Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Saturday, October 30, 2010

Facebook එකේ ඔක්කෝටම Invite කරන්න.

Facebook එකේ ඔක්කෝටම Invite කරන හැටි 
                                    මම අද ඔයාලට දෙන්නේ ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Google Chrome Extension එකක්.මේක ගොඩාක් වටින්නේ මුහුණු පොතේ යාළුවන්ට.මේක දාගත්තහම ඔයාට පුළුවන් Facebook Fan page, Group වලට ඔයාගේ යාළුවො ඔක්කෝටම එකපාරට Invite කරන්න.මේක දාගෙන Invite කරන්නේ මෙහෙමයි, මුලින්ම මේ Extension එක දාගන්න.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාට Invite කරන්න ඕන Fan Page එකට හෝ Group එකට.ඊට පස්සේ Invite People to Join හෝ Suggest To Friends යන්න.දැන් ඔයාට ඔයාගේ යාළුවන්ගේ Profile Pictures පොඩි කොටුවල තියෙන පොඩි Window එකක් පෙනෙයි ඒකේ උඩින් ඔයාට අළුත් Button එකක් පෙනෙන්න ගනී.ඒ තමයි Toggle All කියන එක.ඒක Click කලාම ඔයාට පෙනෙයි ඔයාගේ ඔක්කෝම යාළුවො Select වෙලා ඉන්නවා.දැන් ඉතින් තියෙන්නේ Invite Button එක ඔබන්න.මම කලින් දුන්න අර Java Code එක ඔයාලට මතක ඇති.ඒක වලංගු වෙන්නේ Fan Page වලට විතරයි ඒත් මේකනම් එහෙම නැ.Group වලටත් හොඳටම වැඩ.හැබැයි මේක Chrome Extension එකක් ඒක හින්දා ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් Chrome වලින් Facebook ගිහින් විතරඉ කියලා අමතක කරන්න එපා.

Monday, October 25, 2010

සිංහල Type කිරීමේ වේගය තවත් වැඩිවෙයි



සුද්ද සිංහල Add-One එක ගැන:-
                                                        මම අද දෙන්නේඔයාලට ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On එකක්.මේක ගොඩාක්ම වටින්නේ සිංහල ලියන අයට.මොකද මේ Add-On එක දාගත්තගහම ඉංග්‍රීසි වෙනමයි සිංහල වෙනමයි Type කරන්න ඕනේ නැ.මොකද මේක දාගත්තාම ඒ ඔක්කෝම එක දිගටම Type කරගෙන යන්න පුළුවන්.ඉංග්‍රීසි Type කරනකොට කරන්න ඕනේ​ F8 ඔබන එක සිංහල Type කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ F12 ඔබන එක.ඒවිතරක් නෙමෙයි ඕනෙනම් මේකේ විජයසේකර Key Board එක වුනත් ගන්න පුලළුවන්.ඒකට ජකරන්න තියෙන්නේ F9 ඔබන එක.ඔයාලා Type කරකර ඉන්නේ සිංglish වලින්ද නැත්නම් විජයසේකට Key Board එකෙන්ද කියන එක දකුණු පැත්තේ පහලින් පෙන්වනවා.සි අකුරනම් ඔයා Type කරන්නේ සිංglish, EN වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ ඉංග්‍රීසියෙන්,වි අකුර වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ විජයසේකර Key Board එකෙන්.ඔයාලත් මේක දාගෙන ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න.

Saturday, October 23, 2010

Internet එකේ වෙලාව කන තරම බලන්න

                                     මම අද දෙන්නේ ගොඩාක් ඔය Internet එකේ එහෙම ඇලිලා ඉන්න අයට හොඳ Software එකක් Software එකක් කිව්වට මේක Firefox Add-on  එකක්.මේකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලා Internet එකේ දවසකට ඉන්නවද කියලා බලාගන්න.මේක දාගත්තාම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඔයා Firefox එකෙන් Internet Brows කරන්න Set  වුනාම පොඩියට Window එකේ දකුණු පැත්තේ පහල වෙලාව යනවා.ඔයා Internet යන යන වාරයක් පාසා ඒ වෙලාව වැඩි වෙනවා.මේක දාගෙන බලන්න එතකොට ඔයාටම තේරෙයි වටින කාලය කොච්චර ඔයා නිකරුනේ ගතකරනවද කියලා.ඕනෙනම් ඔයාලට පුළුවන් සමහර Site වලට ගියාම වෙලාව යන්නෙ නැති විදිහට හදන්නත් ඒක හින්දා මේක Office වලටත් හොඳයි : D :p  Office එකේ ඉන්න එවුන් වෙන වෙන ඒවැ කැරකෙනවද කියලා බලන්න.:D :D ඔයාලත් දාගෙන බලන්න.

Friday, October 22, 2010

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන්න

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන හැටි :-
                            මම අද දෙන්නේ අපේ Facebook එකේ ඉන්න යාළුවන්ට හොඳ දෙයක්. මේ Java Script එක යොදාගෙන ඔයාලට පුළුවන් Facebook එකේ ඔයාලගේ යාළුවන්ට Fan Page වලට Invite කරන්න. Invite කරනවා කිව්වේ එක එක නෙමෙයි ඔක්කොටම එකපාර. මේක මෙයිට කාලෙකට කලින් හොඳටම වැඩ කරා ඒත් මේක ටික දවසකට ඉස්සර වැඩ කලේ නෑ.දැන් ඔන්න ආයිත් වැඩ.ඉස්සරනම් Group වලටත් Invite කරන්න පුළුවන් ඒත් දැන් පුළුවන් Fan Page වලට විතරයි.මම Freesofthut පටන්ගත්ත දවස්වල Freesofthut Group එකට ඔයාලට Invite කලෙත් ඔහොමම තමයි.නැත්නම් ඉතින් එක එක කොටන්න එපැ :D

මෙන්න ඒ Java Script එක.


javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}

මේ Java Script එක මුලින්ම Copy කරගන්න.
දැන් ඔයාගේ Fan Page එකට යන්න දැන් ඒකේ Suggest To Friends කියන එකට යන්න.
දැන් ඔයාට ඔයාගේ යාළුවෝටික ඉන්න Box එකක් පෙනෙයි.
දැන් ඔයාගේ Web Browser එකේ Address Bar එකේ තියෙන Fan Page එකේ URL එක මකලා මේ Java Script. එක Paste කරන්න.
දැන් Enter Press කරන්න ඔන්න Load වෙලා ඔක්කොම යාළුවෝ ටික Select වෙනවා.
එහෙනම් ඔන්න ජය වේවා