Tuesday, August 17, 2010

Flash ( කාටුන් හදන්න )

Flash ගැන :-        
                            ඔයාලත් ඔය Facebook එකේ Games එහෙම ගහනවා ඇතිනේ.ඒ Games ගහන්නත් මේ  Software එකේ Player එක ඕනේ.ඒ විතරක් නෙමෙයි ඔය ගොඩාක් Online Game ගහන්නත් ඒවගේම තව Online TV  බලන්නත් මේ Flash Player එක ඕනේ.කොටින්ම කිව්වොත් You Tube එකේ Video එකක්වත් Flash Player එක නැතුව බලන්න බැ.ඒ කිව්වේ Flash Player එක ගැනනේ
                           මම අද දෙන්නේ මම කැමතිම Software එකක්. මේ Software එක යොදාගන්නේ Animation හදන්න ඒ කිව්වේ Cartoon හදන්න . ද්විමාන ඒවා තමයි මේකෙන් හොඳටම හදන්න පුළුවන්.මේක තවත් ගොඩාක්ම යොදාගන්නවා Web Designing වලදී ඔය පොඩි පොඩි Button ,Banner වගේ ඒවාහදන්න.ඔය පොඩි පොඩි Games හදන්න එහෙමත් මේක ගන්නවා.ඔයාලාදන්නවා ඇතිනේ Mini Clip Games ඒවා හදන්නෙත් මේ Software එකෙන්.ඕන එක්කෙනෙක්ට හරිම ඉක්මනට මේ Software එකේ වැඩ ටික හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්.සාමාන්‍ය දෙයක් ඉගෙනගත්තම හොඳ නිර්මාණයක් කරන්න ඔයාලටත් පුළුවන්ඔයාලත් Cartoon හදන්න පොඩි ආසාවක් තියෙනවානම් මේ Software එක Download කරගෙන බලන්න.
ඔයාලා Flash ඉගෙනගන්න කැමතිනම් ඒකට හරියන Web Site එකකුත් මම පහලින් දීලාතියෙනවා.මේකෙන් Flash විතරක් නෙමෙයි Photoshop,Illustrator , Dreamweaver වගේ ඒවත් ඉගෙනගන්න පුළුවන්.
මේ Software එකේ අළුත්ම Version එක තමයි CS 4 මම ඔයාලට දීලාතියෙන Torrent File එක CS4 Version එක.ඔයාලා කැමතිමනම් මම පහලින් Flash MX එකත් දීලා තියෙනවා ඒකියන්නේ පොඩ්ඩක් පරණ Version එකක්.