Wednesday, January 30, 2013

Firebug ( ගිනි කුරුමිණියා )

 Firebug ගැන :-      
                                                          මම අද කියන්න යන්නේ අපේ Web Designing. කරන අයට හොඳTool එකක් ගැන පොඩි විස්තරයක්. Web Designing/ Development එක්කම ඉන්න අයනම් මේගැන නොදන්නවා වෙන්න බැහැ මොකද මේ tool එක සෑහෙන ප්‍රසිද්ධයි. ඒත් අලුතින්Web Designing/Development වලට ආපු අය එහෙම මේක ගැන වැඩිය දන්නේ නැහැ.ගොඩාක් වෙලාවට CSS style කිරීමේදී එහෙම හරි හරියට ඕන වන Tool එකක් තමයිමේක.අපිට  පොඩි පොඩි Style Adjustment  කිරීම් මේ ඔස්සේ කරලා පස්සේ Style ටිකCopy කරලා අරගෙන අපේ CSS Style Fileඑකට දාගන්න පුළුවන්.
                                                                  Google Chrome  පාවිච්චි කරන අයටනම් මේ වගේ Tool එකක් Google Chrome Install කරද්දිම හම්බවෙනවා.ඒත් ඉතින් එයිට වඩා පාවිච්චියට ලේසි Fire Bug එක තමයි.මම පහලින් දීලා තියෙන මෙතනින් එකතු කරගන්න බොත්තම හරහා ගිහින් ඔයාගෙ Fire fox Version එකට ගැලපෙන Fire Bug එක දාගන්න.මේ Add-on එකInstall කලාම Fire fox එකේ දකුණුපැත්තෙ  උඩට කුරුමිණියෙක්ගෙ Buttonඑකක් එයි.ඒක Click කලාම හෝ F12 Button එක එබුවහම අපිට පුළුවන් අදාල පිටුවෙ Source Code එක බලාගන්න.මේ Source Code එකේ තියෙන HTML Tag උඩ Click කලාම ඒ Tag වලට අදාල Style දකුණුපැත්තෙන් පෙන්වනවා.අපි එතන Double Click කලොත් අලුත් Style දාන්න තියෙන ඒවා Delete කරලා වෙනස් කරලා බලන්න එහෙම පුළුවන්.( අපි Type කරන Code වලට Suggestions එහෙමත් එනවා බයවෙන්න දෙයක් නැහැ )අපිට ඕන විදිහට මේ වෙනස් කිරීම කරලා ඒ වෙනස් කිරීම Copy කරගෙන ගිහින් CSS එකට දාගන්න ඔයාලට පුළුවන්.
                                                               තව අපිට Web Browser එකේ පෙනෙන Button එකක් හෝ ඕනම එකකට අදාල Style බලන්නහෝ වෙනස් කරන්න ඕනෙනම් අපිට කරන්න තියෙන්නේ .අපිට අවශ්‍ය තැන Right Click කරලා Inspect Element with Firebug Click කලාම Source Code එකේ අදාල Tag එක තියෙන තැනයි Style ටිකයි දෙකම පහලින් පෙන්වනවා.
                                                             එතකොට ඔයාලා කියයි ඕකට Fire Bug ඕනෙද Dreamweaver වල Code view / Design view දෙකම දාගත්තහම ඕක ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා.ඒත්  Dreamweaver වලදී සමහර කරන වෙනස් කම් Browser එකේදී බලද්දි හරියට වෙන්නේ නැහැ.
                                                                සමහරු නම් මේ වගේ ඒවා පොඩි පොඩි හොර වැඩවලට යොදාගන්නවා. උදාහරණයක් විදිහට මම එකක් කියන්නම්.සමහරු Facebook Login Page එකට ගිහින් ඒකෙ Password එක ගහන්න තියෙන ඉඩ  උඩ Right Click කරලා Inspect Element with Firebug ගිහින් ලැබෙන Highlight වෙච්ච Codeඑකේ type="password" කියන එක type="text" කියලා හදනවා.දැන් ඉතින් Password එකට තරු වැටෙන්නේ නැහැ.ඊට ප්ස්සෙ Firebug එක Minimize කරන්න අමතක කරන්න එපා.දැන් ඉතින් කරන්න තියෙන්නේ කඩිමුඩියෙ Password ගහන යාළුවෙක්ට Facebook Log වෙන්න කියන එක.අපි මේ Page එක Reload කලාම ඒකරපු වෙනස්කම් නැතිවෙලා යනවා.
 ඔයාලත් ඔයාලගෙ Fire Fox වලට මේ Add-on එක දාගන්න.