Tuesday, August 10, 2010

Gimp ( පිංතූර කඩේ වගේමයි !! )

Gimp ගැන :-
අද මම දෙන්නේ ඔයාලා හොඳට දන්න Software එකක් වගේම වෙන Software එකක්. මේක Open Source Software එකක් ඒ වුනාට මේ Software එක හදලා තියෙන්නේ හැමෝම දන්න Photoshop Software එක වගේමයි.ඒක හින්දා ඔයාලට මේ Software එක ගැන ආයිත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ නේ.Photoshop වලතියෙන ගොඩාක් Tools එහෙම ඒ සලකුනුවලින්ම මේකේ තියෙනවා.Layers , Filters එහෙමත් තියෙනවා.
ඔයාලා Photoshop Software එක Internet එකෙන් Download කලත් ඔයාලට Hard Disk එකේ ලොකූ ඉඩක් යනවා ඒත් මේකට නම් යන්නේ හරිම පොඩි ඉඩ ප්‍රමාණයක්. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් Original Photoshop CD එකක් කීයද කියලා.අඩුමගානේ රුපියල් 50000ක්වත් වෙයි.ඒ වගේ ලොකුවත්කමක් සාමන්‍ය කෙනෙකුටනම් දරන්න කොහොමටවත්ම බෑ.ඒවුනාට මේ Software එකනම් ඔයාලට දෙන්නේ 100% නොමිලේ.මේ විදිහට ගියොත් නම් Photoshop වලට මොනවා වෙයිද දන්නේ නෑ.තව ටික කාලෙකින් Photoshop හොයාගන්නත් නැති වෙයිද දන්නේ නෑ
ඇත්තටම ඉතින් මේක Photoshop වලට පහර දීමක් කිව්වට වැරදිත් නෑ නේද?:0:):0: