Thursday, May 6, 2010

Virtual PC (මනඃකල්පිත පරිගනකය)







Virtual PC ගැන :-

මොකක්ද මේ Virtual PC කියන්නේ !මේක Microsoft ආයතනයේ නිෂ්පාදනයක්.මෙමගින් ඔබගේ Computer එක තුළ තවත් Computer එකක් ස්ථාපනය කරගන්න පුළුවන්.මේ සදහා මුළින්ම මේ Virtual PC එක Install කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට RAM ,VGA, Hard එකේ space ලබාදිය යුතුයි.ඉන්පසු ඔබගේ Virtual PC එක ක්‍රියාකරවන්න,දැන් ඉතින් Windows දාන්න.සාමාන්‍ය විදිහට Hard එක බෙදලකරලා Windows දාන්න ,ඉන්පසු ඔබගේ සාමාන්‍ය Computer එක වගේම ඔබගේ Virtual PCඑකත් තියේවි.දැන් ඉතින් අනුන්ගෙ Computer වල තමන්ගෙම කියල Computer එකක් හදාගන්න පුළුවන්, Software Install කරන්න ,Pen,CD, DVD, I pod, Detect කරගන්නත් මේකට පුළුවන්.හැබැයි ඔයා Virtual PCඑකට Windows Install කරන්න කලින් RAM,Hardඑකේ ඉඩ, දෙනකොට ඔයා දාන්න හදන Operating System එක මොකක්ද කියලා තීරනය කරන්න ඕනේ.මේකට Windows විතරක් නෙමෙයි Ubuntu, Red hat වගේ ඒවත් Install කරන්න පුළුවන්,ඕනෙමනම් Computer 2ක් 3ක් වුනත් හදන්න පුළුවන්.

ඔයා මේක Microsoft එකෙන් බානවනම් ඔයා පාවිච්චිකරන System එකේ වර්ගය තෝරන්න වෙනවා(Starter 32-Bit, Home Premium වගේ)මේක බලාගන්න පුළුවන් My computerවල Properties ගිහිල්ලා.


(නිකන්ම බාගන්නවානම් එතන පෙත්තකින් තියෙන External Mirror කියන එවායින් ඔබට ගැලපෙන එක තෝරා ගත යුතුය.)