Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Open Source. Show all posts
Showing posts with label Open Source. Show all posts

Sunday, August 11, 2013

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි


මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා  32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details  ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි" ලිපිය කියවීම සඳහා

Monday, July 29, 2013

Bootable Pen Drive එකක් හදාගන්න හැටි


අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"Bootable Pen Drive එකක් හදාගන්න හැටි" ලිපිය කියවීම සඳහා

Friday, July 5, 2013

FOSS අත්හදා බැලුවද?


අන්තර්ජාලයේ සැරිසරන ඔබට FOSS කියන වචනය අමුත්තක් නොවෙන්න පුළුවන්.නමුත් ඇත්තටම මේ වචනයේ තේරුම ගැන ඔබ දන්නවද? ඇත්තටම මේ වචනේ තේරුම මොකක්ද? බොහෝමයක් දෙනා FOSS කියපු ගමන්
“ආ ඔය කියන්නේ Open Source සොෆ්ට්වෙයාර් ගැනනේ”
කියලා කියනවා ඔබට ඇහෙන්න ඇති.සමහරවිට ඔබත් ඒ පුරුද්දට මේ යෙදුම භාවිතා කරන්න ඇති.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම 

"FOSS අත්හදා බැලුවද? " ලිපිය කියවීම සඳහා


Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Wednesday, January 23, 2013

Linux Mint ( දැන් මින්ට් රසයෙන් )

                               මම අද වෙනසකටත් එක්ක Operating System එකක් ගැන කියන්නයි හදන්නේ.මේක Open Source Operating System එකක් කොටින්ම කිව්වොත් Linux වල තවත් එක ප්‍රබේදයක්. Linux කිව්වගමන් අපේ අයට කියවෙන්නෙ අපෝයි කියන එක.ඒක ගොඩාක් අයට එහෙම තමයි, මොකද බොහෝමයක් අය Windows, Mac OSවලට පුරුදුවෙලා නිසා හින්දයි එහෙම වෙන්නෙ.මේ අද කියන Operating System(OS) එක ඒවගේ අයට පොඩ්ඩක් හොඳයි මොකද මේ OS එක ගොඩාක් දුරට Windows වලට සහ Mac OS වලට සමාන කම් දැක්වීමයි.මේ අය Debian , Ubuntu කියන Software 2ම පාදක කරගෙන තවත් වැඩිදියුණු කරලා පාවිච්චි කරන අයට තවත් ලේසි වෙන විදිහට මේ Operating System එක හදලා තියෙනවා.
Ubuntu  වගේ OS එකක් දැම්ම ගමන් අපේ අයට මුලින්ම එපාවෙන්නේ Close Button එක තියෙන තැන හොයාගන්න වීමෙන්.ඒ ප්‍රශ්ණයනම් මේ OS එකේ නැහැ.
Security සම්බන්දව :
                        හැම Linux OS එකකම වගේ Virus වලින් තියෙන කරදරය 99%ක්ම වගේ අඩුයි(Windows
වලට සාපේක්ෂව).
Web Browser සම්බන්දව :
                      පුරුදු විදිහටම Web Browser එක විදිහට තියෙන්නේ Fire Fox .
Multimedia සම්බන්දව :
                      Ubuntu වල වගේ නෙවෙයි මේකෙ VLC Install කරලම තියෙනවා. තව කිව්වොත් Ubuntu වලට වඩා ඔයාලට මේකෙදි වෙනස් කරගන්න Themes ගොඩාක් තියෙනවා.මේ OS එක හදද්දි  එයාලා වැඩියෙන්ම බලලාතියෙන්නේ Multimedia වලට තියෙන Support එක වැඩි කරන්න.ඔයාට මේ Icon එහෙම ලොකු වැඩියි වගේනම් අදාල Icon එක උඩ Right Click කරලා Resize Icon... ගිහින් Paint වල වගේ Icon Size එක අඩුකරගන්න පුළුවන්.
Unicode  සම්බන්දව :
                       තව හොඳක් තියෙන්නේ Sinhala Unicode වෙනම Install කරන්න ඕනෙනැතිවීම .මොකද මෙයා උපතින්ම Sinhala Unicode අරගෙනයි එන්නේ
ගොඩාක් අයට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ගොඩක් Software Install කරද්දි Terminal  එකේ Type කරන්න ඕන වීම.ගොඩාක් අයට ඒකත් Open Source Operating System වලින් ඈත්වෙන්න හේතුවක්වෙන්න ඇති.ඒකනම් සාමාන්‍ය පරිඝනක පාවිච්චිකරන අයට නම් මහ හිසරදයක් තමයි.තව කියනවානම් බොහෝ දුරට Photoshop වගේ Software එකක් පුරුදු වෙච්ච කෙනෙකුට Gimp වගේ Software එකකින් වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි ඒත් Gimp පුරුදු වෙච්ච කෙනෙකුට ඒකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් ( Photoshop තරම්ම නම් පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ ) .
                         සාමාන්‍යයෙන් Programming වගේ කරන අයටනම් Open Source OS ගොඩාක් හොඳයි.අන්තර්ජාලය පාවිච්චිකරන්න සහ Film බලන්න විතරක් Computer එක පාවිච්චි කරන අයටත් මේ Operating System ඒක ගොඩාක් හොඳයි.
ඔයාලත් පාවිච්චි කරලා බලනවානම් මම පහලින් දීලාතියෙන Link එක හරහා ගිහින් Down කරගන්න වැඩිම වුනොත් 900MB විතර වෙයි.ඊට පස්සේ DVD එකකට හරි Pen එකකට හරි දාගෙන Install කරගන්න.නැත්නම් CD/Pen එකෙන්ම Install කරන්නෙ නැතුවම Load කරලා බලන්නත් පුළුවන්.ඔයාලත් Test කරලා බලන්න.