Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Showing posts with label Top Rated. Show all posts
Showing posts with label Top Rated. Show all posts

Monday, April 8, 2013

අපි දැන් අළුත් තැනක



අද දවස වෙනකොට අපිට අවුරුදු තුනයි.ඒක හින්දා අපි අළුත් තැනකට මාරුවෙන්න හිතලා Freesofthut.blogspot.com ඉඳලා softhut.lk වලට මාරු වුණා.2010.4.8 වෙනිදා තනියම ලියන්න පටන්ගත්තා මම දැන් තව යාළුවො කිහිපදෙනෙකුත් එක්ක වැඩේ අළුතෙන් පටන්ගත්තා.2010 දී Software විතරක් ගැන ලියපු අපි අද ඉඳලා Games,Tutorials,Physics වගේ දේවල් හා Technology News ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙනවා.
අළුත් දේවල් ගොඩාක් අපි ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙනවා
අපිත් එක්ක දිගටම රැඳීසිටින්න ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.

Thursday, January 24, 2013

Test Your Mobile Phone ( මේ විදිහට ටෙස්ට් කලාද? )

                            මම අද Mobile phone සම්බන්ද ලිපියක් ලියන්න හිතුවා.ගොඩාක් වෙලාවට Mobile Phone එක පාවිච්චි කරන්නෙ Call ගන්න.ඉස්සරනම්  Phone එකක් බිම වැටෙනවා කියන එක එච්චර ලොකුදෙයක් නෙවෙයි(මොකද Nokia 3310, Nokia 1100  වගේ එකක් බිමට වැටුනට ක්‍රියා විරහිත නොවෙන නිසා ).
                             ඒත් දැන් තියෙන Smart Phone වලට ඔය කතාව වලන්ගු නැහැ මොකද ඒවා එක වරක් වුනත් වැටුනොත් සමහර විට ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා.අපි කවුරුහරි ඒවගේ වටින Mobile Phone එකක් ගත්තොත් ඒ Phone පරිහරනය කරන්නෙ හරිම පරිස්සමට.ඒත් අපි කවදාවත් ඒවා නිකමටවත් බිම දාලා බලන්නේ නැහැනෙ කැඩෙනවද කියලා.
                                              ඒවගේ  Smart Phone බිම ගහලා පෙන්නන කට්ටිය දැන් ඉන්නවා එයාලා මේ Test වලදි  Mobile Phone 2ක් සංසංදනය කරලා පෙන්වනවා.සමහර පරීක්ෂණ නම් ටිකක් මෝඩ ඒවා කියලත් හිතෙනවා.සමහර අය හැම එකක්ම  Blender එකට දාලා පෙන්වනවා,සමහරු Microwave Oven එකේ දාලා පෙන්වනවා ඒවායෙනම් ප්‍රතිඵලය අපි කලින්ම දන්නවනෙ.
ඒත් සමහර ඒවනම් එහෙම නැහැ එක්කෙනෙක් Mobile Phone බිම දාලා පෙන්වනවා.තව එක්කේනෙක් වතුරට දාලා පෙන්වනවා.මේකෙන් මේ කාලෙට(2013) වටිනම එක තමයි Nokia Lumia 900 එකකින් ඇනයක් ගහලා පෙන්වන එක ඒ මදිවට ඇනයෙන් Phone එකටත් ගහලා පෙන්වනවා ඒවගේ පරීක්ෂණයකින් නම් අපිට කියන්න පුළුවන් ඒ අදාල උපකරණයේ ශක්තිමත්බාවය ගැන.
                                           මම පහලින් Test ටිකක් ඔයාලට බලන්න දාලා තියෙනවා.ඔයාලත් මේ වැඩ ටික බලන්න.ඔයාලා Google එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔයාලට පුළුවන් මේවගේ Phone ගොඩකට කරලා තියෙන  Test වර්ග බලන්න.

Hammer Test ( Nokia Lumia 900 )



Drop Test ( Apple iPhone 5 Vs Samsung Galaxy s3 )



Water Test ( Samsung Galaxy s2 )



Hammer Drop & Knife Scratch Test ( Apple iPhone 5 )



Blender Test ( iPhone )



Microwave Test ( iPhone 5 )


Tuesday, August 28, 2012

Screen Capture Google Chrome Extension ( කොපි කිරිල්ල )

Screen Capture Google Chrome Extension එක ගැන:-
               මම අද දෙන්නෙ මටත් ඕන වෙලා තිබ්බ වටින කියන Google Chrome Extension  එකක්.Screen Capture Google Chrome Extension එක Technology Blog ලියන කට්ටියට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා කියවලා බලන්නකො අද මම යන්නේ ඉඳලම දෙන්නයි හදන්නේ.
                 Screen එක Capture කරන Software නම් ඕන තරම් අපි දන්නවනේ.ඒත් ඒවයෙන් Screen එක Capture කරලා අපිට ඕන කරන දේවල් මකලා ඕන කරන ඒවා Type කරලා හදාගන්න වෙන Software එකක උදව්ගන්නම වෙනවා.මේ Chrome Extension එක දාගත්තහම වෙන වෙන ඒවයෙ උදව් ඕනෙ නැහැ.හරිම සරලයි මුලින්ම කරන්න තියෙන්නේ මේ Chrome Extension එක දාගන්න එක.ඒකට කරන්න තියෙන්නේ පහල තියන Button එක ඔබලා ඒ එන Screen එකේ දකුණු පැත්තෙ උඩින් තියෙන ADD TO CHROME කියන Button එක ඔබන එක  විතරයි.ඊට පස්සෙ එන පොඩි .Window එකේ Install Click කරන්න.
                                                                     එතකොට පට් පට් ගාලා අපිමේ කතාකරන Chrome Extension එකට අදාල Button එකක් Google Chrome  Window එකේ දකුනු පැත්තේ ඉහලට එකතුවෙනවා.දැන් පොඩ්ඩකට Google Chrome එක Close කරලා ආයිත් Open කරන්න.
                                                                   දැන් තියෙන්නේ ඔයාට Capture කරගන්න ඕන Screen එකට ගිහින්.අර කලින් අපි ඉහල කෙලවරට දාගත්ත Button එක Click කරලා මේ තියෙන ඒවයෙන් ඔයාගේ අවශ්‍යතාව මත කැමති දේවල් තේරීමයි.ඒ ටික මේ විදිහට ඔයාට පෙන්වයි.

ඒකෙන් Capture Page Region තේරුවහම ඔයාලට පුළුවන් Google Chrome Window එක ඇතුලෙතියෙන කොටසක් කපලා ගන්න. ඒකට තියෙන්නේ Capture Page Region Button එක Click කරලා ඒ එන Box එකේ අවශ්‍ය Size එක හදලා අවශ්‍ය තැනට ඒ කොටුව ගෙනිහිල්ලා එතන තියෙන OK Button එක Click කරන එක විතරයි .එතකොට අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Visible Content තේරුවහම ඔයාලට පුළුවන් Screen එකට අහුවෙලා තියෙන සම්පූර්ණ කොටසම Capture කරගන්න ( උඩින් තියෙන Tab, Address bar එහෙම නැතුව ).Capture Visible Content තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Whole Page තේරුවොත් මුලු පිටුවම Capture වෙලා ගොඩාක් උස Photo එකක් එනවා.Capture Whole Page තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Capture Screen Region තේරුවොත් අපිට මුළු Screen එකේම තියෙන ඕනෑම දෙයක් කපලා ගන්න පුළුවන්.Google Chrome Window එක පොඩ්ඩක් පහලට කලොත් Desktop එක හෝ වෙනත් Window එකක් වුනත් Capture කරගන්න පුළුවන්.Capture Whole Page තේරුවහම Screen එක අඳුරු වෙලා යනවා ඊට පස්සේ අවශ්‍ය කරන තැන අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් ඇඳලා OK කරන්න අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

Friday, December 10, 2010

After Effects CS4( වැඩ සීයයි )

After Effects CS4 ගැන :-                                                   
                                     මම අද කියන්න යන්නේ නියම ඒවගේම ප්‍රසිද්ධ Software එකක් ගැන.මේක ගැන මම හරියට දැනගත්තේ  අපේ ඉස්කෝලේ තිබ්බ IT Day එකකදී අපේ යාළුවෝ දෙන්නෙක් මේකේ ගොඩාක් වැඩ කරලා අපිට උදව්කළා. ඒ යාළුවෝ දෙනා නමින් සුවින් චන්දුල ,ලෝලිත් මයුර කියන දෙන්නා.
                                                      ඒ කතා වලින් වැඩක් නෑ අපි දැන් අපේ මේ Software එක ගැන බලමුකෝ.මේ Software එකෙන් කරන්න පුළුවන් වැඩනම් එමටයි.මේකෙන් Slide show කරන්න . Video හදන්න.ඔය වෙලඳ දැන්වීම් වගේ ඒවා හදන්න.සජීවී කරන වැඩ වලට එහෙම මරු.ඔයාලත් මේකේ වැඩ කරනවා බලාගෙන හිටියොත් ඔයාලටත් නිසැකයෙන්ම හිතෙයි After Effect ගැන ඉගන ගන්න.ඉගන ගන්නත් Internet තියෙනවානම් ගොඩාක් ලේසී.මොකද Internet එකේ After Effect ගැන හැදිච්ච Tutorial ගොඩාක් තියෙනවා.
                                                   මේ තියෙන්නේ මම කියපු ඉස්සේල්ලා අර යාළුවෝ දෙන්නා එකත්වෙලා හදපු Video එක ඔයාලත් බලන්න. ඔය Video එකේ තියෙන අමුතු Gadget අපේ ඉස්කෝලේ නෑ හොඳේ.මේ Video එක 1.86GB විතර වුනා බොහොම අමාරුවෙන් Convert කලේ.



මෙන්න මෙතන තියෙන Link වලින් Rapid share වලින් බාගන්න

http://rapidshare.com/files/260956894/ad.tar.002
http://rapidshare.com/files/260956864/ad.tar.003
http://rapidshare.com/files/260956858/ad.tar.001
http://rapidshare.com/files/260956831/ad.tar.004
http://rapidshare.com/files/260956582/ad.tar.005

එකෙන්ම බාගන්නවානම් පහල තියෙන Link එකෙන් යන්න

http://www.megaupload.com/?d=YI1DKZJR

Wednesday, August 4, 2010

VidBlaster ( ඔක්කෝම සජීවී වෙයි )

VidBlaster ගැන :-

                         අද මම දෙන්නේ වෙනස් විදිහේ Software එකක් මේ Software එකේ නම තමයි VidBlaster  .මේකෙන් කරන්නේ Video නිෂ්පාදනය කරන එක.සාමාන්‍යයෙන් මේ Software  එක පාවිච්චි කරන්නේ සජීවී විකාශයක් ලබා දෙන්න.උදාහරණයක් කිව්වොත් News වගේ ඒවා දෙන්න.මේ Software එක Install කලාම ඔයාගේ Computer එකට Connect කරන Video Camera වලින් Video වෙන ඒවා මේ Software එකේ පෙන්නනවා.ඕනෙමනම් Video Camera 2ක් 3ක් වුනත් දාගන්න පුළුවන්.ඒවගේම හැම Video Camera එකකින්ම Video වෙන ඒවා ඔයාට පෙන්නනවා.ඔයාට ඕන ඕන Camera වලට Video එක යද්දි මාරුවෙන්න පුළුවන්.
මේ වැඩේට Web Cam එකක් වුනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්
මේ Software එක පාවිච්චි කරලා Online Live Program එකක් වුනත් දෙන්න පුළුවන්.තව ඕනෑනම් Screen එකට Frame එකක් වුනත් දාගන්න පුළුවන්. ඔයාලගේ Logo එකක් වුනත් දාගන්න පුළුවන්.ඔයාලටත් ඕනෙනම් ගෙදර TV Channel එකක් කරන්න පුළුවන්.ඔයාලත් කරලා බලන්න.

මෙම ලිපිය ලිවීම සඳහා විශේෂ ස්තූතිය දිලීප සංජීව හිමිවේ