Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Saturday, September 4, 2010

ඔයාගේ Blogger බ්ලොග් එක Backup කරගන්න


                                                   ඔයාලටත් Blogger බ්ලොග් එකක් තියෙනවානම් මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මොකද හදිස්සියේ ඔයාගේ පරණ ලිපියක් ඔයාගේ අතින් Delete වුනොත් ඔයාට පුළුවන් මේ Backup එක ඔස්සේ ඔයාගේ ලිපිය ආපහු ලබාගන්න.නිකන් නෙමෙයි Comment ටිකත් එක්කම
                                         මෙහෙමයි කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා ඔයාලගේ Blogger Account එකට යන්න.ඊට පස්සේ  Dashboard එකේ තියෙන ඔයාගේ Blog List එකෙන් ඔයාට Backup එකක් ගන්න ඕන Blog එකේ Settings යන්න.එතනින් Export Blog තෝරන්න ඊට පස්සේ එන Window එකේ Download Blog Button එක Press කරන්න

පහලින් තියෙන Video එකේ අකාරයට කලත් කමක් නෑ:p :p

Friday, September 3, 2010

Pitch Perfect Musical Instrument Tuner ( සරලයි මිහිරියි )







Pitch Perfect Musical Instrument Tuner ගැන:-

                                 අද මම දෙන්නේ වෙනස්ම විදිහේ Software එකක්.මේක තියෙන්නේ ඔයාලගේ තත් වාද්‍ය භාණ්ඩ  සුසර කරගන්න(Tune).මේකෙන් සංගීත භාණ්ඩ ගොඩක් Tune කරන්න පුළුවන්.ඒවා තමයි ගිටාර් ,බේස් ගිටාර් , මැන්ඩලීන්, වියෝලා , වයලින් , ඩබල් බේස් කියන ඒවා.ඒවගේම මේකෙන් තවත් ඒවා Tune කරන්න   පුළුවන්.හරිම ලේසි වැඩක් තියෙන්නේ.
මුලින්ම ඔයා ලඟ Mic එකක් තියෙන්න ඕනෙ.
ඊටපස්සේ කරන්න තියෙන්නේ ඔයා ලඟ තියෙන සංගීතණ්ඩයේ නම තේරීම ඊටපස්සේ ඔයාට ඔය Instrument ( සංගීත භාණ්ඩය ) එක Tune කරගන්න ඕන විදිහ තෝරන්න.
දැන් ඔයා ඔයාට Tune කරන්න ඕන ත්ත ( String ) තෝරලා ඔයාගේ  Mic එක ඒ  තත ( String ) එක ලඟට කරලා වාදනය කරන්න.එතකොට ඔයාට පෙන්නයි මොන පැත්තටද Tuning Keys කරකවන්න ඕනෙ කියලා.ඒ විදිහට Tuning Keys කරකවගෙන යනකොට ඔයාට පෙනෙයි කොළ පාට දිග ඉරක් තියෙනවා. ඒ ඉර උඩට රතු ඉර එනකන් ඔයා Tuning Keys ඊතලයෙන් පෙන්වන ආකාරයට තද හෝ බුරුල් කරන්න.රතු ඉරයි කොළ ඉරයි එක මත එක වැටුනහම ඊතලය නැති වෙලායයි ඒ කියන්නේ දැන් ඒ තන්තුව Tune වෙලා තියෙන්නේඒවිදිහට අනිත් ඒවත් Tune කරන්න.දැන් හරි.
මේක හරිම පොඩි Software එකක් හින්දා මේක ගොඩාක් වටිනවා.සම්පූර්ණයෙන්ම නොමිලේ Windows 7 වලටත් වැඩ.ඔයාලට ඕනෙමනම් මේ Software එක Pocket PC එකකට වුනත් දාගන්න පුළුවන්.ඔන්න මේක ඕනෙනම් iTune තුළින් I Phone එකටත් දාගන්න පුළුවන්: ): ):D

Monday, August 30, 2010

CCleaner ( සුද්දවන්තයා )


CCleaner ගැන :-
                             අද මම දෙන්නේ ඔයාලට ගොඩක් වටින Software එකක්.මේක තියෙන්නේ Computer එකේ තියෙන වැඩකට නැති Files මකන්න.ඔයාලට පොඩි කැමැත්තකුත් ඇති මේ Software එක දාගන්න.ඒවුනාට පොඩි හරි භයකුත් තියෙනවයි කියලා මම දන්නවා.මොකද ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති සමහර මේවගේ Software වලින් System File මකනවයි කියන එක.ඒවුනාට මේකනම් එහෙම නෑ.ඔයාලා තව දන්න කාරනයක් තමයි ඔය ඔයාලා දාන දාන හැම Software එකම පහසුවෙන් Delete වෙන්නේ නැහැයි කියන එක.ඒකටත් මේ Software එක හොඳයි මොකද මේ Software එකෙන් ඔය Software භාග ඉතුරු වෙලා තියෙනවානම් ඒවා අයින්කරනවා.

                                                                                                ඔයාලා දන්නවනේ ඔය වැඩකට නැති Files එහෙම තිබ්බාම Hard එකේ ඉඩත් අඩුවෙනවා ඒවගේම Computer එකත් Slow වෙනවා.ඒක හින්දා ඔයාලත් මේ Software එකදාගෙන ඔයාලග Slow Computers වේගවත් කරගන්න.ඒවගේම මේකේ තව විශේෂත්වයක් තියෙනව මේ Software එක 100%ක් නොමිලේ ලබාදෙන Software එකක්.

තවත් දෙයක් මම අමතක කරන්නේ නෑ.ඒ Facebook එකේ ඔයාලා මේ ලිපි Share කරනවට  ස්තූතිකරන්න

Friday, August 27, 2010

SkipScreen (බාන අයට බ්‍රේක් නැත්වෙන්න)

SkipScreen ගැන:-

                                         මම ඔන්න අද ඔයාලට දෙන්නේ Online File Share කරන අයට හොඳ Software එකක්.ඔයාලා Rapid share වගේ Web Site එකකින් File එකක්Download කරලා තියෙනවාද?? Premium Membership එකක් නැත්නම් ඔයාලට බැරිවෙයි දිගටම බාන්න.පොඩ්ඩක් බලාගෙන ඉන්නත් වෙයි.සමහර විට ඔය වෙලාව විනාඩි 2ක් විතර වෙන්නත් පුළුවන් නේද?ඒවගේ File Share කරන Web Site ගොඩක ඔය වැඩේ තියෙනව ඕක මහ වදයක් හින්දා තමයි.මේ වගේ Software එකක් හදලා තියෙන්නේ.මේක තියේන්නේ ඒවගේ File Share කරන Site වල ඔය නැවතිලා ඉන්න එක(waiting) නැති කරන්නයි.මේක Rapid share එකේ විතරක් නෙමෙයිMega Upload, Media fire ,Upload.to,Z share, Share bee,Deposit Files ,Sendspace,DivShare ,Linkbucks ,Link-Protector වගේ ඒවා වල නවතගෙන ඉන්න එකත් වලක්වනවා.ඔයාලත් ඔයාගේ ගිනි නරියට(Fire Fox) මෙයාව දාගන්න.එතකොට නැවති නැවති බලාගෙන ඉන්න ඕනේ නෑ.