Wednesday, January 16, 2013

Gossip Reader Android Application ( ඕප දූප කියවන අයට )


 Gossip Reader Application එක ගැන:-
                                  අද ඔයාලට කියන්න යන්නේ මේ දවස්වලනම් ලංකාවෙ අයට වටිනම වටින Android Application එකක් ගැන.කවුරුත් දන්නවා මේ දවස් වල ලංකාවෙ අය වැඩියෙන්ම බලන වෙබ් අඩවි ඇහුවොත්.අනිවාර්යෙන්ම ඔය මුල් web site 10 තුල ඕප දූප ( gossips ) වෙබ් අඩවි එකක් වත් තියෙනවාමයි.
                              ගොඩක් අය මේ අඩවි වලාට වැඩියෙන් යන්නෙ අනිත් අඩවි වලට වඩා යම් දෙයක් මෙයාලගෙ වෙබ් අඩවි වල තියෙන නිසයි (ඕප දූප වලට් කොහොමත් ඉතින් කියන අය අතිනුත් ටිකක් දානවනෙ).ඒත් මේ අඩවි වලට ගියාම පුදුම කරදරකාර විදිහට දැන්වීම්( බොහෝ වෙලාවට GIF Animation )පිරිලා තියෙනවා.ඒක නිසා සාමාන්‍යයෙන් Site  එක Loadවෙන්නම වැඩිවෙලාවක් යනවා.මේ ප්‍රශ්නය Computer එකෙන් Internet යන අයටනම් අවුලක් නැහැ.ඒත් Mobile Phone වලින් Internet යන අයට මෙච්චර දැන්වීම් ගොඩක් Load වෙන එක ප්‍රශ්ණයක්.ඒ නිසා Gossip බලන්න මේ Android App එක දාගත්තනම් කිසි කරදරයක් නැහැ.අනවශ්‍ය දැන්වීම් මුකුත්ම නැහැ.ඒ විතරක්ම නෙවේයි ලංකාවේ ප්‍රසිද්ධම Gossip අඩවි 3ක අළුත්ම News වලින් මේ Application එක Update වෙනවා.ඒ අඩවි 3 තමයි ගොසිප් ලංකා, ගොසිප් 9,ලංකා ඊ ගොසිප් කියන ඒවා.මේ Application එක ඔයාලටත් පහල මම දීලා තියෙන Link ඔස්සේ ගිහින් play.google.com හරහා Download කරගන්න පුලුවන්.මේ Application එකේ Size එක වෙන්නේ 828K පමණ.මේ Application එක දාන්න අඩුම තරමින් Android 2.2 වත් අවශ්‍යයි එයිට ඉහල Version වල හොඳට වැඩකරනවා.එහෙනම් අදට ඔය ඇති.