3D MAX ගැන :-
ලොවපුරා විශාල පිරිසක් විසින් 3D Animation සාදාගැනීම සඳහා යොදාගන්නා ජනප්රියම Software එකක් තමයි මේ Software එක පොඩි පොඩි වැඩවලට වගේම තමයි ලොකු ලොකු වැඩ වලටත් හරියට යොදාගන්නවා.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් හරි ගොඩයි.ඔයාට ඕන කරන ඕනෑම ආකාරයක 3D Animation එකක් හදාගන්න ඔයාට මේක උදව්කරගන්න පුළුවන්.මේක ගොඩක් වෙලාවට 3D Animation හදන්න යොදාගන්නවා වගේම තමයි මේක තව විශේෂ දෙයකට යොදාගන්නවා.ඒක තමයි ගෙවල් හදන්න කලින් ඒවවල ආකෘති 3D වලින් හදලා හොඳද බලන්න.ගොඩක් වෙලාවට ඔය Map අඳින අය මේ Software එක ප්රගුනකරනවා එයාලගේ ඒ වැඩ වලට යොදාගන්න.
ඕනෑම කෙනෙකුට මේක් ඉගනගන්නත් දැන් ඕනතරම් ක්රම තියෙනවා.Internet එකේ Search කලොත් ඔයාට ඕනතරම් ඉගනගන්න විදි හම්බුවේවි.මේක පාවිච්චිකරන් හැටි හරි ඔයාලා බලාගෙන හිටියොත් ඔයාලටත් ආස හිතෙයි මේ Software එක පොඩ්ඩක් ඉගනගන්න.ඉගනගත්තොත්නම් කවදාවත් පාඩුවක්නම් වෙන්නෙ නෑ.
මේකෙන් ඕන වැඩක් දාලා 3D Animation එකක් හදාගන්න පුළුවන් වුනත්, මේ හදපු Video එක Rendering වෙනකන් බලාගෙන ඉන්නබැරි එක තමයි දුක.මොකද ඒකට සෑහෙන කල්යනවා.ඉක්මනට වෙන්නනම් සුපිරි Computer එකක් වෙන්න ඕනෙ.