Sunday, February 17, 2013

pixlr (Online පිංතූරකඩේ ?)

pixlr.com ගැන:-
                                     මේ දවස් ටිකේ ලිපියක් ලියන්න වෙලාවක් හම්බවුනේ අද තමයි.අද මම කියන්නේ Photoshop වගේම ඒත් Online නොමිලේ දෙන Service එකක්  ගැන.මේ අඩවියට මුලින්ම ඔයාලා ගියහම ඔයාලට බලාගන්න පුළුවන් New mobile pixlr apps! , Open Pixlr editor (Advanced) , Open Pixlr express (Efficient) , Open Pixlr-o-matic (Playful)කියන List එක.මම මේ එකින් එක ගැන සුළු විස්තරයක් කරන්නම්.මේ හැම එකකම  තියෙන උපලක්ෂන කියන්න ගියොත් එහෙම මේ ලිපිය ඕනෑවට වඩා විශාලවෙන්න ඉඩ තියෙනවා.


Open Pixlr editor (Advanced):-
                              ඔයාලට බලාගන්න පුළුවන් බොහෝ දුරට Photoshop වලට සමාන Layout එකක්.මේකට අපිට අවශ්‍යකරන විදිහේ Photos (ඔයාගේ Hard Disk එකේ තියෙන Photos , Internet එකේ තියෙන Photos, Facebook එකේ Photos හා විශේෂයෙන්ම ඔබගේ pixlr App එක දාපු Mobile Divice එක තියෙන Photos ) ඔයාලට දාගන්න පුළුවන්.මේ තියෙන Tools ටිකෙන් Photo එකක් ලේසියෙන් Edit කරගන්න පුළුවන්.මේකෙදිනම් ඉතින් Photoshop වලට ගොඩාක් සමාන Layout එකක් තියෙන නිසා බොහෝ දුරට Photoshop දන්න කෙනෙකුටනම් අමුත්තක් වෙන එකක් නැහැ.( ඒත් ඉතින් Photoshop තරම්ම සෙල්ලම් දාන්න මේකෙන් බැහැ )

Open Pixlr express (Efficient):-
                                 ගොඩාක් වෙලාවට Facebook එකේ ඉන්න අය එහෙම Photo එකක් Upload කරද්දි ඒ Photo එකට පොඩි Effect එකක් Boarder එකක් Text එකක් දාන්න උත්සාහයක් දෙනවා. Photoshop හැමෝම දන්නේ නැති නිසා මේ වගේ Tool එකක් ඒ වගේ Photoshop දන්නෙ නැති  අයට ගොඩාක් වටිනවා.මොකද මේ Open Pixlr express (Efficient) එකෙන් ඔයාලාට අවශ්‍ය Effects,Borders,Text,Stickers  වගේ දේවල් ලේසියෙන්ම එකතුකරගන්න පුළුවන් .ඒ වගේම ලේසියෙන් වෙනස් කර කර බලන්නත් පුළුවන්.

Open Pixlr-o-matic (Playful):-
                              මේ කොටසෙදි ඕනෙනම් ඔයාලට පුළුවන්  වෙනස්ම ආකාරයේ වැඩ ටිකක් කරගන්න.මෙතන තියෙන්නේ  කලින් හදපු Styles මේ වගේ එකක් Photoshop වලින් හදන්න ගියත් සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා.මේ තියෙන ඒවායෙන් එකක් හෝ ඔයාගේ Photo වලට ගැලපේවි කියලා මම හිතනවා.ඔයාලට මේකෙදි Screen එකේ පහළින් තියෙන  මීටර් එකක් වගේ කොටස එහෙට මෙහෙට කරන්න පුළුවන්.ඒකෙන් එක කොටසකදි Colors, Effects, Bordersවගේ දේවල් ලේසියෙන් මාරු කරගන්න පුළුවන්.ඔයාගේ Photo එක හදලා ඉවරනම් කරන්න තියෙන්නේ. Save කරගන්න එක.

New mobile pixlr apps!:-
ඔයාලට දැන් මේ සේවාව Mobile App එකක් විදිහටත් ඔයාගේ Mobile Device එකට යොදාගන්න පුළුවන්.ඔයාලත් වැඩිපුර Mobile Devices පාවිච්චි කරන අයනම් ඔයාලටත් පුළුවන් මේ App එක Download කරගන්න.