Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-
                 ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.
                මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ අඩවිය ලංකාවෙ අයට අළුත් අඩවියක් නොවෙයි මොකද දැනටම මේ අඩවිය Alexa Ranking වල ලංකාවෙ 70-69 වගේ තැන්වල නිතරම තියෙනවා.
                                                                   මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ ගොඩාක් පාඩම් වලට උදාහරණ එම පාඩම ලඟ තියෙන Try it yourself කියන බොත්තම ඔබල අපිට බලාගන්න පුළුවන් වීමයි.එහිදී අපිට පුළුවන් Code වල වෙනස් කම් කරලා මොනවගේ දේවල් Preview එකේදි වෙනස් වෙනවද කියලා බලාගන්න.
                                                                 තව සමහරු හිතයි මොකක් වුනත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා අපි කොහොමද ඉගන ගන්නෙ කියලා ඒත් මේකේ තියෙන්නේ සරල ඉංගීසි නිසා ඉගනගන්න එච්චරම ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ.


Sunday, September 23, 2012

Malwarebytes ( අඩුව පිරවීම )

Malwarebyte ගැන :-                       
                        මම අද කියන්නේ කලින් ලිපියෙදි කියපු ප්‍රශ්නෙට තිබ්බ විසදුමක් වුන Software එකක් ගැන.දැන් අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලමු.සාමාන්‍යයෙන් Anti Malware Software එකක් ඕන වෙන්නේ හරිහමන් Antivirus Software එකක් නැති අයට තමයි.
                          ඔය නිකන් දෙන Antivirus Software වල සාමාන්‍යයෙන් යම් යම් පහසුකම් කප්පාදු කරනවා.එහෙම Software එකක් දැම්මහම  ඒ Software එක නාමිකව Antivirus Software එකක් විතරයි.එහෙම ඒවයෙ ගොඩක් වෙලාවට Internet Security එක දෙන්නේ Premium Edition එකත් එක්ක.ලංකාවෙනම් ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ඔය කියපු විදිහෙ( Avira Free,AVG Freeවගේ ) Free Antivirus තමයි.ඒක හින්දා ඒවගේ අයට තමයි වැදගත් වෙන්නෙ මේ වගේ Anti Malware Software.
                                                                 මේ Malware නිසා එන දෝශ මම ඉස්සේල්ලා ලිපියෙදි එකක් කිව්ව.ඒවගේ මහ විශාල ප්‍රමාණයක් මේ අන්තර්ජාලය ඔස්සේ මේ වෙනකොටත් ප්‍රචාරය වෙනවා.ඒවා නිසා ඇතිවන ප්‍රශ්ණවලට මුහුණ නොපාන්නටනම් මේ Anti Malware එක දාගන්න එක ඇඟට ගුණයි.එහෙනම් ඔයාලත් දාගෙන බලන්න.මේපාර නම් ඕන විදිහක‍ට දාගන්න Key generator  එකකුයි Serial No ටිකකුයිත් තියවා.

Thursday, September 20, 2012

Whoa!Google Chrome has crashed.Restart now ? විසඳුම

ප්‍රශ්ණය හා විසඳුම :-
                                           මට ආපු ප්‍රශ්ණයක් හින්දා තමයි අද මම මේ ලිපිය ලියන්නේ.අපි බොහෝ දෙනා Google Chrome පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන අයගෙන් බහුතරයක්ම Internet Download Manager ත් පාවිච්චි කරනවා.ඒ අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩියෙන්ම එන්නේ.යස අගේට Chrome වලින්  Internet එකේ එහෙමෙහෙ යද්දි එක පාරටම Whoa!Google Chrome has crashed.Restart now ? කියල Warning Massage එකක් එනවා ඒකේ තියෙන Button වලින් OK එබුවොත්  ආයිත් Google Chrome එක Restart වෙනවා.Cancel එබුවොත්  Struck වෙනවා.මාත් හොයලා බලද්දි තමා වැඩේ දැනගත්තේ. මාත් කාලෙක ඉඳලම පාවිච්චි කලේ ටිකක් පරණ IDM (Internet Download Manager)එකක්.මේ පරණ IDM Software හින්දා තමයි මේ ප්‍රශ්ණෙ ගොඩක් වෙලාවට එන්නේ.

විසඳුම:- ඔයත් පරණ IDM එකක්නම් පාවිච්චි කරන්නේ ඔයාටත් තියෙන්නේ අළුත් IDM එකක් දාගන්න.නැත්නම්. ඔයා දාගෙන ඉන්නේ Register කරපු IDM  (Original ) එකක් නම් ඔයාට පුළුවන් ඒකම Update කරන්න.
                                                                              තව දුරටත් අපිත් එක්ක ගේමට එන Software තියෙනවද කියල බලන්නනම් කරන්න තියෙන්නේ about:conflicts කියල Type කරලා Enter Press කරන්න.එතකොට List එකකුත් එක්ක No conflicts detected කියල එනවනම් කිසි අවුලක් නැහැ.ඒත් නිකන් හරි conflicts software එකක් තියෙනවා කියලා පෙන්වනවානම් කරන්න තියෙන්නේ හොඳවයින් Anti Malware Software එකක් දාගන්න එක.හොඳ Anti Virus Software එකක් ( Kasper sky Internet Security වගේ ) තියෙනවානම් වෙනමම Ant Malware Software දාගන්න ඕනෙ නැහැ.ඔයා පාවිච්චි කරන්නේ  Avira Free වගේ දෙකයි පනහෙ Antivirus Software එකක් නම් Malwarebytes වගේ Software එකක් දාගන්න එක තමයි හොඳ.
                                                                           ඔයාලා ලඟ තියෙන්නේ Windows Genuine නම් කරන්න තියෙන්නෙ පළවෙනියටම Start menue > Run ගිහින් SFC.EXE /SCANNOW කියලා ගහලා Run කරන්න.SFC කියන්නේ System File Checker.ඒක හින්දා System File ටික බේරගෙන හරියටම ලෙඩේ හොඳ කරගන්න ඒ අයට පුළුවන්.නැත්නම් System අවුල් ගියොත් Genuine Windows CD එකවත් නැති අය මොන දෙයියන්ට කියන්නද?

Tuesday, September 18, 2012

අපිත් එක්ක එකතුවෙන්න

 
අපිත් එක්ක එකතුවෙන්න
                                                            
                                                              නිරතුරු වෙනස් වෙන තාක්ෂණික ලෝකය දකින්න.තොරතුරු බෙදාගන්න.අපිත් එක්ක එකතු වෙන්න. අදහස් දක්වන්න,දිගින් දිගටම අප ඵල කරන ලිපි කියවන්න ,යෝජනා චෝදනා කරන ඔබ සැම වෙනුවෙන් අපගෙ Facebook,Google+,Twitter පිටු විවෘතයි ඔබත් එක්වන්න අප සමග එක්වී නවතම හා වටිනා මෘදුකාංග පිළිබඳව දැනගන්න ඒ වගේම බාගත කරගන්න අපිත් එක්ක එකතුවෙන්න.
පහතින් දක්වා ඇති සබැඳි මගින් අපගේ Facebook,Google+,Twitter පිටු හා එක් වී නිරතුරුවම ඔබටත් අපගේ නවතම ලිපි ලබාගත් හැක.නැතහොත් freesofthut(at)gmail(dot)com වන අපගේ Email ලිපිනය මගින්ද අප හා එක්විය හැක. 

 











Monday, September 17, 2012

Oxford Dictionary Portable ( අපි නොදන්න ඉංගිරිසි )

Oxford Dictionary ගැන:-                  
                                    මම අද කියන්‍න යන්නේ English දන්නඅයටයි නොදන්න අයටයි දෙගොල්ලටම වටින ශබ්ධකෝෂයක්.දැන් හැමෝම දන්නවනෙ ශබ්ධකෝෂ‍යෙ නම ‍මොකක්ද කියලා,ඇයි මම නම මුලින්ම දාල‍නෙ තියෙනනෙ :D.මේ ශබ්ධ කෝෂය පාවිච්චි කරන්න නම් සාමාන්‍ය ඉංග්‍රීසි දැණුමක් තියෙන්න ඕනෙ.මොකද අපි හොයන වචනයේ  තේරුම එන්නෙත් ඉංග්‍රීසියෙන්මයි,හැබැයි සරල ඉංග්‍රීසියෙන්.
                                                                    මේ Dictionary එකේ  තියෙන විශේෂත්වය තමයි අපි හොයන වචනය මේ  Dictionary එකේ නැතිවෙන්න තියෙන  ඉඩ බොහෝම අඩුවීම.තව වටිනකමක් වෙන්නෙ Internet තියෙන Computer එකක නම් oxforddictionaries.com කියන වෙබ් අඩවියෙ තියෙන Online Dictionary එකෙන්ම අපිට ඕනකරන වචනයේ තේරුම හොයාගන්න පුළුවන් වීමයි.තව වටිනාකියන පහසුකමක් තමයි Online Dictionary එකෙන් අපිට කැමතිනම් වෙනත් භාෂාවකට අපි කැමති වචන පරිවර්තනය කරගන්න පුළුවන් වීම.
මම මේ බාගන්න දීලා තියෙන්නේ Oxford Dictionary Portable එක හින්දා File එක බාගෙන ඒක Extract කරන්න විතරයි තියෙන්නේ Install කරන්න දෙයක් නැහැ වැඩ කරනවා.
                         

Saturday, September 15, 2012

You Tube Downloader (උඹේ බටේ)

You Tube Downloader ගැන :-                                            අදනම් කාලෙකට පස්සේ තමයි Software එකක් දෙන්නේ.හැමෝම දන්න කියන Software එකක් .ඒත් සමහර අයනම් තාමත් You Tube එකෙන් Videos බාන්න IDM (Internet Download Manager ) ම පාවිච්චි කරනවා ඇති.ඇත්තටම IDM කියන්නෙත් අපි කරදර ගොඩක් විඳලා දාගන්න Software එකක්නේ.අපි කරදර විඳලා දාගන්නේ IDM එකෙන් File එකක් Download වෙන්න යන වෙලාව සාපේක්ෂව අඩු නිසානෙ.
                               අපේ මාතෘකාව You Tube සම්බන්ධ නිසා අපි බලමු IDM වලට වඩා You Tube Downloader හොඳ වෙන්නෙ ඇයි කියලා.අපි You Tube Video එකක් Download කරනකොට අපිට අවශ්‍ය ආකාරයට Quality එක සකස්කර ගැනීමේ හැකියාවක් මේ You Tube Downloader වල තියෙනවා.ඒ වගේම විශේෂ දෙයක් තමයි  අපේ video මේ Software එක හරහාම Convert කරගන්නත් පහසුවක් සැලසීම.ඒකත් හොඳයි අපේ I pod,I phone,PSP වගේ ඒවා පාවිච්චි කරන අයට.මොකද මේ Software එකෙන් අපේ video විශේෂයෙන්ම I pod,I phone,PSP වගේ ඒවට ගැලපෙන File Format වලට පහසුවෙන් Convert කරන්න පුළුවන්.ඒ වගේම ඔය සද්දෙ අඩු You Tube Video වල සද්දෙ වැඩිකරලා Convert  කරන්නත් මේ Software එකෙන් පුළුවන්.තව ඔය Download කරපු You Tube Video Play කරන්නත් මේ Software එක හරහා පුළුවන්.ඔයාලත් පහල තියෙන මෙතනින් බාගන්න බොත්තම ඔබලා Download කරගෙන බලන්න.