මේ දවස් ටිකේ අළුත් වැඩකට ලෑස්තිවෙන හිඳා මට ලිපි ලියන වැඩේ අමතක වෙලා තිබ්බේ. ඊයෙ අප්‍රේල් පළවෙනිදා ඒ කියන්නේ සින්හලෙන් කියනවානම් මෝඩයගෙ දවස මේ දවසට කාවහරි ගොනාට අන්දන එක බාල මහලු හැමෝගෙම සිරිත.ලෝකෙ තියෙන විශාල ආයතනයක් වන Googleලත් පොඩි විහිලුවක් කරන්න ඊයෙ අමතක කලේ නැහැ.ඒ විහිළුව ඊයෙම කියන එක හරි නැති හින්දා අද කියන්න හිතුනා.
ඒ අයගේ බොරු රඟපෑමක් කරලා Video එකක් Youtube එකට දාලා තියෙනවා.කොටින්ම කිව්වොත් එයාලා Google Nose කියලා අලුත්ම වැඩක් කියලා තමයි මේක පටන්ගෙන තිබ්බෙ. Googleකියන විදිහට Search කරන ඕනෑම දේක ගඳ සුවඳ බලන්න අපිට Computer/Mobile Device එකෙන් පුළුවන්ලු.ඒ විතරක් නෙවෙයි Google කට්ටිය Google Nose beta Version එකක් Google Search එකට දාන්නත් අමතක කලේ නැහැ. හරියට ඒ Page එක කියෙව්වට ඒකෙත් කිසිම දෙයක් මේ Google Nose විහිළුව ගැන සඳහන් වුනේ නැහැ.ඒත් දෙවනි පාර Help Page එකට ගියාම අන්තිම පේලියෙ තිබ්බා මේ අලුත්ම බොරුව අප්‍රේල් පළවෙනිදා වෙනුවෙන් කියලා. සමහර අයනම් මේ Video එකේ විදිහට Screen එක පොඩ්ඩක් ඉඹලත් බලන්න ඇති.දෙවනි විහිළුව විදිහට ඒ අය දීලා තිබ්බේ Gmail Blue කියලා එකක් .ඒකෙ කිසි දෙයක් වෙනස් නැහැ .Gmailමයි ඒත් ඔක්කොම නිල් පාටයි.Youtube එකේ කට්ටියත් පොඩි විහිළුවක් කලා ඒ තමයි Youtube එක 2023 දක්වා වසාතබන බව පහලින් ඒ Video 3ම තියෙනවා ඔයාලත් බලන්න.කොහොම වුනත් සමහර අයටනම් හරියට තරහ ගිහින් කියලා තමයි පේන්නෙ මේ Youtube Video එකේ Comment බැලුවම.කොහොම වුනත් අන්තිමට බලද්දි Google සමූහයම පොඩි විහිළු ගොඩාක් කරලාතියෙනවා අප්‍රේල් පළවෙනිදා.
GoogleNose:
Gmail Blue:
You tube shutting down until 2023:-