුත් Tab එකක් Open වෙලා අදාල සිද්ධිය වෙච්ච තැනට යනවා.
                                             ඔයාලා Computer එක දාලා කොහෙ හරි ගිය වෙලාවක හදිස්සියේවත් Notification එකක් හරි Massage එකක් හරි ආවොත් අපි කලින් දාගත්ත Facebook F Button එක ලඟ Notification ගානෙත් Massage ගානෙත් එකතුව පෙන්වනවා.ඒ Button එක එබුවහම පොඩි Drop down Menu එකක Notification පෙන්වනවා.ඒ Drop Down Menu එකේම ඉහල තියෙන Inbox  කියන එක තේරුවහම Massage ටික බලාගන්න පුළුවන්.
                             ඔයාලා මේ Chrome Extension එක Enable කරලා තියෙද්දී Facebook Account එකට Log වෙලා Chat කරන්න එහෙම වුනොතින්නම් ඔයාලට එපාවෙයි මොකද මේ හැම Massage එකක් ගානෙම පහලින් Box එකක් පෙන්වනවා.ඒක හින්දා Facebook Log වෙලා ඒක ඇතුලෙ මොනවා හරි වැඩක් කරනවානම් අර අපි මුලින්ම දාගත්ත Facebook F Button එක උඩ Right Click කරලා Disable තෝරලා Disable කරන්න අමතක කරන්න එපා.එතකොට කිසි කරදරයක් නැහැ.
 Facebook Notification Extension එක Disable කරගන්න                     
                       දැන් ආයිත් අපිට ඒ Facebook Notification Extension එක Enable කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේCustomize and control Google Chrome Button එක ඔබලා ඒ එන Drop Down Menu එකේ Tools වල Extension තෝරන එක.දැන් අළුත් Tab එකක Extension List එකක් පෙන්වයි ඒ List එකේ Facebook Notification කියන එක ලඟ තියෙනවා Enable කියලා Button එකක් ඒක Click කලාම ඔයාට Facebook Notification Extension එක ආයිත් Enable කරන්න පුළුවන්.
Facebook F Button එක  නැතිකරන්න          
                 ඔයාට හිතුනොත් Facebook F Button එක විතරක් නැතිකරන්න ඔයාට කරන්න තියෙන්නේ ඒ F Button එක උඩ Right Click කරලා Hide button කියන එක තෝරන්න.එතකොට F Button එක පේන්නේ නැතිවෙනවා.ඒත් පහලින් Notification හා Massage ඔක්කෝම පෙන්නනවා.ආයිත් F Button දාගන්නේ ඉස්සෙල්ල විදිහටම Customize and control Google Chrome Button>Tools>Extension ගිහින් ඒ පෙන්වන List එකේ Facebook Notification කියන එක ලඟ තියෙන Show button කියන එක ඔබලයි.
ඔන්න මම අයන්නේ ඉඳලම කියලයි තියෙන්නේ.