Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Sunday, May 30, 2010

Adobe Photoshop CS5 ( පිංතූරකඩේ )




Photoshop ගැන :-                 
                     අද දෙන්න යන්නේ ලෝකේ විශාල පිරිසක් පාවිච්චි කරන විශාල පිරිසක් පුහුණු වෙන විශාල පිරිසක් තම රැකියාව වශයෙන් භවිතා කරන Photo Editing Software එකක්.නම ඇහුවාම නොදන්න එක්කෙනෙක් නැති තරම්.
                         මේ Software එක ලංකාවේ වෙළඳපොලේ රුපියල් 75000ක් වත් වෙනවා.මේක Adobe ආයතනයේ නිෂ්පාදනයක් නිසා එහෙම වෙනවද දන්නෙ නෑ.
                          මේ Software එක තනියෙන් ඉගෙනගන්න් එකත් හරිම ලේසියි Internet එකෙ බැලුවොත් ඕනැතරම් Tutorial තියෙනවා.සාමාන්‍ය පුද්ගලයකුට වුනත් මේ Software එක ඕනවෙන අවස්ථා ඕනතරම් තියෙනවා Photo එකක පොඩි පොඩි වෙනස්කම් කරන්නවත් අඩුම ගානේ දැනගෙන ඉන්නවනම් ඒක ත්මන්ගේ වැඩ පහසුකරනවා අනිවාර්යයි.
                                                මම මේ Software එක Download කරන්න දාලා තියෙන්නේ Torrent File එකක් විදිහට මොකද නැත්නම් මේ !.25 GB විතර File එක Download කරද්දි ඔයාලට Computer එක  OFF කරන්න වුනොත්.ලොකු වෙලාව නාස්තියක් වෙයි.


Thursday, May 27, 2010

Virtual DJ ( DJ උණට විසඳුම)

Virtual DJ ගැන :-       
                         අද කාලෙකට පස්සෙ තමයි Software එකක් ඔයාලට දෙන්නේ මේ Software එකෙන්පුළුවන් Sound Mixing ,DJ,වගේ එවා කරන්න .මේ Software එකක් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ තමන්ගේ කියල සිංඳුවක් Mix කරන්න.මේකේ ගොඩාක් Facility තියෙනවා. තව මේකේ සාමාන්‍ය DJ Machine එකක මතුපිට ස්වභාවයම නිසා සාමන්‍ය DJ Machine එකක්. පාවිච්චි කරන අයත් මේකට කැමතියි.මේක ඕන එක්කෙනෙක්ට සරලව පාවිච්චිකරන්න පුළුවන් විදිහට නිර්මණය කරල තියෙන හින්දා අළුතෙන් බාන අයටත් මේක හරිම ලේසි Software එකක්.මේ Software එක දරුණුවටම පාවිච්චි කරන අය මේක එක්ක තව Mixer එකකුත්Computer එකට Connect කරනවා,තව මේක ඕනෑම Computer එකකට දාන්න පුළුවන් හින්දා හා Apple Computer වලට වෙනම Download කරන්න පුළුවන් හින්දා මේක තවත් ජනප්‍රියයි.
                                                        මුලින්ම මේ Software එක පාවිච්චි කරපු අය තමයි දැන් ඔය සුපිරි DJ කාරයො වෙලා ඉන්නේ.DJ උණ තියෙන එක්කෙනෙක්නම් මේක Download කරලා ඇති නැත්නම් පහළින් බාගන්න

Monday, May 24, 2010

Madhura Dictionary ( වචන හැරවීම )

මධුර ගැන:-


අපි අද දෙන්න යන්නේ පරණ Software එකක්!! ඒ වුනාට මේක කවදාවත් අපිට අනවශ්‍ය වෙන්නෙ නෑ.මේක ඉංග්‍රීසි සිංහලටත් සිංහල ඉංග්‍රීසියටත් පරිවර්තනය කරන්න පුළුවන් Dictionary එකක්.මේක පාවිච්චි කරන අපිට එක අතකි ආඩ්ම්බර වෙන්නත් පුළුවන්,මොකද? මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක් පොඩි ඉඩක් විතරක් යන හින්දා මේක Computer එකට Install කරල තිබ්බයි කියල පාඩුවෙන එකක් නෑ.ඔයාට Internet නැත්නම් මේක Download කරන්න ඔයාට Internet තියෙනවනම්  Install කරන්න ඕනෙත් නෑ.ඔයාට http://www.maduraonline.com/ තුලින් ඔයාට ඕන කරන වචනය Type කරලා ඒකෙ තියෙන Translate Button එක Click කරලා සිංහල තෙරුම බලාගන්න.මේකෙ ගොඩක් වචන තියෙන හින්දා ඔයට ඕන කරන වචනය හරියට බලාගන්නත් පුළුවන්.

Saturday, May 22, 2010

USB Disk Security ( Offline වෛරස් මරුවා )

USB Disk Security ගැන:-


නූතනයේ මිනිසුන්ට ඩෙංගු ගේන මදුරුවො වගේ තමයි Computer වලට මේ USB .Internet හැරුණු විට මේවායෙන් තමයි ගොඩක් Virus ප්‍රචාරය වෙන්නේ.ඒක ඔයාලත් අත්දැකීමෙන් දන්නවා ඇති.ගොඩක් වෙලාවට ඒව එන්නේ අපිට පේනනේ නැතුව,සමහර වෙලාවට මේව Computer එකට ගොඩක් Damage කරනවා.ඒක හින්දා මේ වගේ Software එකක් දාගත්තට අවුලක් නැ.
මේකෙ විශේෂත්වය තියෙන්නේ මේක Update කරන්න ඕනෙ නැතිවීමයි.මේක ගොඩක් වටින්නේ Internet පහසුකම නැති යාළුවන්ට.තව මේකේ තියන හොඳක් තමයි මේක වැඩිය ලොකු Software එකක් නොවීම.මේක Install කර‍යි කියලා Computer එක Slow වෙන්නෙත් නෑ.

විශේෂයි :- හොඳ Antivirus Software පාවිච්චිකරන අයටනම් මේක එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් මේක Internet නැති අයටනම් ගොඩක් හොඳ Software එකක් 


බාගන්න අයට උපදෙස් :-මෙතනින් බාගන්න Button එක Click කරල ඊට පස්සේ එන Window එකේ Download Button එක Click කරන්න ඊට පස්සේ එන Window එකේ Verification Code කියන තැනට එහාපැත්තෙ තියෙන අකුරු ටික Type කරලා Download Button එක උඩ Click කරන්න.ඊට පස්සෙ සාමාන්‍ය විදිහට Install කරන්න.

Thursday, May 20, 2010

DiskDigger (වැලලුන දේවල් ගොඩගන්න සවල)

DiskDigger ගැන:-


මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,ගොඩක්කල් ඔයාලාට අලුත් දෙයක් දෙන්න බැරිවුනාට.
අද මම ඔයාලට දෙන්නේ ඔයාලාට ගොඩක් ඕන වෙන Software එකක් මේකෙ නම තමයි DiskDigger මේකෙන් පුළුවන් Delete කරපු Files ආපහු තිබ්බ විදිහටම ලබාගන්න.මේකෙන් Images ,Videos ,Musics,වගේ ඒවා නැවත ලබාගන්න පුළුවන්.මේක මඟින්Pen Drive,Memory Card,I pod,වගේ දේවල් වලින් Delete කරපු ඒවත් හොයාගන්න පුළුවන්.Install කරන්න දෙයකුත් නෑ වැඩිය ඉඩ යන්නෙත් නෑ.කොටින්ම කිව්වොත් 2MB වලටත් වඩා අඩුයි.තව අනිත් ඒවා වගේ පැයගනන් Search කර කර ඉන්න ඕනෙත් නෑ පටස්! ගාලා හොයල දෙනවා
ඔයා වැරදිලා Delete කරපු ඒවා නැවත ලබාගන්න,ඔයාගෙ අතින් සිද්දවෙච්ච වැරැද්ද හරිගස්සන්න වගේ ඒවට DiskDigger ඔයාට උදව්කරයි.

මෙය ඉෂාන් මධුසංඛගේ අදහස පරිදි මාගේ Blog එකට මා විසින් යොදන ලදී

Sunday, May 16, 2010

Cheat Book ( සූත්තර කාරයා )

Cheat Book ගැන:-

                          Cheat Book කියන්නේ Games ගහන අය වැඩියෙන් පාවිච්චිකරන Software එකක්

මොනවද මේකෙන් කරන්න පුළුවන්?

                                     මේකෙන් කරන්නේ Computer Games වල තියන Cheats නැත්නම් Password හොයලා දෙන එක.සමහර Games වලට Cheats තියෙනවා ඒවයෙන් පුළුවන් Games වල තියෙන දේවල් වෙනස් කරන්න.
උදාහරණයක් ලෙස Vice city Game එකේ Weapon ගන්න,වෙඩි නොවදින්න,වගේ ගොඩක් දේවල් වලට මේකෙ තියෙන Cheats උපයෝගී වෙනවා.
මේක ගැන Games ගහන අයටනම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.මේකේ ගොඩක් Game වලට Cheat තියෙනවා.ඒත් මම නම් Cheat ගහලා Games ගහන එක නිර්දේශ කරන්නෙ නෑ.ඒත් Games ඉවර කළාට පස්සේ මේකේ තියෙන cheats ගහල Game එක ගහන්න.
:)හැබැයි මේක ජොලි වැඩේ: D:D

බාගන්න අයට උපදෙස් :-
                                                                     මුලින්ම මේ File එක බාගන්න,ඊටපස්සේ ඔයා බාගත්ත Win RAR file එක උඩ Double කරන්න , ඊටපස්සේ ඔයාට ලැබෙන Window එකේ උඩ තියෙන Extract to කියන Button එක Press කරන්න,ඊටපස්සෙ ඔයාට File එක දාන්න ඕන තැන Select කරලා OK කරන්න.ඊට පස්සෙ ඔයාට ලැබෙන Folder එකේ තියෙන Setup File එක උඩ Click කරලා Install කරගන්න.

Friday, May 14, 2010

DFX (සද්ද බද්ද කාරයා)

DFX ගැන:-


                                          අපේ අයගෙ කැමැත්තක් තියෙනවනෙ කරන ඒවා කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න.ඒවගේ අයට තමයි අපි මේ Software එක දෙන්නේ.මේක තියෙන්නේ Computer එකේ තියෙන එක එක Music/Video Player වල Sounds වැඩි කරන්න,ඔයාට ඕනෙමනම් ඔයාගෙ Computer එකේ Sounds වල Quality එක වැඩිකරගන්නත් පුළුවන්.සමහර Software වලින් මේක පුළුවන් වුනාට මෙච්චර Quality එකට කරන්න බෑ,ඒවායින් පොඩි පොඩි ටකරන් සද්ද ආවට මේකනම් එහෙම නෑ,මේක එක එක Player එකට වෙන වෙනම තමයි Install කරන්න තියෙන්නේ,ඒක හින්දා ඔයාලා වැඩියෙන්ම පාවිච්චි කරන Player එකට ගැළපෙන එක බාගන්න.දැන් මේකේ අලුත්ම Player එක I pod වලටත් දාන්න පුළුවන්. I podතියෙන යාළුවො ඉන්නවනම් මේක දාලා බලන්න
                                  මේදවස්වල වැඩියෙන් කට්ටිය පාවිච්චි කරන්නේ Windows 7 හින්දා මේක දැන් Windows 7 වලටත් නියමෙට වැඩ කරනවා.


බාගන්න අයට උපදෙස්:-

I podවලට දාන්න බානවනම් පහල තියෙන 

එකෙන් ගිහින් ඔයාට ලැබෙන Window එකේ ඔයාගෙ Email Address එක Type කරන්න ඊටපස්සෙ Download Now Button එක Click කරන්න.


Thursday, May 13, 2010

Everest (අපිගැන කන්දක් තොරතුරු )


Everest ගැන:-

Everest කියන්නේ ලෝකෙ විශාලතම කන්ද,ඒ වුනාට මේ Everest එකනම් එච්චර ලොකු එකක් නෙමෙයි.මේකෙන් කරන වැඩේ තමයි තමන්ට හොයාගන්න බැරි ඔයාගෙ Computer එකේ තොරතුරු හොයලා දෙන එක.ඔයාට ඕනෙනම් ඔයාගෙ Computer එකේ තොරතුරු ගන්න ඔයාට පුළුවන් මේක Install කරලා මේකෙන් ගන්න මේකෙන් ගන්න පුළුවන්. Computerඑකේ Full විස්තරේ ඔක්කොම අයන්නෙ ඉඳලම දානවා.අපි උදාහරණයකට Ram එක ගනිමු,මේකේ Size එක Bus Speed එක,හදන Company එක, එකේ Use capacity කරන ප්‍රමාණය.ඒක හින්දා කවුරු කවුරු වුනත් මේ වගේ Software එකක් ළඟ තියාගෙන ඉන්න එක හොඳයි,
තව............. ඔයාටහොයාගන්නපුළුවන්,Motherboard විස්තර,Memory විස්තර,Multimeadia ,Sound Devices විස්තර,Net Work විස්තර,අනිත් Devices ගැන විස්තරත් ගන්න පුළුවන්.දැන් ඉතින් මේ Article එක කියවන ඔයාලත් මේක Download කරගත්තනම් හොඳයි නේද?????


Wednesday, May 12, 2010

Avast ( මහසෝන් මට්ටුව )


Avast ගැන :-
මේ තියෙන්නෙ Avast කියන Anti virus software එක.මේක හරි ඉක්මණට ජනප්‍රිය වෙච්ච Anti virus Software එකක් කිව්වොත් හරි,Avast Anti virus Software එක මගින් Computerඑකට Full ආරක්ෂාවක් දෙන හින්දා මේක ගොඩාක් අය අතරේ ඉක්මණට ජනප්‍රිය වුණා. ඔයාල දන්නවනෙ අනිත් එක එක Anti virus Software වල දෙන Free Package එකේ එයාලගෙ Premium Package එකවගේ හොඳට Virus අල්ලගන්නෙ නැනෙ. ඒත් මේක එහෙම නෑ. Avast Free Package එකත් අනිත් Anti Virus Software වල Premium Package වගේම හොඳට Virus අල්ලනවා.
මේකේ Pro Edition එකේ Web Securityත් තියෙනවා.ඔයාට ඕන කරන Package එක ඔයා තෝරගන්න. ඔයාගේ Computer එක තාම වෛරස් අවදානමක නම් මේක අදම Install කරගන්න.(විශේෂයි:-.මඟින් වර්තමානයේ ව්‍යාප්ත වෙමින් පවතින මහසෝනා, Autoplay වගේ Virus ගොඩක් අල්ලනවා.)





Tuesday, May 11, 2010

Torrents (Download පෙරළිකාරයා)

Torrent ගැන :-

Torrent කියන්නේ ලෝකේ ගොඩක් කට්ටිය පාවිච්චිකරන Software&Site එකක්.ගොඩක් අය මේක ගැන දැනගෙන හිටියත් සමහර අය මේක ගැන හරියට දන්නෙනෑ.මේක යොදාගන්නේ Torrent වර්ගයේ Site වල ඇති Torrent Files Download කරගැනීමටයි.මොනවද මේ Torrent Files,මේවායේ පොඩි විශේෂයක් තියෙනවා ඒක තමයි මේවා Download කරනකොට මග නවතා තබන්න(Resum) පුළුවන්.එම නිසා ඉතා විශාල File Download කිරීමට මෙය යොදාගනියි.

මොනවාද මේ Seed / Peer (Leechers) කියන්නේ ?

මේක තමයි මුලින්ම බලන්න ඕනේ. Seed කියන්නෙ Torrent File වල Speed එකට බලපාන සාධකයක්.Seeds වැඩිවෙන්න වැඩිවෙන්න Torrent File එක Download වෙන Speed එක වැඩියි.වැඩි දෙනෙක් ඔයා Download කරන Torrent File එකම Download කරනවනම් ඔයාට තවත් මේක Speed Download කරගන්න පුළුවන්.ඔය Torrent Files Downloadකරනකොට Torrent Comments වල තියෙන්නෙ Seed කරන්න කියලා.තව ඔය Torrent file Download කරනකොට බලන්න ඒ Torrent Comment වල තියනවා ඔයා .Download කරන්න හදන File එක බොරු එකක්ද කියලා.සමහර අය තමන්ගේ Site එක එයාගෙ Video Player එක ප්‍රසිද්ධ කරගන්න බොරු වට Movies වගේ ලොකු Files දානවා ඔයාල දැනගන්න ඕනේ පරිස්සමෙන් Download කරන්න.

අපි Torrent File එකක් Download කරන හැටි මුලින්ම බලමු...

මුලින්ම මේ පහල තියෙන Software වලින් එකක් ඔයාගෙ Computer එකට දාගන්න ඔනේ.මේවවලින් විතරයි Torrent File Download කරන්න දෙන්නෙ.

කොහොමද Download කරන්නේ?????

දැන් තියෙන්නේ Torrent Site එකකට යන්න මම පහළින් Site 2ක් 3ක් දෙන්නම්, ඕවට ගිහින් ඔයාට ඕන කරන දේ Search Box එකේType කරලා Search කරන්න.එතකොට එන List එකෙන් හරි එක තෝරගෙන ඒක උඩ Click කරන්න ඊට පස්සේ Download Torrent කියන එක Click කරලා Torrent File එක Download කරගන්න.ඊටපස්සෙ ඔයා ඒ Torrent File එක ඔයාගෙ Computer එකේ තියන තැනට ගිහිල්ලා ඒක උඩ Double Click කරන්න.එතකොට නිකන්ම Torrent Software එකෙන් Download වෙන්න පටන්ගන්නවා.
http://torrents.to/ (මේක තමයි ප්‍රධානම එක)
http://www.torrentz.com/ (මෙහිදී Torrent එක තෝරගත් පසු ඔබ එය Download කිරීමට කැමති Site එක මොකක්ද කියලා අහයි.එතකොට ඔයා එතන තියෙන Site එකක් Click කරන්න) විශේෂයි:- මෙහිදී එක් එක් ජාතියේ Torrent File Download කිරීමට විශේෂ වු Torrent site ඇතිබව සලකන්න.(Videos-http://btjunkie.org/)

එහෙනම් කරලා බලන්නකෝ.......

Sunday, May 9, 2010

KODU (ගේම් දෙන කෝඩුකාරයා)


KODU ගැන :-

මෙම Software එකත් Microsoft ආයතනයේ තවත් නිෂ්පාදනයක්.මේක තමයි අළුත්ම Game හදන Software එක.දැන් ඉතින් නිදිමරාගෙන Game හදන්න ඕනෙ නැ.දැන් මේ Software එක මගින් ලේසියෙන් Game හදන්න පුළුවන්.ඔයාට පුළුවන් දැන් ඔයාට දැනෙන විදිහට Game එකක් හදාගෙන ඔයාට කැමති විදිහට ගහන්න.නැත්නම් ඔයාගෙ යාළුවන්ට Game හදල අභියෝග කරන්න.මේකෙන් Game හදන්න තවත් ලේසි වෙලා තියෙන්නෙ එක එක Action වලට දෙන්න ඕන Command අතලගටම දීල තියෙනවා. Script Type කර කර ඉන්න ඕනෙත් නෑ.ඔයාලත් Try එකක් දාල බලන්න හොඳ Game එකක් ඔයාත් හදාගන්න පුළුවන් වෙයි.

Thursday, May 6, 2010

Virtual PC (මනඃකල්පිත පරිගනකය)







Virtual PC ගැන :-

මොකක්ද මේ Virtual PC කියන්නේ !මේක Microsoft ආයතනයේ නිෂ්පාදනයක්.මෙමගින් ඔබගේ Computer එක තුළ තවත් Computer එකක් ස්ථාපනය කරගන්න පුළුවන්.මේ සදහා මුළින්ම මේ Virtual PC එක Install කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට RAM ,VGA, Hard එකේ space ලබාදිය යුතුයි.ඉන්පසු ඔබගේ Virtual PC එක ක්‍රියාකරවන්න,දැන් ඉතින් Windows දාන්න.සාමාන්‍ය විදිහට Hard එක බෙදලකරලා Windows දාන්න ,ඉන්පසු ඔබගේ සාමාන්‍ය Computer එක වගේම ඔබගේ Virtual PCඑකත් තියේවි.දැන් ඉතින් අනුන්ගෙ Computer වල තමන්ගෙම කියල Computer එකක් හදාගන්න පුළුවන්, Software Install කරන්න ,Pen,CD, DVD, I pod, Detect කරගන්නත් මේකට පුළුවන්.හැබැයි ඔයා Virtual PCඑකට Windows Install කරන්න කලින් RAM,Hardඑකේ ඉඩ, දෙනකොට ඔයා දාන්න හදන Operating System එක මොකක්ද කියලා තීරනය කරන්න ඕනේ.මේකට Windows විතරක් නෙමෙයි Ubuntu, Red hat වගේ ඒවත් Install කරන්න පුළුවන්,ඕනෙමනම් Computer 2ක් 3ක් වුනත් හදන්න පුළුවන්.

ඔයා මේක Microsoft එකෙන් බානවනම් ඔයා පාවිච්චිකරන System එකේ වර්ගය තෝරන්න වෙනවා(Starter 32-Bit, Home Premium වගේ)මේක බලාගන්න පුළුවන් My computerවල Properties ගිහිල්ලා.


(නිකන්ම බාගන්නවානම් එතන පෙත්තකින් තියෙන External Mirror කියන එවායින් ඔබට ගැලපෙන එක තෝරා ගත යුතුය.)






Picasa (Photo Shop වලටත් Google කෙළියි !!!!!!! ?)


Picasa ගැන :-


Picasa කියන්නේ Photos බලන්න පුළුවන් Software එකක් මේකෙන් පුළුවන් ගොඩක් වර්ග වල Photos බලන්න ඒ වගේම තමයි මේකෙන් පුළුවන් Camera වලතියෙන Photos බලන්න,Photo Slide Showහදන්න,Video Playකරන්න,Photo Edit කරන්න.මේකෙන් තව පුළුවන්,Blog එකට Photos දාන්න.මේකට ගොඩක් අයලගට යන්නෙ Google Pack ඔස්සේ.මෙය Google ආයතනයේ Software එකක් නිසා මෙය වැඩි දෙනා ඉක්මනින් ලබාගන්නවා.

:) :)මෙයත් Picaso වගේ හින්දා වෙන්නඇති මෙහෙම නමක් දාන්න ඇත්තෙ :D :D

Wednesday, May 5, 2010

Google Pack ( google පැකට් එක )



Google Pack ගැන:-

Google මගින් හදුන්වාදෙනු ලබන Google Pack යනු Software එකතුවක් කිව්වොත් හරියටම හරි.මේකෙ තියෙන Software ටික මෙහෙමයි,
Google Chrome Web Browser
Google Apps
Google Desktop
Adobe Reader
Google Talk
Google Earth
Google Toolbar for IE
Picasa
Firefox with Google Toolbar
Spyware Doctor with Anti-Virus
Skype
RealPlayer


මේවා ඔබගේ Computer එකට Install කරග්ත්තොත් තියෙන වාසිගොඩයි ඔබගේ Computer එක ආරක්ෂා වෙයි,ඔයාගෙ Password ආරක්ෂා වෙ‍යි, Video Download කරගන්න ලේසිවෙයි ,Photos බලන්න ලේසිවෙයි. ඒක හින්දා බල බල ඉන්න එපා දෙන්ම Download කරගන්න.

Sunday, May 2, 2010

RealPlayer (ඇත්තටම වැඩ ගොඩයි)



Real Player ගැන:-

අද අපි කතාකරන්න යන්නේ හොඳ ජනප්‍රිය Audio/Video Player.එකක් ගැන මෙය ඔබ දැනටමත් මෙයගැන දන්නවාද විය හැක.මෙමගින් කළ හැකි දේවල්නම් ගොඩයි.මේයින් YouTube,Metacafe,Facebook හා වෙනත් Video කිරීම.වෙනත් Phone,Mp3 Player Mp4 Player වැනි උපකරණ වලට සින්ඳු දාගන්නත් මෙයින් පුළුවන්.එමෙන්ම මේ Download කරගත්ත අරවමේවා DVD වලට Burn (Write)කරන්නත් පුළුවන් හින්දා මෙය ගොඩාක් වැඩ කරල දෙන Software එකක් කියන්න පුළුවන්.

Saturday, May 1, 2010

Avira Antivirus (වෛරස් වැස්සට කුඩය ඉහලමු)


Avira Anti virus Software එක ගැන:-

Avira Antivirus Software එක යනු නවතම මාදිලියේ Antivirus Software එකකි මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර Online මෙන්ම Manualද මෙය Update කලහැකි වීම නිසා Internet පහසුකම නැති අයටත් සේවා සැපයීමට මෙයට හැකිවෙලා තියෙනවා.මෙය Install කිරීමෙන් Computer එක Slow වීමක් වෙන්නෙ නැති නිසා හා ක්‍රියා කරවීමේ පහසුව නිසා මෙය තවත් ජනප්‍රිය වෙමින් පවතී
ඒවගේම තමයි මේකෙ Virus අල්ලගන්න තියන හැකියාවද ඉතා ඉහළ මට්ටමක පවතිනවා කියන්න පුළුවන්

මෙතනින් බාගමු