Monday, January 14, 2013

Sri Lankan Holiday Calender ( ලංකාවෙ අපිට )


නිවාඩු දින දර්ශකය ගැන:-
                                                            ඔන්න අද මම කියන්නේ ලංකාවෙ එක්කෙනෙක්ගෙ Android වැඩක් ගැන කාලෙකින් ලිපි ලිව්වෙත් නැති එකේ අලුත් අවුරුද්දෙ හා හාපුරා කියල පටන්ගත්තා ලිපි ලියන්න.
                                                             දින බලන්න සාමාන්‍යයෙන් ඕනම ජංගම දුරකතනයක Calendar එකක් තියෙනවා.ඒත් ඒ එක Calender එකකවත් අපේ ලංකවේ විදිහට නිවාඩු ටික ලකුණු කරල නැහැ(කොහොමත් මෙහෙම නිවාඩු දෙන රටවල් ලෝකෙනැහැනෙ ).ඒක හින්දා ලංකාවේ විදිහට අළුත් Calender එකක් හදන්න දාපු උත්සහයක් තමයි මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ.මේ මාසය තුල නිවාඩු වැටිලා තියෙන විදිහ ඔයාට පහසුවෙන් බලාගන්න පුලුවන්.ඒකට සියලුම ආගමික නිවාඩු ඇතුලත් වෙනවා.මේ සතිය මේ මාසය තුල තියෙන නිවාඩු වගේම මේ අවුරුද්දෙ තියෙන නිවාඩුත් එක වරම ලේසියෙන් බලාගන්න පුළුවන්.මෙයිට කලින් මාසේ ලංකාවෙ අයත් හරි හරියට කතා කරපු Mayan Calender එක විදිහට තමයි මේක හදලා තියෙන්නෙ.ඔයාලටත් මේ Application එක දාගෙන බලන්න ඕනෙනම් මේ මම පහලින් දීලා තියෙන Link එකට ගිහින් play.google.com තුලින් බාගන්න පුළුවන්. App එකේ size එක 692k විතර වෙන්නෙ ,තව මේ App එක දාන්න නම් අඩුම තරමෙ Android 2.2 සිට ඉහලට තියෙන Android Version එකක් පාවිච්චි කරන්න ඕනෙ.එහෙනම් අදට එච්චරයි.