Sunday, September 23, 2012

Malwarebytes ( අඩුව පිරවීම )

Malwarebyte ගැන :-                       
                        මම අද කියන්නේ කලින් ලිපියෙදි කියපු ප්‍රශ්නෙට තිබ්බ විසදුමක් වුන Software එකක් ගැන.දැන් අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බලමු.සාමාන්‍යයෙන් Anti Malware Software එකක් ඕන වෙන්නේ හරිහමන් Antivirus Software එකක් නැති අයට තමයි.
                          ඔය නිකන් දෙන Antivirus Software වල සාමාන්‍යයෙන් යම් යම් පහසුකම් කප්පාදු කරනවා.එහෙම Software එකක් දැම්මහම  ඒ Software එක නාමිකව Antivirus Software එකක් විතරයි.එහෙම ඒවයෙ ගොඩක් වෙලාවට Internet Security එක දෙන්නේ Premium Edition එකත් එක්ක.ලංකාවෙනම් ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ඔය කියපු විදිහෙ( Avira Free,AVG Freeවගේ ) Free Antivirus තමයි.ඒක හින්දා ඒවගේ අයට තමයි වැදගත් වෙන්නෙ මේ වගේ Anti Malware Software.
                                                                 මේ Malware නිසා එන දෝශ මම ඉස්සේල්ලා ලිපියෙදි එකක් කිව්ව.ඒවගේ මහ විශාල ප්‍රමාණයක් මේ අන්තර්ජාලය ඔස්සේ මේ වෙනකොටත් ප්‍රචාරය වෙනවා.ඒවා නිසා ඇතිවන ප්‍රශ්ණවලට මුහුණ නොපාන්නටනම් මේ Anti Malware එක දාගන්න එක ඇඟට ගුණයි.එහෙනම් ඔයාලත් දාගෙන බලන්න.මේපාර නම් ඕන විදිහක‍ට දාගන්න Key generator  එකකුයි Serial No ටිකකුයිත් තියවා.