Sunday, September 30, 2012

w3schools.com (අ යන්නේ සිට HTML,CSS හා තවත් )

w3schools.com ගැන :-
                 ඔයාලත් HTML,CSS වගේ දේවල් ඉගෙණ ගන්න ආස වුණත් ඒ ගැන ලියවිච්ච පොත් දැක්කහම ඔළුව කැරකෙනවා නම් මම කියන මේ පිලියම ගොඩක් හොඳයි.
                මේ කියන වෙබ් අඩවිය තියෙන්නේ CSS, HTML, PHP, SQL, Java scripts ,jQuary  , XML, ASP.NET වගේ Web Development වලට වුවමණා කරන ජාති සරලව පියවරෙන් පියවර ඉගනගන්න අයට.සමහරෙක් ඇරෙන්න මේ අඩවිය ලංකාවෙ අයට අළුත් අඩවියක් නොවෙයි මොකද දැනටම මේ අඩවිය Alexa Ranking වල ලංකාවෙ 70-69 වගේ තැන්වල නිතරම තියෙනවා.
                                                                   මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ ගොඩාක් පාඩම් වලට උදාහරණ එම පාඩම ලඟ තියෙන Try it yourself කියන බොත්තම ඔබල අපිට බලාගන්න පුළුවන් වීමයි.එහිදී අපිට පුළුවන් Code වල වෙනස් කම් කරලා මොනවගේ දේවල් Preview එකේදි වෙනස් වෙනවද කියලා බලාගන්න.
                                                                 තව සමහරු හිතයි මොකක් වුනත් ඉංග්‍රීසියෙන් තියෙන නිසා අපි කොහොමද ඉගන ගන්නෙ කියලා ඒත් මේකේ තියෙන්නේ සරල ඉංගීසි නිසා ඉගනගන්න එච්චරම ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ.