Tuesday, June 1, 2010

Nero ( Copy කැට් )

Nero ගැන :-
Nero කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන Software එකක්.මේකෙන් කරන්න පුළුවන් දේවල් අයිත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මේකෙන් පුළුවන් CD/DVD Write(Burn) කරන්න,CD/DVD වල Copy ගහන්න Image එකක් Burn කරන්න Bootable Disk එකක් හදාගන්න.Video/Audio ඕන එකක් Write/Burn කරගන්න මේක යොදාගන්න පුළුවන්.අළුත් එකේ වැඩකෑලිත් වැඩියි බාගෙන බලන්න.
ඕනෙ නම් Computer එකෙ Back up එකක් ගන්න ඒකත් මේකෙන් කරන්න පුළුවන්,Audio විදිහට Write කරපු ඒවා Rip කරන්න නැත්නම් MP3 කරන්න පුළුවන්.මේකෙන් වැඩ කරන එක ඕනෑම එක්කෙනෙකුට හරිම Simple වැඩක්.ඕනෑම විදිහක CD, DVD එකක් Write කරන්න හරිම ලේසී.
උදහරණයක් විදිහට Data CD එකක් Burn කරන විදිහ කියල දෙන්නම්.මුලින්ම Nero Start Smart එකට යන්න ඊට පස්සෙ ඒකේ Data Burning එකට යන්න.ඊට පස්සෙ ඔයාට ඕන File ටික Drag කරලා මේකට දාන්න.හැබැයි ඔයා 700MB කට වඩා අඩුවෙන් File දාගන්න ඕනේ.ඊට පස්සේ Burn Button එක Click කරන්න.ඊට පස්සේ බබා වගේ Write වෙයි.ඔයාලගෙ ලඟ Nero නැත්නම් බාගන්න.