Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label ForMobiles. Show all posts
Showing posts with label ForMobiles. Show all posts

Monday, September 9, 2013

Samsung Galaxy gear ( අතේ බැඳගන්න )


ඔන්න කාලෙකට පස්සෙ අර්ටිකල් එකක් ලියන්න හිතුනා. දෑන් දෑන් Hand phone  තක්ෂනේ දියුනුව අපිට හිතගන්න බෑරි තරම් ඉහලට යනව. samsung කියයි nokia කියයි apple කියයි blakberry, motrolla bla bla bla තරඟෙට phone හදනවා. ඔන්න දැන් අලුත්ම gadget  එකක් හදලා  .

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Samsung Galaxy gear ( අතේ බැඳගන්න )" ලිපිය කියවීම සඳහා

Wednesday, May 1, 2013

Dolphin වේගවත් Mobile Internet


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Dolphin වේගවත් Mobile Internet" ලිපිය කියවීම සඳහා

Wednesday, April 24, 2013

Samsung S3 ද? i Phone 5 ද?


කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින්
 මෙම Samsung S3 ද? i Phone 5 ද? ලිපිය කියවීම සඳහා
මෙතන Click කරන්න.


Sunday, April 21, 2013

Nokia Lumia 920හොර අහුවුණ හැටි


අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම ලිපිය කියවීම සඳහා මෙතන Click කරන්න.


Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-
                                     මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic (Playful)කියන List එක.මම මේ එකින් එක ගැන සුළු විස්තරයක් කරන්නම්.මේ හැම එකකම  තියෙන උපලක්ෂන කියන්න ගියොත් එහෙම මේ ලිපිය ඕනෑවට වඩා විශාලවෙන්න ඉඩ තියෙනවා.


Open Pixlr editor (Advanced):-
                              ඔයාලට බලාගන්න පුළුවන් බොහෝ දුරට Photoshop වලට සමාන Layout එකක්.මේකට අපිට අවශ්‍යකරන විදිහේ Photos (ඔයාගේ Hard Disk එකේ තියෙන Photos , Internet එකේ තියෙන Photos, Facebook එකේ Photos හා විශේෂයෙන්ම ඔබගේ pixlr App එක දාපු Mobile Divice එක තියෙන Photos ) ඔයාලට දාගන්න පුළුවන්.මේ තියෙන Tools ටිකෙන් Photo එකක් ලේසියෙන් Edit කරගන්න පුළුවන්.මේකෙදිනම් ඉතින් Photoshop වලට ගොඩාක් සමාන Layout එකක් තියෙන නිසා බොහෝ දුරට Photoshop දන්න කෙනෙකුටනම් අමුත්තක් වෙන එකක් නැහැ.( ඒත් ඉතින් Photoshop තරම්ම සෙල්ලම් දාන්න මේකෙන් බැහැ )

Open Pixlr express (Efficient):-
                                 ගොඩාක් වෙලාවට Facebook එකේ ඉන්න අය එහෙම Photo එකක් Upload කරද්දි ඒ Photo එකට පොඩි Effect එකක් Boarder එකක් Text එකක් දාන්න උත්සාහයක් දෙනවා. Photoshop හැමෝම දන්නේ නැති නිසා මේ වගේ Tool එකක් ඒ වගේ Photoshop දන්නෙ නැති  අයට ගොඩාක් වටිනවා.මොකද මේ Open Pixlr express (Efficient) එකෙන් ඔයාලාට අවශ්‍ය Effects,Borders,Text,Stickers  වගේ දේවල් ලේසියෙන්ම එකතුකරගන්න පුළුවන් .ඒ වගේම ලේසියෙන් වෙනස් කර කර බලන්නත් පුළුවන්.

Open Pixlr-o-matic (Playful):-
                              මේ කොටසෙදි ඕනෙනම් ඔයාලට පුළුවන්  වෙනස්ම ආකාරයේ වැඩ ටිකක් කරගන්න.මෙතන තියෙන්නේ  කලින් හදපු Styles මේ වගේ එකක් Photoshop වලින් හදන්න ගියත් සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා.මේ තියෙන ඒවායෙන් එකක් හෝ ඔයාගේ Photo වලට ගැලපේවි කියලා මම හිතනවා.ඔයාලට මේකෙදි Screen එකේ පහළින් තියෙන  මීටර් එකක් වගේ කොටස එහෙට මෙහෙට කරන්න පුළුවන්.ඒකෙන් එක කොටසකදි Colors, Effects, Bordersවගේ දේවල් ලේසියෙන් මාරු කරගන්න පුළුවන්.ඔයාගේ Photo එක හදලා ඉවරනම් කරන්න තියෙන්නේ. Save කරගන්න එක.

New mobile pixlr apps!:-
ඔයාලට දැන් මේ සේවාව Mobile App එකක් විදිහටත් ඔයාගේ Mobile Device එකට යොදාගන්න පුළුවන්.ඔයාලත් වැඩිපුර Mobile Devices පාවිච්චි කරන අයනම් ඔයාලටත් පුළුවන් මේ App එක Download කරගන්න.

Thursday, January 24, 2013

Test Your Mobile Phone ( මේ විදිහට ටෙස්ට් කලාද? )

                            මම අද Mobile phone සම්බන්ද ලිපියක් ලියන්න හිතුවා.ගොඩාක් වෙලාවට Mobile Phone එක පාවිච්චි කරන්නෙ Call ගන්න.ඉස්සරනම්  Phone එකක් බිම වැටෙනවා කියන එක එච්චර ලොකුදෙයක් නෙවෙයි(මොකද Nokia 3310, Nokia 1100  වගේ එකක් බිමට වැටුනට ක්‍රියා විරහිත නොවෙන නිසා ).
                             ඒත් දැන් තියෙන Smart Phone වලට ඔය කතාව වලන්ගු නැහැ මොකද ඒවා එක වරක් වුනත් වැටුනොත් සමහර විට ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා.අපි කවුරුහරි ඒවගේ වටින Mobile Phone එකක් ගත්තොත් ඒ Phone පරිහරනය කරන්නෙ හරිම පරිස්සමට.ඒත් අපි කවදාවත් ඒවා නිකමටවත් බිම දාලා බලන්නේ නැහැනෙ කැඩෙනවද කියලා.
                                              ඒවගේ  Smart Phone බිම ගහලා පෙන්නන කට්ටිය දැන් ඉන්නවා එයාලා මේ Test වලදි  Mobile Phone 2ක් සංසංදනය කරලා පෙන්වනවා.සමහර පරීක්ෂණ නම් ටිකක් මෝඩ ඒවා කියලත් හිතෙනවා.සමහර අය හැම එකක්ම  Blender එකට දාලා පෙන්වනවා,සමහරු Microwave Oven එකේ දාලා පෙන්වනවා ඒවායෙනම් ප්‍රතිඵලය අපි කලින්ම දන්නවනෙ.
ඒත් සමහර ඒවනම් එහෙම නැහැ එක්කෙනෙක් Mobile Phone බිම දාලා පෙන්වනවා.තව එක්කේනෙක් වතුරට දාලා පෙන්වනවා.මේකෙන් මේ කාලෙට(2013) වටිනම එක තමයි Nokia Lumia 900 එකකින් ඇනයක් ගහලා පෙන්වන එක ඒ මදිවට ඇනයෙන් Phone එකටත් ගහලා පෙන්වනවා ඒවගේ පරීක්ෂණයකින් නම් අපිට කියන්න පුළුවන් ඒ අදාල උපකරණයේ ශක්තිමත්බාවය ගැන.
                                           මම පහලින් Test ටිකක් ඔයාලට බලන්න දාලා තියෙනවා.ඔයාලත් මේ වැඩ ටික බලන්න.ඔයාලා Google එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔයාලට පුළුවන් මේවගේ Phone ගොඩකට කරලා තියෙන  Test වර්ග බලන්න.

Hammer Test ( Nokia Lumia 900 )



Drop Test ( Apple iPhone 5 Vs Samsung Galaxy s3 )



Water Test ( Samsung Galaxy s2 )



Hammer Drop & Knife Scratch Test ( Apple iPhone 5 )



Blender Test ( iPhone )



Microwave Test ( iPhone 5 )


Wednesday, January 16, 2013

Gossip Reader Android Application ( ඕප දූප කියවන අයට )


 Gossip Reader Application එක ගැන:-
                                  අද ඔයාලට කියන්න යන්නේ මේ දවස්වලනම් ලංකාවෙ අයට වටිනම වටින Android Application එකක් ගැන.කවුරුත් දන්නවා මේ දවස් වල ලංකාවෙ අය වැඩියෙන්ම බලන වෙබ් අඩවි ඇහුවොත්.අනිවාර්යෙන්ම ඔය මුල් web site 10 තුල ඕප දූප ( gossips ) වෙබ් අඩවි එකක් වත් තියෙනවාමයි.
                              ගොඩක් අය මේ අඩවි වලාට වැඩියෙන් යන්නෙ අනිත් අඩවි වලට වඩා යම් දෙයක් මෙයාලගෙ වෙබ් අඩවි වල තියෙන නිසයි (ඕප දූප වලට් කොහොමත් ඉතින් කියන අය අතිනුත් ටිකක් දානවනෙ).ඒත් මේ අඩවි වලට ගියාම පුදුම කරදරකාර විදිහට දැන්වීම්( බොහෝ වෙලාවට GIF Animation )පිරිලා තියෙනවා.ඒක නිසා සාමාන්‍යයෙන් Site  එක Loadවෙන්නම වැඩිවෙලාවක් යනවා.මේ ප්‍රශ්නය Computer එකෙන් Internet යන අයටනම් අවුලක් නැහැ.ඒත් Mobile Phone වලින් Internet යන අයට මෙච්චර දැන්වීම් ගොඩක් Load වෙන එක ප්‍රශ්ණයක්.ඒ නිසා Gossip බලන්න මේ Android App එක දාගත්තනම් කිසි කරදරයක් නැහැ.අනවශ්‍ය දැන්වීම් මුකුත්ම නැහැ.ඒ විතරක්ම නෙවේයි ලංකාවේ ප්‍රසිද්ධම Gossip අඩවි 3ක අළුත්ම News වලින් මේ Application එක Update වෙනවා.ඒ අඩවි 3 තමයි ගොසිප් ලංකා, ගොසිප් 9,ලංකා ඊ ගොසිප් කියන ඒවා.මේ Application එක ඔයාලටත් පහල මම දීලා තියෙන Link ඔස්සේ ගිහින් play.google.com හරහා Download කරගන්න පුලුවන්.මේ Application එකේ Size එක වෙන්නේ 828K පමණ.මේ Application එක දාන්න අඩුම තරමින් Android 2.2 වත් අවශ්‍යයි එයිට ඉහල Version වල හොඳට වැඩකරනවා.එහෙනම් අදට ඔය ඇති.

Monday, January 14, 2013

Sri Lankan Holiday Calender ( ලංකාවෙ අපිට )


නිවාඩු දින දර්ශකය ගැන:-
                                                            ඔන්න අද මම කියන්නේ ලංකාවෙ එක්කෙනෙක්ගෙ Android වැඩක් ගැන කාලෙකින් ලිපි ලිව්වෙත් නැති එකේ අලුත් අවුරුද්දෙ හා හාපුරා කියල පටන්ගත්තා ලිපි ලියන්න.
                                                             දින බලන්න සාමාන්‍යයෙන් ඕනම ජංගම දුරකතනයක Calendar එකක් තියෙනවා.ඒත් ඒ එක Calender එකකවත් අපේ ලංකවේ විදිහට නිවාඩු ටික ලකුණු කරල නැහැ(කොහොමත් මෙහෙම නිවාඩු දෙන රටවල් ලෝකෙනැහැනෙ ).ඒක හින්දා ලංකාවේ විදිහට අළුත් Calender එකක් හදන්න දාපු උත්සහයක් තමයි මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ.මේ මාසය තුල නිවාඩු වැටිලා තියෙන විදිහ ඔයාට පහසුවෙන් බලාගන්න පුලුවන්.ඒකට සියලුම ආගමික නිවාඩු ඇතුලත් වෙනවා.මේ සතිය මේ මාසය තුල තියෙන නිවාඩු වගේම මේ අවුරුද්දෙ තියෙන නිවාඩුත් එක වරම ලේසියෙන් බලාගන්න පුළුවන්.මෙයිට කලින් මාසේ ලංකාවෙ අයත් හරි හරියට කතා කරපු Mayan Calender එක විදිහට තමයි මේක හදලා තියෙන්නෙ.ඔයාලටත් මේ Application එක දාගෙන බලන්න ඕනෙනම් මේ මම පහලින් දීලා තියෙන Link එකට ගිහින් play.google.com තුලින් බාගන්න පුළුවන්. App එකේ size එක 692k විතර වෙන්නෙ ,තව මේ App එක දාන්න නම් අඩුම තරමෙ Android 2.2 සිට ඉහලට තියෙන Android Version එකක් පාවිච්චි කරන්න ඕනෙ.එහෙනම් අදට එච්චරයි.


Tuesday, August 21, 2012

Get Jar (ජංගම දුරකථන උමතුව සඳහාමයි)

Get Jar ගැන :-
                              අදත් කියන්නේ තවත් Software Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ Computer වලට නෙමේ  Mobile Phone වලට.ඔයා ඔයාගෙ  Mobile Phone එක අරන් අවුරුද්දක්වත් වෙනවානම් ඔයා මේ Web Site එක ගැන අනිවාර්යයෙන්ම දන්නවා නොඅනුමානයි.ඔයාට මේ Web Site එක බලන්න Mobile Phone එකෙන් වගේම Computer එකෙනුත් යන්න පුළුවන්.මේ Web Site එක ලෝකයේ  Mobile Applications සඳහා වෙන්වූ අංක එකේ Web Site එකක් කිව්වොත් හරි.මේ Web Site එකේ දැනට 500000 ට ආසන්න Developersලා හා ඒ අයගෙන් නිකුත් වූ Application (Games,Softwares) 700000ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ වගේම ඒවා Download කිරීම් ලෝකය වටෙන්ම බිලියන ගනනින් දිනකට සිදුවෙනවා. 

අපි ඕනෑම Application එකක් Download කරද්දි මේ Software එකෙන් Set Your Device කියලා එකක් එනවා.ඒකේ ඔයාගේ Mobile Phone එකේ වර්ගය සඳහන් කරන්න ඕනෙ උදා:- Samsung/Sony Ericsson/ Nokia කියලා එහෙම ගැහුවහම  ඔයාට ඒ Application එක දාන්න පුළුවන් Phone වල රූප පහලින් පෙන්වයි එතනින් ඔයාගේ Mobile Phone එකට අදාල රූපය Select කරාම නිකන්ම Download වෙනවා.මේ විදිහට Computer එකෙන් Download කරලා ඔයාගේ Phone එකට දාලා Install කරගන්න හෝ Phone එකෙන්ම ගිහින් Download කර Install ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගත හැකියි.



Thursday, October 14, 2010

Nokia Codes ( Nokia කේත )

 Nokia Codes ගැන :-
                                                                              මම මේ පාර දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Mobile Phone තියෙන අයට Mobile Phone කිව්වෙ නිකන් ඒවා නෙමෙයි Nokia ඒවා.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල එක එක දේවල් බලන්න පුළුවන් Codes.


*#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න


#0000# ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
            1st Line Software Version එක
            2nd Line Software එක නිකුත් කළ දිනය


*#9999# Software Version එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම්  *#0000# ගහලා බලන්න.


*#06# IMEI (International Mobile Equipment Identity )Number එක බලාගන්න


#pw+1234567890+1# සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )


#pw+1234567890+2#  Network Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+3#  Country Lock  ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+2#  Sim Lock  ගැන විස්තර දැනගන්න  ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

*#147# අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)

*#1471# අවසන් ඇමතුම (Vodafone වල පමණයි)

*#21# අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට

*#43# Call waiting සක්‍රීය කිරීමට

*#61# ප්‍රතිචාර නොදක්වන ලෙස Divert  කිරීම

*#62# ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම

*#67# ග්‍රාහකයා කාර්‍‍ය බහුල ලෙස Divert  කිරීම

*#67705646#  operator ගේ Logo එක ඉවත් කරයි

*#73# වෙලාව හා Game වල ලකුණු Reset කිරීම

*#746025625# Standby කාලය වැඩි කරගන්න

*#7760# නිෂ්පාදකගේ Code එක

*#7780# නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්


*#8110# Software version එක බැලීමට Nokia 8110 සඳහා

*#92702689#  
                    1st Line Serial Number
                    2nd Line සෑදූ දිනය
                    3rd Line විකිණූ දිනය
                    4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )


*#94870345123456789# PWN -Mem ක්‍රියා විරහිත කරන්න


**21*Number# මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම

**61*Number# ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම

**67*Number# Cut කලාම මේ නොම්බරයට හැරවීම

123456 සාමාන්‍ය ආරක්ෂක අංකය

Phone Mode වෙනස්කිරීමට # ඔබාගෙන ඉන්න

Saturday, August 14, 2010

Nokia Theme Creator (වෙනසක් සඳහා)

Nokia Theme Creator ගැන:-
                            අද මම දෙන්නේ ගොඩාක් අය මගෙන් ඉල්ලපු Software එකක්. Facebook ඔස්සේ Comment ඔස්සේ ගොඩාක් අය මේ Software එක ඉල්ලලා තිබ්බා ඒක හින්දා තමයි මම මේ Software එක ඔයාලට ලබාදෙන්නේ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනේSony Ericsson Theme Creator එක තියෙන්නේ Sony Ericsson Phone වලට Themes හදන්න වගේ Nokia Theme Creator තියෙන්නේ Nokia Phone වලට Theme හදන්න.මේකෙත් හරිම සරල වැඩ ටිකක් තියෙන්නේ.ඔයාලට හරි ඉක්මනට මේ Software එක හසුරවන්න පුළුවන්.විනාඩියෙන් දෙකෙන් ඔයාට Theme එකක් හදාගන්න පුළුවන් වෙයි.
                                                 ඔයාලා සමහර Web Sites වලින්Themes ගන්නකොට සල්ලි ඉල්ලනවා.සමහර වෙලාවට නොමිලේ ලබාදෙන Web Sites තිබුනත් ඒවායේ ඔයාට ගැලපෙන,හිතට හරියන Themes නොතිබෙන්න පුළුවන්. ඉතින් මොකටද ඕවා හොයහොය ඉන්නේ Nokia Theme Creator එක  ඔයාගේ Computer එකට Install කරගෙන ඔයාගේ හිතේ හැටියට Theme හදාගන්නකෝ.
ඔයත් Nokia Phone පාවිච්චි කරන එක්කෙනෙක්නම් ඔයත් මේක Download කරගන්න

Wednesday, July 21, 2010

e buddy ( මුහුණපොතට)

e buddy ගැන :-                                                                 
                                           අද දෙන්නෙ ජංගම දුරකතන පාවිච්චි කරන අයට හොඳ Software එකක්.මේක තියෙන්නෙ  Phone එකෙන් Facebook, G talk ,Yahoo වගේ ඒවට යන්න.ඔයාලා මේ Software එක දාගත්තම ඔයාලට වාසි ගොඩක් හම්බුවෙනවා.ඔයා පාවිච්චි කරන දුරකතන සම්බන්ධතාවයෙන් අය වන මුදල් ප්‍රමානය අඩුවෙනවා ඒ වගේම Speed එකත් වැඩි වෙනවා තව ඔයට මේක Install කලාම Facebook,Yahoo, G talk, ICQ, Myspace,AIM, MSN වගේ ඒවට එකපාර Log වෙන්න පුළුවන් වෙනවා.මේ Software එක දැන් I phone වලටත් Install කරගන්න පුළුවන්.ඔයාලත් මේ Software එක Download කරලා බලන්න.

බාන්නේ කොහොමද?
මුලින්ම ඔයාලා  http://get.ebuddy.com එකට  ඔයාගේ Phone එකෙන් යන්න ඊට පස්සෙ ඔයාගේ Phone එකේ Brand එකයි  Model එකයි දීලා ඔයාගේ Phone එකට ගැලපෙන Software එක බාගන්න

Monday, July 5, 2010

iskoot ( Skype,Skype,Skype )



iskoot ගැන:-


                       මේ තියෙන්නෙ ගොඩාක් Mobile Phone පාවිච්චි කරලා Internet යන අය අතර ගොඩාක් ප්‍රසිද්ධ Software එකක්.
දැනට ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Software අතර මේ Software එකත් තියනවයි කියලා ඔයාලා දන්නවාද?Skype කියන්නේ Internet Log වෙලා තවත් Skype වලට Log වෙලා ඉන්න කෙනෙක්ට Call එකක් ගන්න පුළුවන් Software එකක් ඕනෙනම් කීපදෙනෙක්ට වුනත් එකපාර Call කරන්න පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක  බාගෙන ඊට පස්සෙ මේ Software එක්කේ Sign Upවෙන්න විතරයි.ඊට පස්සෙ ඔයාගේ යාළුවන්ව මේකෙන් Add කරගෙන එයාලාට නොමිලේ Call ගන්න පුළුවන්.මම මේ කිව්වේ Computer එකෙන් Log වෙන විදිහනේ.ඒ වගේමයි iskoot එකත්. මුලින්ම ඔයා iskoot බාගන්න ඔනේ.

බාගන්නේ මෙහෙමයි 
                     මුලින්ම ඔයා මෙතනින් බාගන්න කියන Button එක Click කරලාඑන Window එකේ ඔයාගේ Phone එකේ වර්ගය තෝරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකෙක් Model එක තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ රට තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ Phone Number එක ඇතුලත් කරන්න.Skype එකේ ඔයාගේ Username එකත් ඇතුලත් කරන්න.ඔයා අනාගතයේදී iskoot ආයතනයේ අලුත් නිෂ්පාදන ගැන Email මගින් දැනගන්න කැමතිනම් ඊට යටින් තියෙන Tick එක දාන්න.ඊට පස්සෙ ඔයා මේ Software එක Download කරන විදිහ තෝරන්න SMS මගින්ද? Computer එකට Download කරගන්නවද?නැත්නම් Email මගින් Download කරනවද කියලා.ඊට පස්සෙ Submit කරන්න එතකොට ඔයා තෝරපු විදිහටSoftware එක Download වෙයි
ඊට පස්සේ සාමන්‍ය විදිහට phone එකෙන් Skype Log වෙන්න

Monday, June 28, 2010

Sony Ericsson PC Suite (අළුත් වෙලා පටන්ගනිමු)

Sony Ericsson PC Suite ගැන:-
                                                Sony Ericsson, කිව්වහම Nokia වලට හොඳ තරඟයක් දෙන සමාගමක්.ඒක හින්දා Sony Ericsson පාවුච්චි කරන පාරිබෝගිකයින් ගණනත් වැඩියි.Sony Ericsson PC Suite කියන්නේ ගන්න හැම Sony Ericsson Phone එකක් එක්කම හම්බුවෙන Software එකක් වුනත්.මම මේ Software එක දෙන්නේ කාලෙකට කලින් Sony Ericsson Phone ගත්ත අයට හා PC Suite ළඟ නැත් අයට.Sony Ericsson PC Suiteඑක දැන් අලුත් ඒකියන්නේ පොත්ත විතරක් අලුත් කියන එක නෙමෙයි නේ ඇතුලෙ තියෙන වැඩකෑලිත් වැඩී.දැන් එන අළුත් Mobile Phone වලට මේවගේ අළුත් PC Suite එකක් නැතුව කොහොමත් බෑනේ.මෙයිට වඩා මේක ගැන මම කියන්න අවශ්‍ය වෙන එකක් නෑ මොකටද ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නේ.

Wednesday, June 23, 2010

Sony Ericsson Theme Creator ( හදල බලමු )

Sony Ericsson Theme Creator ගැන:-

ඔයාල දන්නවානේSony Ericsson කියන්නේ .ලෝකේ තුන්වෙනියට ලොකුම ජංගම දුරකථන සමාගම කියලා.මේ තියෙන්නේ Sony Ericsson Phoneවලට Themes හදන Software එකක් ඔයාලගේ Phone එකත් Sony Ericsson නම් ඔයාටත් පුළුවන් ඔයාට කැමති විදිහට Theme එකක් හදලා ඔයාගෙ Phone එකට දාගන්න.
මේ Software මගින් Wallpaper එක Menu එක Sounds හැම දෙයක්ම තමන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්
මේකේ තව විශේෂත්වයක් තියෙනවා.මේක හසුරවන විදිහ මාර ලේසී.ඕනෙම කෙනෙක්ට හරි ලේසියෙන් මේ Software එක හසුරවන්න ඉගෙනගන්න පුළුවන්.

Tuesday, June 22, 2010

Opera Mini ( පුංචි ගවේශකයා )


Opera Mini ගැන :-
Opera කියන්නේ ලෝකේ ජනප්‍රියම Web Browser එකක්.Opera Mini කියන්නේ ජනප්‍රියම ජංගම දුරකථන Web Browser එකක්.ගොඩාක් Phone එකෙන් Internet යන අය හරියට වැඩක් කරගන්න බැරුව.එක්කෝ Facebook එකේ Massage/Comment එකක් දාගන්න බැරුව ලතවෙවී ඉන්නවා.මේ තියෙන්නේ ඕකට විසඳුම.මේ Software එක සමහර අය හරි හරියට පාවිච්චි කලත් සමහර අය තාම මේ Opera Mini ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
මේකෙන් අපිට වාසි ගොඩාක් හම්බුවෙනවා.එකක් තමයි Phone එකෙන් Internet යනකොට හොඳ වේගයක් තිබීම.අනිත් එක තමයි සාමාන්‍ය Computer එකකින් Internet යනවා වගේම Internet යන්න පුළුවන් වීම.ඊළඟ එක තමයි මේකෙන් Internet යනකොට වැයවෙන මුදල හරි අඩු වීම.මේක හින්දා තමයි ගොඩක් කට්ටිය මේ Opera Mini පාවිච්චිකරන්නේ.තව එකක් තමයි මේකේ Bookmark පහසුකම තිබීම.අනික තමයි Web History එකක් තිබීම.ඒවගේම මේකෙන් Web Pages Download කරලා තියාගන්නත් පුළුවන් එතකොට Internet නැතිවෙලාවටත් ඒ Web Pages බලන්න පුළුවන්නේ.තව ශෝක් වැඩක් තියෙනවා ඕනෙනම් අපි Download කර කර ඉන්න එක මැද්දේ පොඩ්ඩක් නවත්තලා තියන්නත් ( Pause කරන්න ) පුළුවන්.ඒක හින්දා මේකනම් Phone වලින් Internet යන අයටනම් හොඳ Software එකක්.මේ Software එක ගොඩාක් Software වලට දැන් Install කරන්න පුළුවන් හින්දා තවත් හොඳයි.

ඔන්න දැන් Opera Mini සිංහලෙනුත් තියෙනවා හොඳේ

බාගන්න අයට උපදෙස් :-මුලින්ම මෙතනින් බාගන්න Button එක Click කරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකේ Brand එක තෝරන්න(Nokia ද.Sony Ericsson ද වගේ)ඊට පස්සේ ඔයාගේ Phone එකේ Model එක තෝරන්න (N73 ද K810i ද වගේ)ඊට පස්සේ එතන පහලින් එන opera-mini-latest-advanced-en-us.jad හරි opera-mini-latest-advanced-en-us.jar කරලා බාගන්න.

Sunday, June 20, 2010

Mobile Phone Softwares

Mobile phones කොටස ගැන :-
මේක තමයි මගේ බ්ලොග් එකට මම අලුතෙන්ම එකතුකරන කොටස.මෙය තුලින් මම ඔයාලට ජංගම දුරකතන සම්බන්ධ Software ලබාදීමට බලාපොරොත්තුවෙනවා.මම හිතෙනවා මේ කොටස වැඩියෙන් ජංගම දුරකථන ග්‍රාහකයන් අතර ජනප්‍රියවේ කියලා.ඔයාලගේ ඉල්ලීම් වලටත් එහුංකන් දෙන හින්දා ඔයාලට ඕන දේවල් අපිට කියන්න .

Sunday, June 13, 2010

Nokia PC Suite ( නොකියා ඇඳුම )

Nokia PC Suit එක ගැන:-
ඔයාලා හැමෝම දන්නවනේ Nokia කියන්නේ ලෝකේ විශාලතම ජංගම දුරකතන සමාගම කියලා.සමහර විට ඔයාගේ Phone එකත් Nokia වෙන්න ඇති.ඔයාල දන්නවනේ මොන මොන Phone ජාති ආවත් Nokia වලට තට්ටුකරන්න කාටවත් බෑකියලා. Nokia සමාගම මගින් එක එක වර්ගයේ Phone හදනවා.ඒ එක එක Phone වලතියෙන විවිධ හැඩහුරුකම්, ඒවගේම වැඩකෑලිත් එකකට එකක් වෙනස්, ඒක හින්දාNokia PC Suit එකත් කාලෙන් කාලෙට අලුත් වෙනවා පරණ Phone වලටත් අලුත් PC Suit එනවා ඒවායින් වැඩ ඉක්මනට කරගන්න පුළුවන්.ඒක හින්දා අලුත් PC Suit එක බාගත්තනම් ඔයාලගෙ Nokia එක්කේ වැඩටිකත් පට් පට් ගාලා කරගන්න පුලුවන්.
දැන් මේ අලුත් Nokia PC Suit එකේ Free Memory එක Battery එකේ Charge එක වගේ ඒවත් පෙන්නන හින්දා ගොඩක් ලේසී.

Saturday, April 10, 2010

Nimbuzz (Mobile Internet සගයා)

Nimbuzz ගැන:-

මෙමගින් Mobile Phoneවල අන්තර්ජාලයේ සැරිසැරියහැකි වේගය වැඩිකර දෙන අතර Mobile Phone Internet Connection එකෙන් වැයවන ගාස්තුවද අවම වේ.මෙය තුළින් එකවර Skype,Facebook, G mail,yahoo වගේ ඒවා ගොඩකට Log වෙන්න පුළුවන් ඒක නිසා මෙය Mobile Internet පාවිච්චි කරන අයටනම් කදිම Software එකකි.තවද මෙයතුලින් Computer Internet භාවිතාකරන්නන් සදහාද වාසියක් ඇත.එනම් Computer තුළින් වුවද මෙම Software එක භාවිතයෙන් Skype,Facebook,G mail,Yahoo යන ඒවා රැසකට Log විය හැකිය.

Mobile Phone වලට මෙතනින් බාගන්න
Computer වලට මෙතනින් බාගන්න