Monday, August 27, 2012

YouTube to MP3 Plugin ( FLV වලින් MP3 වලට එකවර )

 YouTube to MP3 Plugin එක ගැන :-                                                                  
                              යාල දන්නවා ගොඩාක් වෙලාවට ගායකයින් Audio Track එකක් කරලා ටික කාලෙකට පස්සෙ තමයි ඕවට Video හදන්නෙ.ඒත් ඔය සින්දුවක් හොඳට හිට් වේගෙන එනකොට කට්ටිය පොඩි පොඩි Photo කෑලි ටිකක් දාලා Slideshow එකක් හදලා YouTube එකට දානවා.අපිට ඔය Photo කෑලි වලින් වැඩක් නෑනෙ ඒක හින්දා අපි ඔය Video Download කරලා ඊටපස්සෙ MP3 වලට Convert කරනවා.වැඩ ගොඩායි!!!.ඒ වැඩ අඩුකරන්න තමයි මේ Software එක තියෙන්නෙ.මේ Google Chrome Extension එක දැම්මහම ඔයාලට පුළුවන් ඔය අනංමනං Photo කෑලි වෙනුවට එක පාරම MP3 එක විතරක් Download කරගන්න.
                            මුලින්ම මේ Plugin එක Google Chrome වලට එකතු කරගන්න ඊට පස්සෙ ඔයාලාට Download කරන්න ඕන YouTube Video එකට ගිහින් එතන උඩ කොළ පාටින් තියෙන Convert to MP3 කියන Button එක ඔබන්න.ඒ Button එක එබුවහම අලුත් Tab එකක flv2mp3.com කියල Web Site එකකට යනවා.එතනදි තමයි Video එක MP3 එකක් ව්දිහට Convert වෙන්නෙ ඊට පස්සෙ එතන කොළපාට Download Button එකක් පෙන්නනවා ඒ Button එක ඔබලා ඔයාලට කෙලින්ම MP3 File එක Download කරගන්න පුළුවන්.
පහලින් ඇති Button එක හරහා ගොස් එම ලැබෙන නව Screen එකේ  ඉහල දකුණු කෙලවරේ ඇති ADD TO CHROME  බොත්තම ඔබා Google Chrome සඳහා එක් කරගන්න.