Friday, August 31, 2012

PhotoInstrument ( මූණ හොඳට තියාගන්න )


PhotoInstrument ගැන :-
                          මම කලිනුත් මේ Software එක ගැන ලියලා තිබ්බා ඒ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබිච්ච හින්දා සහ ඒ දාලා තිබ්බ Link එකේ පොඩි අවුලක් නිසා තමයි මම අද මේ ලිපිය ලියන්න හිතුවෙ. 
                             මේ Software එක තියෙන්නේ ඡායාරූප පහසුවෙන් නවීකරනය කරන්න විශේෂයෙන් මිනිස් රූප සහිත ඡායා රූප වලට වෙලා තියෙන විවිද අකරතැබ්බ නැත්නම් අඩුපාඩු වගේ දේවල් හදාගන්න.උදාහරනයක් Photo වල විදිහට අපිව මහතට පෙනෙනවනම් කෙට්ටු කරගන්න කෙට්ටුවට පෙනවනම් මහත් කරගන්න හා මූණෙ තියෙන වලවල් ,කුරුලෑ, පැල්ලම් ,රැලි නැතිකරගන්නත් Photo එකක් ගන්නකොට වට පිටාවෙ ඉන්න අයව ඇඟට නොදැනි අයින් කරගන්නත් මේ Software එකෙන් පුළුවන්. 
                                                                      බොහෝ දෙනා Facebook එකට එක එක විදිහට Photos අරගන්නවා.සමහර අය Makeup දාලා හරි වැඩ දාලා ගන්නවා.සමහරු නිකන්ම නිකන් Photo එක අරන් Photoshop වලට දාලා දන්න ශිල්ප ඔක්කෝම දාලා Photo එකට පොඩි Operation එකක් දෙනවා.
මම මේකියන Software එකෙන් ඔය Makeup දාලා Photos ගන්න අයටයි Photoshop වලින් Photos Operation කරන අයටයි දෙගොල්ලන්ටම වාසියි.මොකද මේ හැම වැඩක්ම ( Makeup , Lipstick ,Eye Shadow )මේ Software එකෙන් තාත්වික විදිහට කරගන්න ඔයාලට පහසුවෙන්ම පුළුවන්.
                                                                    මුලින්ම ඔයාලට තියෙන්නේ පහල තියෙන මෙතනින් බාගන්න කියන Button එක උඩ Click කරලා මේ Software එක බාගන්න එක.ඊට පස්සේ සුපුරුදු විදිහට Install කරගන්න.ඔන්න ඊට පස්සේ PhotoInstrument  Software එක Open කරගන්න.ඊට පස්සේ ඔයාගෙන්Registration Key එකක් එහෙම ඉල්ලුවොත් ඔයා Software එක Download කරපු තැන ඇති Serial කියලා Text Document එකක් ඒක ඇතුලේ තියෙනවා Registration key & Email Address එක ඒක Copy කරගෙන ගිහින් ඒ අදාල තැන් වල Paste කරන්න.දැන් වැඩේහරි.
                                                                       PhotoInstrument වලින් කරන්න පුළුවන් වැඩ හැම එකක්ම අහුවෙන විදිහට උදාහරණ ටිකක් (Videos විදිහට) ඔය Software එක Open කරනකොටම ඔයාලට බලාගන්න පුළුවන්.ඒ උදාහරණ Open කලාම ඔයාගේ මේ තියෙන Mouse Courser එකමයි එහාමෙහා යන්නේ ඒ Video එක  ( උදාහරණය )මැද්දෙදි ඔයාට මේ  Mouse Courser එක නවත්වන්න ඕනෙනම් කරන්න තියෙන්නේ Keyboard එකේ Esc Button ඔබන එක.මේ උදාහරණ ඔස්සේ ගිහින් ඔයාගේ Photo වලටත් වෙනසක් කරගන්න ඔයාට අමාරුවෙන එකක්නම් නැහැ කියලා මට විස්වාසයි.