Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Monday, November 29, 2010

Zone Alarm 9.2.102.000 ( ගින්දර තාප්පය )

Zone Alarm 9.2.102.000  ගැන :-    
                               මම අද කියන්නේ ඔයාලාගේ Computer වල ආරක්ෂාවට හොඳ Software එකක් ගැන.මේක Firewall එකක් . Firewall එකකින් සාමාන්‍යයෙන් කරන්නේ Network එකක නොදන්නා වැඩකට නැති Application වගේ ඒවා වලින්  Computer එකක් පරිස්සම් කරන එක. මේ විදිහට එන Application Spyware, Mal ware එහෙම වෙන්නත් පුළුවන්. Spyware එකක් ආවොත් ඔයාගේ සමහර තොරතුරු වෙන අය දැනගන්න පුළුවන්.උදාහරණයක් කිව්වොත් Username,Password වගේ දේවල්.කොටින්ම කිව්වොත් මේ Software එක දැම්මහම Hackers ලාට එන්න අමාරුයිසමහර විට ඔයාට Internet Brows කරන්න කරදර ඇතිකරන Mal ware එහෙමත් තියෙනවා.මම ඔයවගේ දේකට මේ ලඟදී මුහුණදුන්නා. මගේ Computer එකට ඇවිත්තිබ්බේ Mal ware එකක්,ඒක ආපුදවසේ ඉඳලා සමහර වෙබ් අඩවි වලට මට යන්න බැරි වුනා.හොඳට වැඩකර කර තිබ්බ ඒවා වැඩකරන්නේ නැති වුනා.ඔයාලටත් එහෙම අවුලක් තියෙනවානම් මේ වගේ Firewall එකක් දාගන්න.අනික මේ Software එක 100%ක්ම නොමිලේ දෙන Firewall එකක් නේ ඔයාලත් බාගෙන බලන්න.

Sunday, November 28, 2010

CPU-Z 1.56 ( අපි ගැන නොදන්නා දෙයක් )

CPU-Z 1.56 ගැන :-
                                   මම දැන් කියන්න යන්නේ පොඩි Software එකක් ගැන.මේක හරියට මම කලින් දුන්න Everest Software එක වගේ.මේ Software එකෙන් කරන්නේ අපේ Computer එකේ Processor , Chip set ,Mother Board ,Memory  වගේ දේවල් ගැන, ඒවායේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය ගැන  කියන එක.මේ Software එක ඔයාලා Download කලාට පස්සේ Extract කරන්න විතරයි ඕනේ Install කරන්න දෙයක් නෑ. Uninstall කරනකොටත් ඔය File එක Delete කලාම ඇති.අනික මේක Everest වගේ සල්ලි දීල ගන්න ඕන Software එකක් නෙමෙයි හින්දා ඕන ඕන වෙලාවට Full Software එකම Download කරගන්නත් පුළුවන්.මේ Software එකේ නිල වෙබ් අඩවිය තමයි http://www.cpuid.com/cpuz.php කියන එක.ඕනෙනම් ඒකෙන්ම ගිහින් බාගන්න.නැත්නම් පහල තියෙන මෙතනින් බාගන්න කියන Button එක Click කරලා බාගන්න.මේ මම දීලා තියෙන්නේ English Version එක ඔයාලට ඕනෙනම් Chinese Version එක වුනත් දාගන්න පුළුවන්.ඒක තියෙනවා අර මම කලින් කියපු Web Site එකේ

Safari 5.0.3 ( ඇපල් මගපෙන්වන්නා )

Safari 5.0.3 ගැන :-                
                           මම මේ කියන්න යන්නේ තවත් Web Browser එකක් ගැන.මේක අපේ Freesofthut අඩවියට අළුත් වුනාට අන්තර්ජාලයටනම් යම්තාක්දුරට පරණයි.මේක 2003 තමයි ඇවිල්ලා තියෙන්නේ.මේ Web Browser එක හදන්නේ Apple ආයතනයෙන්.මේක හදලා තියෙන්නේ නම් C++ වලින් කියලා තමයි දැනගන්නලැබුණේ.මේ Software එක Mac OS X එක එක්කනම් Install කරනකොටම තියෙනවා.හරියටම කියනවා නම් අපි Windows Install කරනකොට Internet Explorer Web Browser එක තියෙනවා වගේ.ඒත් එහෙම තිබ්බා කියලා Mac OS  වලට විතරක් සීමාවෙච්ච Web Browser එකක් නෙමෙයි මේක.මේක අපේ සුපුරුදු Windows (XP ,Vista, 7)වලට වුනත් දාගන්න පුළුවන්.ඔයාලත් Safari දාගෙන පොඩි Safari එකක් යන්න.වෙනසකටත් එක්ක හොඳයි පොඩ්ඩක් මාරුවෙලා බලන එක.

Saturday, November 27, 2010

AIMP 2.62.583 Player ( වැඩත් හොඳයි හැඩත් හොඳයි )

AIMP  Player ගැන :-
                                                     මම අද කියන්නේ  අළුත් Audio Player එකක් ගැන.මේක හරියටම කියනවානම් Winamp වගේ.ඒවගේම තමයි මේකේ Sounds එහෙමත් නියමයි. Winamp වලනම් Videos එහෙමත් Play කරන්න පුළුවන්නේ ඒත් මේකේ ඒවානම් බෑ. Audio විතරමයි.                                                                               මේකත් එක්ක මම තව Skins ටිකකු දීලා ඇති.මේකේ තියෙන Skins ටිකනම් මාර ගති.මේක දාගන්න කෙනෙකුට මුලින්ම වාගේ හිත යන්නේ මේකේ තියෙන equalizer එකට ඒක මාර සංවේදියි.ඔයාලා හිතයි Audioකිව්වාම MP3 විතරයි කියලා ඒ විතරක් නෙමෙයි wav ,oggවගේ Audio File Format ගොඩක් මේකේ වැඩ.ඔයාලා ලස්සනයි Sound Quality එකයි බලලා හැමදාම Winamp හොයන්න කරදර වෙනවා ඇති.දැන් එහෙම කරදර වෙන්න ඕනේ නෑ මේ AIMP Player එක  100%ක්ම නොමිලේ.ඒකහින්දා ඕන වෙලාවක නොමිලේම බාගන්න පුළුවන්. කැමතිනම් ඔයාලත් බාගෙන දාගන්න.

Wednesday, November 17, 2010

HJ-Split ( කෑලි කෑලි වලට කඩන්න )

HJ-Split ගැන :-
                                               මම අද කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක් ගැන.මේ Software එක තියෙන්නේ ලොකු ලොකු Files පොඩි පොඩි කොටස්වලට කඩන්න.මේ Software එක 100% ක් Free.මේක ගොඩාක් වටින්නේ Internet එකට Files Upload කරන අයට.මොකද සාමාන්‍යයෙන් File එකක් Internet එකට Upload කරනවා කියන්නේ පොඩ්ඩක් වෙලාව එහෙම යන වැඩක් කියලා කවුරු කවුරුත් දන්නවානේ.අපි හිතමු ඔයාට Film එකක් Internet එකට Upload කරන්න ඕනවුනා කියලා.සාමාන්‍යයෙන් Film එකක් 700MB විතර වෙනවානේ. ඔය File එක Internet එකට Upload කරන්න ගියහම පැයගානක් නැත්නම් දවස් ගානක් යන්නත් තියෙනවා.එක ඉතින් තීරනය වෙන්නේ ඔයාගේ Internet Connection එකේ හැරටියට තමා.දැන් ඔන්න SLT කට්ටිය අළුත් Connection 3ක් ම හඳුන්වලා දීලා තියෙනවා.හැබැයි ඒවායේ Speed එක එහෙම වැඩි වුනාට ඒ වගේම ඒවායේ ගානත් වැඩීනේ ,ඒ වගේ Connection එකකින් නම් පොඩ්ඩක් ඉක්මනට වැඩ කරගන්න තිබ්බා.එහෙම කලත් ටිකක් වෙලාව නම් යනවා එක File එකක් Upload කරනකොට.ඒක හින්දා File එක කොටස් 4කට විතර කඩලා Upload කලා නම් වැඩේ ලේසී.UPS නැති අයටත් හොඳයි,මොකද නැත්නම් ලයිට් ගියොත් ඔක්කෝම ඉවරනේ.
                                                           හරි අපි දැන් වැඩේට බහිමු  ,මුලින්ම මේ File එක Download කරගන්න.ඊට පස්සේ මේ File එක Extract කරගන්න.දැන් ඔයාට පේන්න තියෙනව ඇති හරි ලකුනක් දාපු Icon එකක් ඒක උඩ Double Click කරන්න.දැන් ඔයාට Split කියලා Button එකක් පෙනෙයි.ඒක උඩ Click කරන්න.දැන් ඒකේ Input File ගිහින් ඔයාට කොටස්වලට කඩන්න ඕන Video එක හරි Software එක හරි File එක හරි පෙන්වන්න.File ගොඩක්නම් ඒ File ගොඩ Win RAR වලින් Compress කරලා ඉවර වෙලා HJ-Split එකට Input කරන්න.දැන් Output කියන තැනින් ඔයාට මේ කැඩිලා එන File ටික එන්න ඕන තැන පෙන්වන්න.ඊට පස්සේ ඔය යටින් තියෙන Split File size කියන එකේ ඔයාට මේ File එක කැඩුනහම එක File එකකට එන්න ඕන උපරිම Size එක දාන්න.මෙතන ප්‍රමාණැය දාන්න තියන තැනට එහා පැත්තේ Kilobyte ද Megabyte ද කියන එක හදාගන්න පුළුවන්.දැන් Start කරන්න.ඔන්න දැ Split වෙලා ඉවර වෙයි.
                                                              දැන් ඔයා කැමති විදිහකට ඔය කැඩිච්ච File ටික Internet එකට Upload කරන්න.හැබැයි ඔය File ටික Download කරන කෙනත් මේ Software එක භාවිතා කරලා ඔය File ටික Join කරගන්න ඕනේ.ඒක කරන්නේ මෙහෙමයි.HJ-Split Open කරගන්න.දැන් ඒකේ තියෙන Join කියන Button එක උඩ Click කරන්න.අර Download කරපු File ටික Input කරන්න. ඊට පස්සේ Output එක යන්න ඕන තැනත් පෙන්වන්න. දැන් Start කරන්න.ඔන්න දැන් ඔය File කටික එකතු වෙලා Output වෙන්න දීපුතැන එක File එකක් හැදිලා ඇති.ඒක සාමාන්‍ය විදිහට Open කරන්න.Video File එකක් නම් නිකන්ම Open කරන්න පුළුවන්.කලින් කිව්ව වගේ Compress කරලා Split කරපු එකක්නම් දැන් ඒක එක File එකක් වෙලා ඇති ඒක Extract කරලා ඔයාට ආයිත් අර File ටික ගන්න පුළුවන්.

                                                      ඔයාලා මේක ගොඩක් දුරට තේරුම්ගන්න ඇති කියලා මම හිතනවා.මොකද මම මීලඟට දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Adobe Collection එක වගේ ලොකු Software. ඒක හින්දා ඔයාලට මේක ඉගෙනගන්න එක  ගොඩාක් වටියි කියලා මම හිතනවා.ඒ වගේම මතක් කරන්න ඕනේ මේතමයි මම මේතාක් ලියපු දිගම ලිපිය.

Sunday, November 14, 2010

Tera Copy ( කොපි කිරීමේ නවතම කලාව )

Tera Copy ගැන :-
                                               මම අද ඔයාලට දෙන්න යන්නේ හොඳ කාලීන Software එකක්.මේක තියෙන්නේ File එහෙට මෙහෙට Copy කරන එක ලේසි වෙන්න.මේ Software එක Install කරලා ඉවර වෙලා ඔයා ඔයාගේ Hard Disk එකේ තියෙන එකක් Pen එකකට හරි නැත්නම් Pen එකක තියෙන එකක් Hard Disk එකට හරි Copy කරල බලන්න. එතකොට ඔයාට තේරෙයි File ඉක්මනට Copy වෙනවා වගේ.ඒ වගේම තමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි File එකක් Copy වෙවී තියෙද්දී Pause කරලා එක්කෝ වෙන වැඩක් කරන්න හරි නැත්නම් වෙන එකක් Copy කරන්න හරි පුළුවන්.ඒක හින්දා ඔයාලගේ වැඩ ලේසි කරගන්න ඔයාලත් මේ Software එක දාගන්න.

Saturday, November 13, 2010

Poli Art Template එක දාගන්න

Poli Art Template එක ගැන :-                      
                මම මේ කියන්න යන්නේ තවත් නියම Blog Template එකක් ගැන.මේකෙත් Photo Slide එකක් තියෙනවා.ඒවගේම Share Button ටිකකුත් තියෙනවා.පාටත් අවුලක් නැහැ.ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා ඔය Photo Slide එකට Photo Upload කරනකොට පුළුවන් තරම් ප්‍රමාණය අඩු කරලා Upload කරන්න එතකොට ඔයාගේ බ්ලොග් එක Slow. වෙන්න යන වෙලාව අඩු වෙයි.


කොහොමද බලන්න              මෙතනින් බාගන්න 
                                                                                                මෙතනින් බාගන්න

Thursday, November 11, 2010

Photo Blog Template එක දාගන්න

Photo Blog Template එක ගැන:-
                           මේ template එකනම් මරු මේකේ තියෙනවා ලස්සන Photo Slide එකක්.ඒක තමයි මේ බ්ලොග් Template එකේ විශේෂත්වය.ඒ වගේම ඔය Photo Slide තියෙන.Template වගේ නෙමෙයි මේක හරි ඉක්මනට Load වෙනවා.ඔයාලා Template එකේ Gadget එහෙම වෙනස් කරන විදිනහ එහෙම ඔය Download කරන Folder එකේ තියෙනවා.තව එක දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා ඔය Slide එකට Photo දාද්දි පුළුවන් තරම් ප්‍රමාණය අඩු කරලා දාන්න.එතකොට ඉක්මනට ඔයාගේ බ්ලොග් එකත් ඉක්මනට Load වෙයි.
 
  මෙතනින් බාගන්න                           කොහොමද බලන්න
   මෙතනින් බාගන්න

Wednesday, November 10, 2010

Advanced RAR Password Recovery ( පෞද්ගලිකත්වයට තිත )

Advanced RAR Password Recovery ගැන :-
                             මම අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලා හැමෝටම ගොඩාක් වටින Software එකක්.මේ Software එක යොදාගෙන ඔයාට පුළුවන් Password දාපු RAR File වල Password එක හොයාගන්නමේකෙන් වෙන්නේ මුලින්ම Win RAR File එකේ Password එක තියෙන අකුරු ගාන හොයාගන්නවා ඊට පස්සේ ඔක්කෝම ගහන්න පුළුවන් Password ගහනවා.එතකොට හරි එක Set වුනාම හරි.හැබැයි Password එක දිග වුනාම වෙලාවනම් යනවා ගොඩක්.අපි දැකලා තියෙනවානම් ඔය Password එක වෙන කවුරුහරි Type කරනවා වැඩේ තවත් ලේසයි.එතකොට අපි දන්නවානේ Password එකේ Space තියෙනවාද අංක තියනවාද කියලා.එතකොට Range කියන එකේ අපිට මොනවා හරි අඩු කරන්න පුළුවන්නේ .ඒ කියව්වේ අපි දැක්කනම් Password එකේ Space එකයි අංකයි තිබ්බේ නැහැ කියලා අපිට පුළුවන්.ඒ දෙකට දාලා තියෙන හරි 2 අයින් කරලා Search කරන්න.එතකොට වැඩේ තවත් ඉක්මන්.ඒවගේම තමයි මේ Software එක 2MB වලටත් වඩා අඩු නිසා බාගන්නත් ලේසියි.ඔයාලත් බාගෙන බලන්නලකෝ වැඩේ කොහොමද කියලා.

Sunday, November 7, 2010

Clock X ( වෙලාවට වැඩ කරන්න )

Clock X ගැන :-               
                         අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩිම පොඩි Software එකක් මේක නම බලපුගමන් මොකක්ද කියලා හදුනගන්න ඇති.මේ Software එක දැම්මහම ඔයාලගේ Desktop එකේ ඔරලෝසුවක් මතුවෙනවා.ඒ කිව්වේ කටු කැරකෙන ඔයරලෝසුවක්.මේක එක්ක අපිට ඕනෙනම් දින දර්ශකය ගන්න පුළුවන්.ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ තමයි. මේ ඔයාලට හම්බුවෙන ඔරලෝසුවේ Alarm එක තියන්න පුළුවන් වීම.ඔයාලා Facebook එකේ ඉන්නකොට ඔයාලට වෙලාව යනවා තේරෙන්නේ නැතුව ඇති.සමහර විට ඔයාට ඔයාගේ වැඩ එහෙමත් අතපසුවෙනවා ඇති.ඒක හින්දා ඔයා සතියක දෙකක වැඩ වලට මේකේ Alarm තියලා තිබ්බානම් ඔයාලටත් මතක්වෙයි ඔයාලට එදිනෙදා කරන්න තියෙන වැඩ.Alarm තියන්න ඕනෙනම් ඔරලෝසුව මත Right Click කර Alarm තෝරන්න
                                                සමහරු මේවගේ ඒවා දාගන්න බයයි මොකද Computer එක Slow වෙන හින්දා. ඒ වුනාට මේක දැම්මයි කියලා Computer එක Slow වෙන්නේ නැ.මේක ගොඩාක් වැදගත් වෙන්නේ තවම Windows XP පාවිච්චි කරන අයට මොකද දැන් ඔය Windows Vista , Windows 7 වලට මේ වගේ Clock එකක් තියෙන හින්දා.හැබැයි මම දන්න තරමින් ඒකේ Clock එකේත් Alarm තියන්න නම් බැරිද කොහෙද?එහෙනම් ඔයාලත් බාගෙන බලන්න.බාගන්න ගැටළු තියෙනවානම් අපිට දැණුම්දෙන්න.දැනුම් දීම Comment මගින් හෝ Email මගින් හෝ Facebook massage හරහා කල හැක.

Saturday, November 6, 2010

Real Desktop ( Desktop එක මේසය මතට එයි )

Real Desktop ගැන :-             
                               මම අද දෙන්නේ ඔයාලට පොඩි ජොලි Software එකක්.මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්. මේවා වීසිකරාම හරියට කැරම් බෝඩ් එකේ වගේ වටේම වැදිලා වැදිලා තමයි නවතින්නේ.හැබැයි ඔය Icons එහෙමෙහෙ යවලා අපිලිවල කරගන්නවා වගේ නෙමෙයි ඕවා ආයිත් තිබ්බ විදිහට හටදන්න ගියාම.එපා වෙනවා.මේකේ Icons තියෙන්නේ හරියට පොඩි පොඩි Disc වගේ.මේකේ තියෙන Icons Delete කරනකොට කරන්න තියෙන්නේ ඕන කරන Icon එක අරන් ගිහින් Recycle Bin එකට අතහරින්න එතකොට ඒක ලස්සනට Recycle Bin එකට වැටෙනවා.වැටෙනවා කිව්වට ඒක වැටෙන්නේ නැ.පොඩ්ඩක් එතන එහාපැත්ත බැලුවොත් ඔයාට ඒ Icon එක දැකගන්න පුළුවන්.ඔයාමේ Desktop එකේ කරන හැම වැඩක්ම කරද්දි එක එක සද්ද එහෙමත් එනවා.ඔයාට මේ මේස Desktop එකෙන් අයින් වෙන්න ඕනෙනම් පහලින් Task Bar එකේ (මම රවුනම් මේ පිංතූරයේ රවුම් කරලා තියෙන තැන ) පෙන්නන Program වලින් මේ program එකට අදාල Icon එක උඩ Right Click කරලා Exit කරන්න.මරු වැඩේ ඔයාලත් මබාගෙන බලන්න.


මෙහෙමයි බාගන්නේ :- 
                                        මුලින්ම මෙතනින් බාගන්න බොත්තම Click කරන්න.එතකොට නිකන්ම Download වුනේ නැත්නම් එන Window එකේ පහලට එන්න.එතකොට ඔයාට Download Button එකක් පෙනෙන්න තියෙයි.ඒක Click කරලා Download කරගන්න.Crack කරන්නේ නැතුව හොඳට වැඩකරනවා.ඒක හින්දා Crack කරන්න යන්න එපා

Wednesday, November 3, 2010

වෙනස් වෙන්න Icons මල්ලක්

Icons දාන හැටි :-
                      මම අද ඔයාලට කියන්න යන්නේ Software එකක් ගැන නෙමෙයි මම කියන්න යන්නේ Software එකකට වැදගත් වන දෙයක් ගැන.ඔයාලා Tune Up Utilities ගැන දන්නවා ඇති නේද? දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.ඒකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා.මේකෙන් ගොඩාක් අය ඔය Themes මරු කරන වැඩ එහෙම කරනවා.සමහර අයට ඕනේ Icons විතරක් මාරු කරන්න.සමහර අයට හොයාගන්න Icons නැතුවත් ඉන්නවා.ඒක හින්දා තමයි මම අද මේ Icons ටික දෙන්නේ .ඔයාලත් බාගෙන බලන්න. මේකේ ඔය හැම ජාතියකම File වර්ග වලට ගැලපෙන.වෙනස් කරන ලද Icon තියෙනවා.උදාහරණයක් විදිහට අපි හිතමු WMV Video File තියෙනවා කියලා.අපි Tune Up Utilities වලින් Customize Windows වල Visual Style ගිහින් ඒකේ System Elements ගිහින් Desktop ,Start Menu,Explorer,File Type,Control Panel ගිහින් එතන පෙන්වන List වලින් File Types වල තියෙන List එකෙන් File එක Select කරලා Replace Icon ගිහින් Browse යන්න. ඊට පස්සේ මම මේ දෙන Icon ටිකේ තියෙන WMV File එකට ගැලපෙන Icon එකක් Select කරලා WMV File වලට වෙන Icon එකක් දැම්මොත් එහෙම ඔයාගේ Computer එකේ තියෙන ඔක්කෝම WMV File වල Icon එක වෙනස් වෙනවාඔයාලත් පහල තියෙන Icon ටික බාගෙන කරලා බලන්න.