Monday, June 14, 2010

Ubuntu ( නව යුගයක් )

Ubuntu ගැන :-                               
                              අද මේ ලිපිය ලියන්නේ ප්‍රේක්ෂකයකුගේ ඉල්ලීම මත.දැන් කලේ හැමෝම Windows වලින් ඈත්වෙමින් පවතින නිසා.ඒකට හේතුවෙන දෙයක් ගැනයි අද කියන්නෙ.
                                   මේකාලෙ ගොඩක් අය Windows වලින් අයින් වෙලා Ubuntu,Linux, Red Hat වගේ System Software පාවිච්චිකරන්න පටන් අරන් තියෙනවා.මේකට හේතු ගොඩක් තියෙනවා.සාමාන්‍යයෙන් Windows CDඑකක මිල සාමන්‍ය මිනිසෙකුට දැරි නොහැකිතරම් විශාල වීම නිසා තමයි විශාල වශයෙන් කට්ටිය Ubuntu,Linux වගේ Operating System වලට මාරුවෙන්නේ.අනික Ubuntu වගේ Software ඕනෙමනම් නොමිලයේ Download කරගන්න හෝ CD එකක් ගෙදරටම වුනත් නොමිලේ ගෙන්නගන්න පුළුවන්
                  ඉස්සරනම් Ubuntu ,Linux වගේ Software පාවිච්චි නොකරන්න හේතුවකුත් තිබ්බා.ඒවා Windows වලට වඩා ගොඩාක් වෙනස් වීම,මේවාට Drivers හොයාගන්න බැරිවීම,මේවාට හරියන  Software නොතිබීම,වගේ ඒවා හින්දා තමයි මේවා කට්ටිය ඉස්සර පාවිච්චි කලේ නැත්තේ.දැන් එහෙම නෑ හැම දෙයක්ම Windows වගේමයි, Software එහෙමත් ඕන තරම්, Windows වලින් වැඩක් කරගන්නවාට වඩා ගොඩාක් ලේසී, Internet යන්නත් හොඳ වේගයක් තියෙනවා.
දැන් මෙහෙවගේම තමයි අනිත් රටවල් එහෙමත් Windows පාවිච්චි කරනවා අඩු කරලා තියෙනවා.උදාහරණයක් ලෙස කිව්බාව සම්පූර්ණයෙන්ම Nova Operating System එක පාවිච්චි කරන්න අරන්.

අපිත් පොඩ්ඩක් මේවගේ Operating System එකක් පාවිච්චි කරලා වෙනස වටහා ගමු.
මේක Windows  ආයතනයට කනකොකා හඬලන කාලයක් වේවිද????? නැත්නම්........