Tuesday, August 21, 2012

Get Jar (ජංගම දුරකථන උමතුව සඳහාමයි)

Get Jar ගැන :-
                              අදත් කියන්නේ තවත් Software Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ Computer වලට නෙමේ  Mobile Phone වලට.ඔයා ඔයාගෙ  Mobile Phone එක අරන් අවුරුද්දක්වත් වෙනවානම් ඔයා මේ Web Site එක ගැන අනිවාර්යයෙන්ම දන්නවා නොඅනුමානයි.ඔයාට මේ Web Site එක බලන්න Mobile Phone එකෙන් වගේම Computer එකෙනුත් යන්න පුළුවන්.මේ Web Site එක ලෝකයේ  Mobile Applications සඳහා වෙන්වූ අංක එකේ Web Site එකක් කිව්වොත් හරි.මේ Web Site එකේ දැනට 500000 ට ආසන්න Developersලා හා ඒ අයගෙන් නිකුත් වූ Application (Games,Softwares) 700000ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ වගේම ඒවා Download කිරීම් ලෝකය වටෙන්ම බිලියන ගනනින් දිනකට සිදුවෙනවා. 

අපි ඕනෑම Application එකක් Download කරද්දි මේ Software එකෙන් Set Your Device කියලා එකක් එනවා.ඒකේ ඔයාගේ Mobile Phone එකේ වර්ගය සඳහන් කරන්න ඕනෙ උදා:- Samsung/Sony Ericsson/ Nokia කියලා එහෙම ගැහුවහම  ඔයාට ඒ Application එක දාන්න පුළුවන් Phone වල රූප පහලින් පෙන්වයි එතනින් ඔයාගේ Mobile Phone එකට අදාල රූපය Select කරාම නිකන්ම Download වෙනවා.මේ විදිහට Computer එකෙන් Download කරලා ඔයාගේ Phone එකට දාලා Install කරගන්න හෝ Phone එකෙන්ම ගිහින් Download කර Install ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගත හැකියි.