Wednesday, August 11, 2010

Stellarium ( අහසේ තරු ගනින්න වෙයිද ? )

Stellarium ගැන :-
අද මම දෙන්නේ මම මෙච්චර කාලයකට ලියපු Software වලට වඩා හාත්පසින්ම වෙනස් Software එකක්.මේ Software එකත් මේ දවස් ටිකේම දුන්නා වගේම Open Source Software එකක්.Stellarium Software එක ඉස්සර ඉඳලා තිබුනට මේSoftware එක සිංහලට පරිවර්තනය කරලා ආවේ ලඟදී.මුලදීම සිංහල Font සම්බන්ධ පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් එහෙම අවුල් නෑ.මේක හදන්න මුළපුරලා තියෙන්නේ මධුෂ දැඩිගමුව,දිලීප රාජපක්ෂ,අනුරාධ ජයතිලක,සමීර මධුශංක කියන අය. ඒමම කිව්වේ මේSoftware එක සිංහලට පරිවර්තනය වෙච්ච හැටිනේ.
මේ Software එක ගැන කිව්වොත් මේ Software එක තියෙන්නේ අහස නිරීක්ෂනය කරන්න.අපි නිකන්ම අහස බලනවා වගේ අහස බලන්න පුළුවන්.ඔක්කෝම දේවල් සිංහලෙන්ම පෙන්නනවා.අපිට මේ Software එක ඔස්සේ අහසේ සිදුවන අළුත් විශේෂ දේවල් දැනගන්න පුළුවන්.මේ Software එක Windows, MAC OS , Linux කියන හැම එකටම වැඩ කරනවා.ඔයාලත් ආකාෂ නිරික්ෂනයට කැමති එක්කෙනෙක්නම් මේ Software එක Download කරගන්න.

ඔයාලට සිංහල හෝ ඉංග්‍රීසි නැත්නම් වෙනත් භාෂාවකින් වුනත් මේ Software එකේ වැඩ කරන්න පුළුවන්.හදිස්සියේවත් ඔයාගේ Computer එකේ සිංහල Fonts හරියට පෙන්නුවෙ නැත්නම්Start > Program Files > Stellarium > Stellarium (no OpenGL2) කියන එක තෝරලා Software එක Open කරන්න







සියළුම ඡායාරූප උපුටාගැනීම skylk.com මගිනි

මෙම මෘදුකාංගය පිළිබඳ දැන්වීම සම්බන්ධයෙන්
විශේෂ ස්තූතිය දිලීප රාජපක්ෂට