Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Open Source. Show all posts
Showing posts with label Open Source. Show all posts

Sunday, August 11, 2013

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි


මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා  32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details  ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි" ලිපිය කියවීම සඳහා

Monday, July 29, 2013

Bootable Pen Drive එකක් හදාගන්න හැටි


අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Bootable Pen Drive එකක් හදාගන්න හැටි" ලිපිය කියවීම සඳහා

Friday, July 5, 2013

FOSS අත්හදා බැලුවද?


අන්තර්ජාලයේ සැරිසරන ඔබට FOSS කියන වචනය අමුත්තක් නොවෙන්න පුළුවන්.නමුත් ඇත්තටම මේ වචනයේ තේරුම ගැන ඔබ දන්නවද? ඇත්තටම මේ වචනේ තේරුම මොකක්ද? බොහෝමයක් දෙනා FOSS කියපු ගමන්
“ආ ඔය කියන්නේ Open Source සොෆ්ට්වෙයාර් ගැනනේ”
කියලා කියනවා ඔබට ඇහෙන්න ඇති.සමහරවිට ඔබත් ඒ පුරුද්දට මේ යෙදුම භාවිතා කරන්න ඇති.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"FOSS අත්හදා බැලුවද? " ලිපිය කියවීම සඳහා


Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Wednesday, January 23, 2013

Linux Mint ( දැන් මින්ට් රසයෙන් )

                               මම අද වෙනසකටත් එක්ක Operating System එකක් ගැන කියන්නයි හදන්නේ.මේක Open Source Operating System එකක් කොටින්ම කිව්වොත් Linux වල තවත් එක ප්‍රබේදයක්. Linux කිව්වගමන් අපේ අයට කියවෙන්නෙ අපෝයි කියන එක.ඒක ගොඩාක් අයට එහෙම තමයි, මොකද බොහෝමයක් අය Windows, Mac OSවලට පුරුදුවෙලා නිසා හින්දයි එහෙම වෙන්නෙ.මේ අද කියන Operating System(OS) එක ඒවගේ අයට පොඩ්ඩක් හොඳයි මොකද මේ OS එක ගොඩාක් දුරට Windows වලට සහ Mac OS වලට සමාන කම් දැක්වීමයි.මේ අය Debian , Ubuntu කියන Software 2ම පාදක කරගෙන තවත් වැඩිදියුණු කරලා පාවිච්චි කරන අයට තවත් ලේසි වෙන විදිහට මේ Operating System එක හදලා තියෙනවා.
Ubuntu  වගේ OS එකක් දැම්ම ගමන් අපේ අයට මුලින්ම එපාවෙන්නේ Close Button එක තියෙන තැන හොයාගන්න වීමෙන්.ඒ ප්‍රශ්ණයනම් මේ OS එකේ නැහැ.
Security සම්බන්දව :
                        හැම Linux OS එකකම වගේ Virus වලින් තියෙන කරදරය 99%ක්ම වගේ අඩුයි(Windows
වලට සාපේක්ෂව).
Web Browser සම්බන්දව :
                      පුරුදු විදිහටම Web Browser එක විදිහට තියෙන්නේ Fire Fox .
Multimedia සම්බන්දව :
                      Ubuntu වල වගේ නෙවෙයි මේකෙ VLC Install කරලම තියෙනවා. තව කිව්වොත් Ubuntu වලට වඩා ඔයාලට මේකෙදි වෙනස් කරගන්න Themes ගොඩාක් තියෙනවා.මේ OS එක හදද්දි  එයාලා වැඩියෙන්ම බලලාතියෙන්නේ Multimedia වලට තියෙන Support එක වැඩි කරන්න.ඔයාට මේ Icon එහෙම ලොකු වැඩියි වගේනම් අදාල Icon එක උඩ Right Click කරලා Resize Icon... ගිහින් Paint වල වගේ Icon Size එක අඩුකරගන්න පුළුවන්.
Unicode  සම්බන්දව :
                       තව හොඳක් තියෙන්නේ Sinhala Unicode වෙනම Install කරන්න ඕනෙනැතිවීම .මොකද මෙයා උපතින්ම Sinhala Unicode අරගෙනයි එන්නේ
ගොඩාක් අයට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ගොඩක් Software Install කරද්දි Terminal  එකේ Type කරන්න ඕන වීම.ගොඩාක් අයට ඒකත් Open Source Operating System වලින් ඈත්වෙන්න හේතුවක්වෙන්න ඇති.ඒකනම් සාමාන්‍ය පරිඝනක පාවිච්චිකරන අයට නම් මහ හිසරදයක් තමයි.තව කියනවානම් බොහෝ දුරට Photoshop වගේ Software එකක් පුරුදු වෙච්ච කෙනෙකුට Gimp වගේ Software එකකින් වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි ඒත් Gimp පුරුදු වෙච්ච කෙනෙකුට ඒකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් ( Photoshop තරම්ම නම් පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ ) .
                         සාමාන්‍යයෙන් Programming වගේ කරන අයටනම් Open Source OS ගොඩාක් හොඳයි.අන්තර්ජාලය පාවිච්චිකරන්න සහ Film බලන්න විතරක් Computer එක පාවිච්චි කරන අයටත් මේ Operating System ඒක ගොඩාක් හොඳයි.
ඔයාලත් පාවිච්චි කරලා බලනවානම් මම පහලින් දීලාතියෙන Link එක හරහා ගිහින් Down කරගන්න වැඩිම වුනොත් 900MB විතර වෙයි.ඊට පස්සේ DVD එකකට හරි Pen එකකට හරි දාගෙන Install කරගන්න.නැත්නම් CD/Pen එකෙන්ම Install කරන්නෙ නැතුවම Load කරලා බලන්නත් පුළුවන්.ඔයාලත් Test කරලා බලන්න.

Wednesday, September 8, 2010

Carbos ( Torrent වගේ )


Carbos ගැන :-
                                             මම අද දෙන්නේ  තවත් වෙනස් විදිහේ Software එකක්.මේක හරියටම කියනවානම් Ares වගේ.සිංදුවක්,පිංතූරයක්,Film එකක් Download කරගන්න නම් නියමයි. Search කරපු ගමන් File List එක එනවා.මුලින්ම තියෙන්නේ Software එක Open කලාම එන Window එකේ File එකේ නම ගහලා Enter කරන්න.ඊට පස්සේ ඒ ඔයාලා Search කරපු නම පහලින් වැටෙනවා.ඒක උඩ Click කරලා ඉහල දකුණු පැත්තේ කෙලවරේ තියෙන Filter කියන එක උඩ Click කරන්න. දැන් ඔයාලා Download කරන්නේ මොන වර්ගයේ File එකක්ද යන්න තෝරන්න පුළුවන්. Film එකක්ද,Picture එකක්ද , Music File එකක්ද කියන විදිහට.ඊට පසේ ඔයාට ඕන File එකේ Size එක දාන්න ඕනේ මේකේ උපරිම දාන්න පුළුවන් 100MB වුනාට 100MB දාලා Search කලාම එයිට වඩා ලොකු File වුනත් එනවා. Source එකත් උපරිම කරලා Search කරන්න. එතකොට වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් ඔයාලට ලැබෙයි.ඊට පස්සේ List එකෙන් ඔයාට ඕන File එක උඩ Double Click කරන්න.ඊට පස්සේ ඔයා Download වෙන්න දාපු ඒවා ඔයාට බලාගන්න ඕන වුනොත් පහල වම් කෙලවරේ Downloads වලට ගිහින් බලාගන්න පුළුවන්.ඔයාලත් බාගෙන බලන්න.මේක Torrent ගැන තේරෙන්නේ නැති අයටත් හොඳයි .
Windows 2000 ඉඳලා ආපු හැම Windows Operating System එකකටම නියමෙට වැඩ


Share කරලා සහයෝගය දක්වනවානම් ඔබට ස්තූතියි




Tuesday, September 7, 2010

Hand Brake ( හෑන්ඩ් බේක්!!!!!! )

Hand Brake ගැන :-            
          
                   මම අද දෙන්නේ ව්වෘත කේත මෘදුකාංගයක් (Open Source Software) මේක තියෙන්නේ DVD Rip කරන්න.මේක Windows , Mac OS , Ubuntu , Fedora වගේ ඕනෑම වර්ගයේ Operating System එකකට හරියනවා.ඔයා මොකක් හරි DVD File එකක් මේ Software එකෙන් Convert කලොත් ඔයාට  File ලබාගන්න පුළුවන් වෙන්නේ MP4  සහ MKV කියන File Format වලින්. Video එක ලබාගන්න පුළුවන් වෙන්නේ MPEG-4,Theora (MPEG-4/DiVX වලට සමාන වර්ගයකි)කියන විදිවලින්. Audio එක හම්බුවෙන්නේ AAC , MP3..වගේ ජාතිවලින්.තවත් එක දෙයක් තමයි මේකෙන් DVD Rip කරා කියලා Subtitles වැඩ නොකර තියෙන්නෙත් නෑ.හොඳ Quality එකකුත් තියෙනවා.Windows වලට Install කරනවානම් .NET Framework තියෙන්න ඕනේ.



Saturday, August 21, 2010

Pidgin (වෙනසක් සමග Chat එකට Set වෙන්න)

Pidgin ගැන :-
අදමම දෙන්නේ තව නියම Software එකක්.මේකත් Open Source Software එකක්.මේක පාවිච්චිකරන්නේ Chat කරන්න.ඒකිව්වේ එක Network එකකින් විතරක් නෙවෙයි Account ගොඩකින් Log න්නපුළුවන්.ඒවාතමයි AIM, GoogleTalk , IRC MySpace IM,SIMPLE,Yahoo!, Bonjour,Groupwise,MSN,QQ, Sametime,Zephyr,Gadu-Gadu,ICQ,MXit,SILC,XMPP කියන ඒවා.

ඔයාලට මේක දාගත්තාම ඔය Software දෙක තුනක් දාන්න යන ඉඩ ඔක්කොම ඉතුරුවෙනවා.අනික ඔය Yahoo! G talk එකේ තියේන Smiles එහෙමත් ඔක්කෝම තියෙනවා.මේක මෙච්චර ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙන්න එත්තේ මේක භාෂා 20කින් විතර තියෙනවා.අනික මේ Software එක Windows වලට Fedora වලට Ubuntu වලට Mac OS කියන හැම එකකටම හරියන විදිහටම ඔයාලට Download කරගන්න පුළුවන්.ඔය භාෂටික අස්සේ අපේ මේ සිංහල භාෂාවයි දෙමළ භෂාවයි තියෙනවා.මේ නිකන්දෙන open Source Software වල වටිනාකම දැන්නම් අපිටත් පොඩ්ඩ පොඩ්ඩ තේරුම්ගන්න පුළුවන්.ඔයාලත් බාගෙන Chat එකට සෙට් වෙන්න.

ඔයාලත් පුළුවන්නම් මේ ලිපිය Facebook එකේ Twitter එකේ Share කරලා අපිට සහයෝගයක් දක්වන්න


ඔයාලට මේ Software එක Install කලාම ලැබෙන්නෙ පහලින් තියෙනවා වගේ Window එකක් 
තමයි.



Friday, August 20, 2010

Miro (කාට කාටත් ගැලපෙනවා)

Miro ගැන :-

                                    අදමම දෙන්න යන්නේ හොඳ Open Source HD (Hight Definition) Video Player එකක්.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් ගොඩයි.මේකෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් මම ඔයාලට දැන් කියන්නම්.ඔයාලට Online HD Videos හරි ඉක්මනට බලන්න පුළුවන්.තව ඔයාට මේ Software එක දාගත්තාම ඕනෑම වර්ගයේ Video File එකක් බලන්නත් පුළුවන්.තව විශේෂ දෙයක් තියෙනවා ඔයාලට මේ Software එක දාගත්තාම You Tube Video වුනත් Download කරන්න පුළුවන්.අනික මේකෙන් You Tube Video Download වෙන්න එච්චර වෙලාව යන්නේත් නෑ.Quality එකත් සුපිරි.
                                             තව එකක් තියෙනවා අපි හිතමු ඔයා කැමති මොකක් හරි TV Program එකක් තියෙනවා කියලා අපිට පුළුවන්.අළුත් කොටසක් ඒකට එකතුවෙච්ච ගමන් ඒක බලන්න.අපිට TV Channel 6000කටත් වඩාමේකෙන් බලන්න පුළුවන්.අනික එක ජාතියක් කියලා නෑ.ඕනෙනම් Online  Movies , Cartoon , News  , TV ඕන එකක් බලන්න පුළුවන්.ඔයාට තියෙන්නේ මෙයාලගේ Web Site එකට ගිහින් ඔයාලගේ කැමතිම Program එකේ නම ගහලා Search කරලා ඒක හොයාගන්න එක.නැත්නම් හොඳ ජනප්‍රිය Program එකක් බලලා Add to Sidebar කරන්න විතරයි.එතකොට ඔයාට හැමදාම ඒ Program එකේ අළුත් කොටස් බලන්න පුළුවන්Quality එකත් ගොඩාක් හොඳයි.මේක Windows , Ubuntu ,Mac OS ඕන එකකට හරියන හින්දා.ඔයාලත් බාගෙන බලන්න.


Wednesday, August 11, 2010

Stellarium ( අහසේ තරු ගනින්න වෙයිද ? )

Stellarium ගැන :-
අද මම දෙන්නේ මම මෙච්චර කාලයකට ලියපු Software වලට වඩා හාත්පසින්ම වෙනස් Software එකක්.මේ Software එකත් මේ දවස් ටිකේම දුන්නා වගේම Open Source Software එකක්.Stellarium Software එක ඉස්සර ඉඳලා තිබුනට මේSoftware එක සිංහලට පරිවර්තනය කරලා ආවේ ලඟදී.මුලදීම සිංහල Font සම්බන්ධ පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් එහෙම අවුල් නෑ.මේක හදන්න මුළපුරලා තියෙන්නේ මධුෂ දැඩිගමුව,දිලීප රාජපක්ෂ,අනුරාධ ජයතිලක,සමීර මධුශංක කියන අය. ඒමම කිව්වේ මේSoftware එක සිංහලට පරිවර්තනය වෙච්ච හැටිනේ.
මේ Software එක ගැන කිව්වොත් මේ Software එක තියෙන්නේ අහස නිරීක්ෂනය කරන්න.අපි නිකන්ම අහස බලනවා වගේ අහස බලන්න පුළුවන්.ඔක්කෝම දේවල් සිංහලෙන්ම පෙන්නනවා.අපිට මේ Software එක ඔස්සේ අහසේ සිදුවන අළුත් විශේෂ දේවල් දැනගන්න පුළුවන්.මේ Software එක Windows, MAC OS , Linux කියන හැම එකටම වැඩ කරනවා.ඔයාලත් ආකාෂ නිරික්ෂනයට කැමති එක්කෙනෙක්නම් මේ Software එක Download කරගන්න.

ඔයාලට සිංහල හෝ ඉංග්‍රීසි නැත්නම් වෙනත් භාෂාවකින් වුනත් මේ Software එකේ වැඩ කරන්න පුළුවන්.හදිස්සියේවත් ඔයාගේ Computer එකේ සිංහල Fonts හරියට පෙන්නුවෙ නැත්නම්Start > Program Files > Stellarium > Stellarium (no OpenGL2) කියන එක තෝරලා Software එක Open කරන්න







සියළුම ඡායාරූප උපුටාගැනීම skylk.com මගිනි

මෙම මෘදුකාංගය පිළිබඳ දැන්වීම සම්බන්ධයෙන්
විශේෂ ස්තූතිය දිලීප රාජපක්ෂට




Tuesday, August 10, 2010

Gimp ( පිංතූර කඩේ වගේමයි !! )

Gimp ගැන :-
අද මම දෙන්නේ ඔයාලා හොඳට දන්න Software එකක් වගේම වෙන Software එකක්. මේක Open Source Software එකක් ඒ වුනාට මේ Software එක හදලා තියෙන්නේ හැමෝම දන්න Photoshop Software එක වගේමයි.ඒක හින්දා ඔයාලට මේ Software එක ගැන ආයිත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ නේ.Photoshop වලතියෙන ගොඩාක් Tools එහෙම ඒ සලකුනුවලින්ම මේකේ තියෙනවා.Layers , Filters එහෙමත් තියෙනවා.
ඔයාලා Photoshop Software එක Internet එකෙන් Download කලත් ඔයාලට Hard Disk එකේ ලොකූ ඉඩක් යනවා ඒත් මේකට නම් යන්නේ හරිම පොඩි ඉඩ ප්‍රමාණයක්. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් Original Photoshop CD එකක් කීයද කියලා.අඩුමගානේ රුපියල් 50000ක්වත් වෙයි.ඒ වගේ ලොකුවත්කමක් සාමන්‍ය කෙනෙකුටනම් දරන්න කොහොමටවත්ම බෑ.ඒවුනාට මේ Software එකනම් ඔයාලට දෙන්නේ 100% නොමිලේ.මේ විදිහට ගියොත් නම් Photoshop වලට මොනවා වෙයිද දන්නේ නෑ.තව ටික කාලෙකින් Photoshop හොයාගන්නත් නැති වෙයිද දන්නේ නෑ
ඇත්තටම ඉතින් මේක Photoshop වලට පහර දීමක් කිව්වට වැරදිත් නෑ නේද?:0:):0:

Saturday, July 31, 2010

UbuDSL ( වෙනස් වෙන්න පටන්ගන්න )

 UbuDSL  ගැන :-                              
                                කාලයකින් වටින Software එකක් දෙන්න බැරිවීම ගැන කණගාටුව ප්‍රකාශකරනවා මුලින්ම.ඔන්න ඒවටත් හරියන්න තවත් වටින Software එකක් මම අද දෙනවා.ඒක තමයි UbuDSL කියන්නේ.ඔයාලා Ubuntu පාවිච්චි කරලා තියෙනවාද?පාවිච්චි කරලා නැත්නම් මේක ගැන ඔයාලා හිතලාවත් නැතුව ඇති.ඔයාලත් SLT පරිබෝගිකයෙක්ද?එහෙනම් ඔයාලා ලඟත් ඇති නේද ZXDSL 852 Modem එකක්.ඔයාලා Ubuntu දාලා ඔය Modem එකෙන් Internet යන්න බැලුවාද?ඔයාලගේ ZXDSL 852 Modem එක  Ubuntu වලින් Detect කරන්නේ නෑ නේද?ඒකට තමයි මේක තියෙන්නේ මේක Install කලාම ඔයාගේ ඔය Modem එකෙන් Internet යන්න පුළුවන්. පොඩි Form එකක් පුරවන්න විතරයි තියෙන්නේ.ඒක හරිම සරල වැඩක්.ඔයාලත් Ubuntu පාවිච්චි කරනවනම් මේකත් ඔයාලට ඕනවෙයි.Firefox වල සැබෑම වේගය කොහොමද කියලත් ඔයාත් තේරුම්ගන්න පුළුවන් Ubuntu වලින් Internet ගියොත්.

Saturday, July 3, 2010

Mozilla Fire Fox ( ගිනි නරියා )

Mozilla Firefox ගැන :- 
                                      මේක නම් අළුත් දෙයක් නෙමෙයි. Firefox කිව්වම හැමෝම දන්නWeb Browser එකනේ. කාලෙකට කලින් ලෝකෙම වෙනස් කරපු Web Browser එකක් තමයි.ඉස්සර අමාරුවෙන් Internet පාවිච්චි කරපු අයට අලුත් පණක් දුන්න Software එකක් හැටියට Mozilla Firefox හඳුන්වන්න පුළුවන්.ඉස්සර තිබ්බ Internet Explorer ඒකාධීපති Web Browsing පාලනය මුළුමනින්ම වාගේ නැතිකරන්න මේකට හැකි වුනා.මේක ජනප්‍රිය වෙන්න හේතු ගොඩාක් තිබ්බා.මේ කාලේ තමයි ලෝකෙම අය Microsoft Windows වලින් දුරස් වෙලා වෙන Operating System වලට යන්න පටන්ගත්තේ එතකොට Linux/Ubuntu වලට ආපු Web Browser එක තමයි මේක.ඒවගේම Microsoft Windows පාවිච්චි කරන අය මේ Web Browser එක පාවිච්චි කරන්න පෙලඹුනේ Add-on පහසුකම Bookmark පහසුකම වගේ ඒවා හින්දයි.
                                                                            කාලෙන් කාලෙට Web Browser දියුණුවුනා අළුත් Web Browser හැදුනා.ඒත් මේ Firefox හෙල්ලුනේවත් නෑ.ඒ මොකද මේකත් ඒ අනිත් Web Browser  වගේම අළුත් වුණා.අළුත් දේවල් එකතු වුණා Themes වගේ දේවල් වගේම අනිත් ඒවාට වඩා හොඳ වේගයක් Mozilla Firefox ලබාදුන්නා.දැන් ගිනි නරියා ගිහින් අළුත් එකක් එන්නත් හදනවා කියලා කියනවා.දැන් ගිනි නරියා Mobile Phone වලටත් තියෙනවා Firefox වල හොඳ Security එකකුත් තියෙන හිංදා අපිත් තාම Firefox පාවිච්චි කරනවා.

Thursday, July 1, 2010

PhotoScape ( පිංතූර කඩේට පහරදීම )

  PhotoScape ගැන :-            
                                                     අද දෙන්න යන්නේ තවත් Photo Edit කරන Software එකක්.නමින් PhotoScape කියලා තමයි කියන්නේ මේදවස් වල ගොඩාක් අය Download කරන Software එකක් තමයි .අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා.මේ Software එක ලෝකේ වටේම ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙලාතියෙන්නේ මේ Software එක Free දෙන හින්දා හා මේ Software එක භාෂා ගොඩකින් තියෙන හින්දා.මේ Software එකෙන් Photo එකක් Edit කරන එක හරිම ලේසීයි.
                                                                   මේකෙන් ගොඩාක් Advance විදිහට Photo එකක් Edit කරන්න බැරි වුනාට.හොඳට Edit කරන්න පුළුවන්.Photo එකට Cartoon කෑලි දාන්න Size එක වෙනස් කරගන්න. වගේම විශේෂත්වයක් තමයි GIF Animated                  
 Photo Edit කරන්න වගේම හදන්නත් පුළුවන්මේ Software එකෙන් Photoshop වලින් කරන වැඩ තත්පරෙන් දෙකෙන් කරන්න .ඒක හින්දා මේ PhotoScape නම් Bloggers ලාට, Facebook පාවිච්චිකරන අයට නියම Software එකක්

Monday, June 14, 2010

Ubuntu ( නව යුගයක් )

Ubuntu ගැන :-                               
                              අද මේ ලිපිය ලියන්නේ ප්‍රේක්ෂකයකුගේ ඉල්ලීම මත.දැන් කලේ හැමෝම Windows වලින් ඈත්වෙමින් පවතින නිසා.ඒකට හේතුවෙන දෙයක් ගැනයි අද කියන්නෙ.
                                   මේකාලෙ ගොඩක් අය Windows වලින් අයින් වෙලා Ubuntu,Linux, Red Hat වගේ System Software පාවිච්චිකරන්න පටන් අරන් තියෙනවා.මේකට හේතු ගොඩක් තියෙනවා.සාමාන්‍යයෙන් Windows CDඑකක මිල සාමන්‍ය මිනිසෙකුට දැරි නොහැකිතරම් විශාල වීම නිසා තමයි විශාල වශයෙන් කට්ටිය Ubuntu,Linux වගේ Operating System වලට මාරුවෙන්නේ.අනික Ubuntu වගේ Software ඕනෙමනම් නොමිලයේ Download කරගන්න හෝ CD එකක් ගෙදරටම වුනත් නොමිලේ ගෙන්නගන්න පුළුවන්
                  ඉස්සරනම් Ubuntu ,Linux වගේ Software පාවිච්චි නොකරන්න හේතුවකුත් තිබ්බා.ඒවා Windows වලට වඩා ගොඩාක් වෙනස් වීම,මේවාට Drivers හොයාගන්න බැරිවීම,මේවාට හරියන  Software නොතිබීම,වගේ ඒවා හින්දා තමයි මේවා කට්ටිය ඉස්සර පාවිච්චි කලේ නැත්තේ.දැන් එහෙම නෑ හැම දෙයක්ම Windows වගේමයි, Software එහෙමත් ඕන තරම්, Windows වලින් වැඩක් කරගන්නවාට වඩා ගොඩාක් ලේසී, Internet යන්නත් හොඳ වේගයක් තියෙනවා.
දැන් මෙහෙවගේම තමයි අනිත් රටවල් එහෙමත් Windows පාවිච්චි කරනවා අඩු කරලා තියෙනවා.උදාහරණයක් ලෙස කිව්බාව සම්පූර්ණයෙන්ම Nova Operating System එක පාවිච්චි කරන්න අරන්.

අපිත් පොඩ්ඩක් මේවගේ Operating System එකක් පාවිච්චි කරලා වෙනස වටහා ගමු.
මේක Windows  ආයතනයට කනකොකා හඬලන කාලයක් වේවිද????? නැත්නම්........

Thursday, April 8, 2010

openoffice මෘදුකාංගය


Open officeගැන:-

OpenOfficeමෘදුකාංගය Microsoft Office වලට වඩා අඩු ඉඩක් ගන්නා මෘදුකාංගයක් වන අතර ලොවපුරා පැතිරුණු Microsoft ආදිපත්‍ය බිදලීමට උත්සහ කරන සමගමක් වන Ubuntu නැත්නම් Linux නමින් operating system නිකුත්කරන සමගමකි.බොහෝ අය මෙම මෘදුකාංගය පාවිච්චිකිරීමට පුරුදුව ඇත්තේ මෙම මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබාදෙනනිසාය.


මෙතනින් බාගන්න