Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Software Solutions. Show all posts
Showing posts with label Software Solutions. Show all posts

Monday, July 29, 2013

Bootable Pen Drive එකක් හදාගන්න හැටි


අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Bootable Pen Drive එකක් හදාගන්න හැටි" ලිපිය කියවීම සඳහා

Wednesday, May 22, 2013

Firefox default Search Google නෙමෙයිද?



softhut.lk  නරඹන පිරිසෙන් 50%ක් විතර Firefox පාවිච්චි කරන නිසා වැඩි වැඩියෙන් මතුවන වෙන ගැටළුකාරී තත්වයක් ගැන කතාකරන්න අද පොඩ්ඩක් හිතුවා.
Windows වලට Firefox Install කලාම මුලදිම Address Bar එකේ මොකක් හරි ගහලා Search කලාම ලැබෙන්නේ Google Search Results ඒත්සමහර Toolbars, Software Install කලාට පස්සේ මේ Firefox Default Search එක සමහර වෙලාවට වෙනස් වෙනවා. Linux Mint පාවිච්චි කරන අයට එහෙමනම් මුල ඉඳලම ලැබෙන්නේ Duckduckgo කියලා Search Engineඑකක්.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 

"Firefox default Search Google නෙමෙයිද?" ලිපිය කියවීම සඳහා


Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Thursday, November 8, 2012

Dreamweaver CS 5 Video Tutorials(ඉගෙනගන්න)

Dreamweaver CS 5  training DVD ගැන :-                                                                                     

                        කලින් ලිපියෙදි මම කිව්වනේ ඔයාලට Dreamweaver වලට අදාල Video Tutorials ටිකක් දෙනවා කියලා.ඔන්න එහෙනම් මම අදාල Video Tutorials ටික ගෙනාවා.මම කලින් දුන්නේ Dreamweaver CS 5.5 හින්දා ඔයාලා කලබල වෙයිද දන්නේ නැහැ.එච්චර අවුලක් නැහැ බොහෝ දුරට තියෙන ඒවා එක සමානයි.
                                                                                  මේ  Video ටික තියෙන්නේ English වලින් වුනාට English සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක්ට මේකෙ තියෙන ඒවා තේරෙනවා.ඔයාලත් Dreamweaver ඉගන ගන්න කැමතිනම් download කරගෙන කරලා බලන්න. මේ Torrent එක Download කරාම ලැබෙන්නේ .iso File එකක් .ඒක Mount කරගන්න Daemon Tools,Alcohol වගේ Softwareඑකක් ඔයාලට ඕන වෙයි.
                                                                                      අළුත් අය ඉන්නවානම් දන්නෙ නැතුව ඇතිනෙ .iso File එකක් Mount කරන හැටි .iso File එකක් Mountකරන හැටි දන්නේ නැත්නම් මම පහලින් දීලාතියෙන Video එක බලලා .iso File එක Mount කරගන්න.Torrent බාගන්න දන්නෙ නැති අය පහල තියෙන සබැඳියෙන් ගිහින් Torrent බාන හැටි ඉගනගන්න.


Thursday, September 20, 2012

Whoa!Google Chrome has crashed.Restart now ? විසඳුම

ප්‍රශ්ණය හා විසඳුම :-
                                           මට ආපු ප්‍රශ්ණයක් හින්දා තමයි අද මම මේ ලිපිය ලියන්නේ.අපි බොහෝ දෙනා Google Chrome පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන අයගෙන් බහුතරයක්ම Internet Download Manager ත් පාවිච්චි කරනවා.ඒ අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩියෙන්ම එන්නේ.යස අගේට Chrome වලින්  Internet එකේ එහෙමෙහෙ යද්දි එක පාරටම Whoa!Google Chrome has crashed.Restart now ? කියල Warning Massage එකක් එනවා ඒකේ තියෙන Button වලින් OK එබුවොත්  ආයිත් Google Chrome එක Restart වෙනවා.Cancel එබුවොත්  Struck වෙනවා.මාත් හොයලා බලද්දි තමා වැඩේ දැනගත්තේ. මාත් කාලෙක ඉඳලම පාවිච්චි කලේ ටිකක් පරණ IDM (Internet Download Manager)එකක්.මේ පරණ IDM Software හින්දා තමයි මේ ප්‍රශ්ණෙ ගොඩක් වෙලාවට එන්නේ.

විසඳුම:- ඔයත් පරණ IDM එකක්නම් පාවිච්චි කරන්නේ ඔයාටත් තියෙන්නේ අළුත් IDM එකක් දාගන්න.නැත්නම්. ඔයා දාගෙන ඉන්නේ Register කරපු IDM  (Original ) එකක් නම් ඔයාට පුළුවන් ඒකම Update කරන්න.
                                                                              තව දුරටත් අපිත් එක්ක ගේමට එන Software තියෙනවද කියල බලන්නනම් කරන්න තියෙන්නේ about:conflicts කියල Type කරලා Enter Press කරන්න.එතකොට List එකකුත් එක්ක No conflicts detected කියල එනවනම් කිසි අවුලක් නැහැ.ඒත් නිකන් හරි conflicts software එකක් තියෙනවා කියලා පෙන්වනවානම් කරන්න තියෙන්නේ හොඳවයින් Anti Malware Software එකක් දාගන්න එක.හොඳ Anti Virus Software එකක් ( Kasper sky Internet Security වගේ ) තියෙනවානම් වෙනමම Ant Malware Software දාගන්න ඕනෙ නැහැ.ඔයා පාවිච්චි කරන්නේ  Avira Free වගේ දෙකයි පනහෙ Antivirus Software එකක් නම් Malwarebytes වගේ Software එකක් දාගන්න එක තමයි හොඳ.
                                                                           ඔයාලා ලඟ තියෙන්නේ Windows Genuine නම් කරන්න තියෙන්නෙ පළවෙනියටම Start menue > Run ගිහින් SFC.EXE /SCANNOW කියලා ගහලා Run කරන්න.SFC කියන්නේ System File Checker.ඒක හින්දා System File ටික බේරගෙන හරියටම ලෙඩේ හොඳ කරගන්න ඒ අයට පුළුවන්.නැත්නම් System අවුල් ගියොත් Genuine Windows CD එකවත් නැති අය මොන දෙයියන්ට කියන්නද?