Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Google Chrome Extension. Show all posts
Showing posts with label Google Chrome Extension. Show all posts

Thursday, June 20, 2013

SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ


ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT  කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා.

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 


" SLT Usage බලන්න දැන් කරදරයක් නැහැ " ලිපිය කියවීම සඳහා


Saturday, May 11, 2013

Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු.

මට නම් internet use කරනකොට තිබ්බ ලොකුම වදය තමා හැම තිස්සෙම මතුවෙන Advertisements ,ඉතින් මම නම් මෙකට විසදුමක් හොයගත්තා.අද එක මම කට්ටියටම කියල දෙන්නම්.

කෙටි මොහොතකින් ඔබ නව අඩවිය හා සම්බන්දවනු ඇත

අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lkඅඩවියේ බැවින් මෙම 
"Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු." ලිපිය කියවීම සඳහා

Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Wednesday, August 29, 2012

Facebook Notification Extension ( කාලෙනොකන මඟ )

Facebook Notification Extension එක ගැන :-                                                 
                          අපි කවුරුත් වැඩක් ඇත්තෙම නැත්නම් Facebook එක පැත්තෙ යන්න අමතක කරන්නේ නැහැ.ඒත් සමහරු එහෙම නෙමෙයි මොන වැඩේ තිබ්බත් Facebook එකනම් අමතක කරන්නේ නැහැ.ඒ අපේ අයගේ විශේෂ පුරුද්දක් නොවන බව  alexa.com එහෙම බලද්දි කාට කාටත් තේරෙනවා.මොකද දැන් බොහෝ රට වල අංක එකේ රැඳිලා තිබ්බ Google පවා පරද්දලා Facebook අංක එකට ඇවිත් තියෙන්නේ පිලිලයක් විදිහට.මේ හේතුව නිසාම සමහර රටවල් Facebook තහනම් කරන්නත් අදිමදි කලේ නැහැ.එහෙම කිරීමට සාධාරණ හේතු තියෙනවා මොකද? බොහෝමයක් ආයතන වල සේවය කරන අය Facebook වලට ඇබ්බැහි වීමයි.ඒත් Facebook තහනම් කිරීම කාලෝචිත නැතිබව බොහෝ අයගේ අදහසයි.ඇයි Facebook සෑම විටම සතුටු සාමීචියට පමණක් නොව හොඳ වෙළඳ ප්‍රචාරක මාධ්‍යයක් වීම ඊට හේතුවයි.
                                                                 එහෙම ඇබ්බැහි වෙච්ච අයට පොඩ්ඩක් ඒකෙන් මිදෙන්න මේ  Chrome Extension එක සමහර විට උදව් කරයි කියලා මම හිතනවා.අපි එක්ක එකතුවෙලා ඉන්න අයනම් Chrome Extension එකක් දාගන්න සරල වැඩේ දන්නවා කෝකටත් කියමුකො
මෙන්න මෙහෙමයි දාගන්නෙ
                     මුලින්ම මේ ලිපිය පහලින්ම තියෙන මෙතනින් Google Chrome වලට එක්කරගන්න කියන Button එක ඔබන්න එතකොට එන Screen එකේ දකුණු ඉහල කෙලවරේ තියෙන ADD TO CHROME කියන Button එක ඔබන්න. ඒක එබුවහම Screen එකේ ඉහල කෙලවරට සුපුරුදු F අකුරෙන් යුත් Facebook බොත්තමක් ඒවි.ඊට පස්සෙ පොඩි Window එකක An error has occurred කියලා එකක් ආවොත් එහෙම ඒකේ තියෙන RELOAD කියන බොත්තම ඔබන්න.දැන් වැඩේ හරි.
                                                           දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගෙ Facebook Account එකට Log වෙන්න.ඊට පස්සෙ ඕනෙනම් Facebook Log වෙලා ඉන්න Tab close කලත් කමක් නැහැ (හැබැයි Logout වුනොත් වැඩේ අවුල් වෙනවා)දැන් ඉතින් අපේ පාඩුවේ කස්ටියට වැඩක් කරගන්න පුළුවන්. කවුරු හරි අපිට Facebook එක හරහා මොකක් හෝ Massage එකක් එව්වොත් හරි Notification එකක් ආවොත් හරි ආපු ගමන්ම අපිට Google Chrome Window එකේ දකුණු අතපැත්තේ පහලින් පෙන්නනවා.අපි ඒ Notification වැඩක් නැත්නම් ඒකට මොකුත් නොකර තිබ්බහම ඒක නැතිවෙලා යනවා.අපිට ඒකගැන බලාගන්න ඕනෙනම් ඒ එන Notification එකේ  Click කලාම අළුත් Tab එකක් Open වෙලා අදාල සිද්ධිය වෙච්ච තැනට යනවා.
                                             ඔයාලා Computer එක දාලා කොහෙ හරි ගිය වෙලාවක හදිස්සියේවත් Notification එකක් හරි Massage එකක් හරි ආවොත් අපි කලින් දාගත්ත Facebook F Button එක ලඟ Notification ගානෙත් Massage ගානෙත් එකතුව පෙන්වනවා.ඒ Button එක එබුවහම පොඩි Drop down Menu එකක Notification පෙන්වනවා.ඒ Drop Down Menu එකේම ඉහල තියෙන Inbox  කියන එක තේරුවහම Massage ටික බලාගන්න පුළුවන්.
                             ඔයාලා මේ Chrome Extension එක Enable කරලා තියෙද්දී Facebook Account එකට Log වෙලා Chat කරන්න එහෙම වුනොතින්නම් ඔයාලට එපාවෙයි මොකද මේ හැම Massage එකක් ගානෙම පහලින් Box එකක් පෙන්වනවා.ඒක හින්දා Facebook Log වෙලා ඒක ඇතුලෙ මොනවා හරි වැඩක් කරනවානම් අර අපි මුලින්ම දාගත්ත Facebook F Button එක උඩ Right Click කරලා Disable තෝරලා Disable කරන්න අමතක කරන්න එපා.එතකොට කිසි කරදරයක් නැහැ.
 Facebook Notification Extension එක Disable කරගන්න                     
                       දැන් ආයිත් අපිට ඒ Facebook Notification Extension එක Enable කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේCustomize and control Google Chrome Button එක ඔබලා ඒ එන Drop Down Menu එකේ Tools වල Extension තෝරන එක.දැන් අළුත් Tab එකක Extension List එකක් පෙන්වයි ඒ List එකේ Facebook Notification කියන එක ලඟ තියෙනවා Enable කියලා Button එකක් ඒක Click කලාම ඔයාට Facebook Notification Extension එක ආයිත් Enable කරන්න පුළුවන්.
Facebook F Button එක  නැතිකරන්න          
                 ඔයාට හිතුනොත් Facebook F Button එක විතරක් නැතිකරන්න ඔයාට කරන්න තියෙන්නේ ඒ F Button එක උඩ Right Click කරලා Hide button කියන එක තෝරන්න.එතකොට F Button එක පේන්නේ නැතිවෙනවා.ඒත් පහලින් Notification හා Massage ඔක්කෝම පෙන්නනවා.ආයිත් F Button දාගන්නේ ඉස්සෙල්ල විදිහටම Customize and control Google Chrome Button>Tools>Extension ගිහින් ඒ පෙන්වන List එකේ Facebook Notification කියන එක ලඟ තියෙන Show button කියන එක ඔබලයි.
ඔන්න මම අයන්නේ ඉඳලම කියලයි තියෙන්නේ.


Tuesday, August 28, 2012

Screen Capture Google Chrome Extension ( කොපි කිරිල්ල )

Screen Capture Google Chrome Extension එක ගැන:-
               මම අද දෙන්නෙ මටත් ඕන වෙලා තිබ්බ වටින කියන Google Chrome Extension  එකක්.Screen Capture Google Chrome Extension එක Technology Blog ලියන කට්ටියට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා කියවලා බලන්නකො අද මම යන්නේ ඉඳලම දෙන්නයි හදන්නේ.
                 Screen එක Capture කරන Software නම් ඕන තරම් අපි දන්නවනේ.ඒත් ඒවයෙන් Screen එක Capture කරලා අපිට ඕන කරන දේවල් මකලා ඕන කරන ඒවා Type කරලා හදාගන්න වෙන Software එකක උදව්ගන්නම වෙනවා.මේ Chrome Extension එක දාගත්තහම වෙන වෙන ඒවයෙ උදව් ඕනෙ නැහැ.හරිම සරලයි මුලින්ම කරන්න තියෙන්නේ මේ Chrome Extension එක දාගන්න එක.ඒකට කරන්න තියෙන්නේ පහල තියන Button එක ඔබලා ඒ එන Screen එකේ දකුණු පැත්තෙ උඩින් තියෙන ADD TO CHROME කියන Button එක ඔබන එක  විතරයි.ඊට පස්සෙ එන පොඩි .Window එකේ Install Click කරන්න.
                                                                     එතකොට පට් පට් ගාලා අපිමේ කතාකරන Chrome Extension එකට අදාල Button එකක් Google Chrome  Window එකේ දකුනු පැත්තේ ඉහලට එකතුවෙනවා.දැන් පොඩ්ඩකට Google Chrome එක Close කරලා ආයිත් Open කරන්න.
                                                                   දැන් තියෙන්නේ ඔයාට Capture කරගන්න ඕන Screen එකට ගිහින්.අර කලින් අපි ඉහල කෙලවරට දාගත්ත Button එක Click කරලා මේ තියෙන ඒවයෙන් ඔයාගේ අවශ්‍යතාව මත කැමති දේවල් තේරීමයි.ඒ ටික මේ විදිහට ඔයාට පෙන්වයි.

ඒකෙන් Capture Page Region තේරුවහම ඔයාලට පුළුවන් Google Chrome Window එක ඇතුලෙතියෙන කොටසක් කපලා ගන්න. ඒකට තියෙන්නේ Capture Page Region Button එක Click කරලා ඒ එන Box එකේ අවශ්‍ය Size එක හදලා අවශ්‍ය තැනට ඒ කොටුව ගෙනිහිල්ලා එතන තියෙන OK Button එක Click කරන එක විතරයි .එතකොට අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Visible Content තේරුවහම ඔයාලට පුළුවන් Screen එකට අහුවෙලා තියෙන සම්පූර්ණ කොටසම Capture කරගන්න ( උඩින් තියෙන Tab, Address bar එහෙම නැතුව ).Capture Visible Content තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Whole Page තේරුවොත් මුලු පිටුවම Capture වෙලා ගොඩාක් උස Photo එකක් එනවා.Capture Whole Page තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Screen Region තේරුවොත් අපිට මුළු Screen එකේම තියෙන ඕනෑම දෙයක් කපලා ගන්න පුළුවන්.Google Chrome Window එක පොඩ්ඩක් පහලට කලොත් Desktop එක හෝ වෙනත් Window එකක් වුනත් Capture කරගන්න පුළුවන්.Capture Whole Page තේරුවහම Screen එක අඳුරු වෙලා යනවා ඊට පස්සේ අවශ්‍ය කරන තැන අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් ඇඳලා OK කරන්න අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.