Thursday, September 20, 2012

Whoa!Google Chrome has crashed.Restart now ? විසඳුම

ප්‍රශ්ණය හා විසඳුම :-
                                           මට ආපු ප්‍රශ්ණයක් හින්දා තමයි අද මම මේ ලිපිය ලියන්නේ.අපි බොහෝ දෙනා Google Chrome පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන අයගෙන් බහුතරයක්ම Internet Download Manager ත් පාවිච්චි කරනවා.ඒ අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩියෙන්ම එන්නේ.යස අගේට Chrome වලින්  Internet එකේ එහෙමෙහෙ යද්දි එක පාරටම Whoa!Google Chrome has crashed.Restart now ? කියල Warning Massage එකක් එනවා ඒකේ තියෙන Button වලින් OK එබුවොත්  ආයිත් Google Chrome එක Restart වෙනවා.Cancel එබුවොත්  Struck වෙනවා.මාත් හොයලා බලද්දි තමා වැඩේ දැනගත්තේ. මාත් කාලෙක ඉඳලම පාවිච්චි කලේ ටිකක් පරණ IDM (Internet Download Manager)එකක්.මේ පරණ IDM Software හින්දා තමයි මේ ප්‍රශ්ණෙ ගොඩක් වෙලාවට එන්නේ.

විසඳුම:- ඔයත් පරණ IDM එකක්නම් පාවිච්චි කරන්නේ ඔයාටත් තියෙන්නේ අළුත් IDM එකක් දාගන්න.නැත්නම්. ඔයා දාගෙන ඉන්නේ Register කරපු IDM  (Original ) එකක් නම් ඔයාට පුළුවන් ඒකම Update කරන්න.
                                                                              තව දුරටත් අපිත් එක්ක ගේමට එන Software තියෙනවද කියල බලන්නනම් කරන්න තියෙන්නේ about:conflicts කියල Type කරලා Enter Press කරන්න.එතකොට List එකකුත් එක්ක No conflicts detected කියල එනවනම් කිසි අවුලක් නැහැ.ඒත් නිකන් හරි conflicts software එකක් තියෙනවා කියලා පෙන්වනවානම් කරන්න තියෙන්නේ හොඳවයින් Anti Malware Software එකක් දාගන්න එක.හොඳ Anti Virus Software එකක් ( Kasper sky Internet Security වගේ ) තියෙනවානම් වෙනමම Ant Malware Software දාගන්න ඕනෙ නැහැ.ඔයා පාවිච්චි කරන්නේ  Avira Free වගේ දෙකයි පනහෙ Antivirus Software එකක් නම් Malwarebytes වගේ Software එකක් දාගන්න එක තමයි හොඳ.
                                                                           ඔයාලා ලඟ තියෙන්නේ Windows Genuine නම් කරන්න තියෙන්නෙ පළවෙනියටම Start menue > Run ගිහින් SFC.EXE /SCANNOW කියලා ගහලා Run කරන්න.SFC කියන්නේ System File Checker.ඒක හින්දා System File ටික බේරගෙන හරියටම ලෙඩේ හොඳ කරගන්න ඒ අයට පුළුවන්.නැත්නම් System අවුල් ගියොත් Genuine Windows CD එකවත් නැති අය මොන දෙයියන්ට කියන්නද?