Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Monday, June 28, 2010

Sony Ericsson PC Suite (අළුත් වෙලා පටන්ගනිමු)

Sony Ericsson PC Suite ගැන:-
                                                Sony Ericsson, කිව්වහම Nokia වලට හොඳ තරඟයක් දෙන සමාගමක්.ඒක හින්දා Sony Ericsson පාවුච්චි කරන පාරිබෝගිකයින් ගණනත් වැඩියි.Sony Ericsson PC Suite කියන්නේ ගන්න හැම Sony Ericsson Phone එකක් එක්කම හම්බුවෙන Software එකක් වුනත්.මම මේ Software එක දෙන්නේ කාලෙකට කලින් Sony Ericsson Phone ගත්ත අයට හා PC Suite ළඟ නැත් අයට.Sony Ericsson PC Suiteඑක දැන් අලුත් ඒකියන්නේ පොත්ත විතරක් අලුත් කියන එක නෙමෙයි නේ ඇතුලෙ තියෙන වැඩකෑලිත් වැඩී.දැන් එන අළුත් Mobile Phone වලට මේවගේ අළුත් PC Suite එකක් නැතුව කොහොමත් බෑනේ.මෙයිට වඩා මේක ගැන මම කියන්න අවශ්‍ය වෙන එකක් නෑ මොකටද ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නේ.

AVG (පරණ තාලේ අයිත්)

AVG  ගැන:-
                    AVG කියන්නේ දැනට කාලෙකට කලින් කට්ටිය හිටුකියලා පාවිච්චි කරපු Antivirus Software එකක්.ඔයාලත් සමහර විට මේ ගොඩේ ඉන්නවා ඇති.මේ රැල්ල ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවුනා කට්ටියක් Kasper Sky  වලට මාරු වුණා.ඊට පස්සේ Kasper Sky එකේත් Keys Blacklist කරන්න පටන්ගත්තා .ඊට පස්සේ සමහරු සල්ලි දීලා Antivirus Software එකක් ගත්තා.සමහරු Free Antivirus Software වලට මාරුවුණා.ආයිත් කට්ටිය AVG වලට මාරුවුනා.මේ Antivirus Software එකත් නරකම නෑ නරක Software එකක්නම් මෙච්චර කට්ටිය  Download කරයිද?මොනවා වුනත් Virus පට් පට් ගාලා අල්ලගන්නවා.අනික ඔය ලොකු ලොකු Antivirus Software වගේ නෙමෙයි Slow නෑ Hard එකේ ඉඩ යන්නේ නෑ.සාමාන්‍ය Computer එකකටනම් ප්‍රමාණවත්.මොකද මම එහෙම කිව්වේ Internet පාවිච්චි කරනවා නම් වැඩි ආරක්ෂාවක් එපෑ.එහෙමනම් ඔයා AVG Internet Security එක දාගන්න.

අවදානයයි :- AVG ඔයාගේ Computer එකට Install කලාට පස්සේ ඔයාගේ Computer එකේ තියෙන exe File ඔක්කෝම Delete කරන්න පුළුවන් හින්දා පරිස්සමින් ඔයාගේ Computer එකට අළුතෙන් Windows දාලාම මේක Install කිරීම නුවණට හුරුයි.

Sunday, June 27, 2010

Ares ( හිතේ හැටියට බාන්න )

Ares ගැන:-
                     Ares කියන්නේ Torrent පවුලේ Software එකක් මේකෙන් කරන්නෙත් සාමාන්‍ය Bit Torrent වලින් කරන වැඩම තමයි.හැබැයි මේ Software එකේ වැඩිපුර පහසුකම් ටිකකුත් තියෙනවා.මේකෙ තියෙන ලොකුම වාසිය තමයි මේකෙන් Torrent එකක් Download කරනකොට Speed එක වැඩී වගේම Slow වෙනවත් අඩුයි.තව එක හොඳක් තමයි මේකෙන් Film  එකක් Download කර කර ඉන්න ගමන් ඕනෙනම් ඒකේ Download වෙලා තියෙන ටික බලන්නත් පුළුවන්.සමහර අයට Torrent බාන විදිහ විකාරයක් වගේනේ ඒවගේ අයටත් මේක හොඳයි.මේකෙන් Torrent Search කරලා Double Click කරපු ගමන් නිකන්ම Download වෙනවා,කරන්න තියෙන්නේ මේ Software එක Install කරලා මේකේ තියෙන Search  කියන එකට ගිහින් ඕනෙ කරන Torrent එකේ නම Type කරල Search කරන්න.එතකොට ඔයාට එක එක Torrent List  එකක් පෙන්වයි .ඒවායින් ඔයාට හරියන එක උඩ Double Click කලාම ඒක Download වෙනවා.Download වෙන ඒවා Transfer කියන එකේ තියෙනවා(ඔයාලා Download කරන්න පටන්ගන්නකොට භාෂාවයි Quality එකයි බලලා ගන්න) Download වෙලා ඉවර වුනාට පස්සේ Download කරපු Torrents ඔක්කෝම පිළිවලකට Library එකේ තැන්පත් වෙනවා.ඔයාලත් Install කරලා බලන්න.

         

Saturday, June 26, 2010

Daemon tools (රාක්ෂ ආයුධ)

   Daemon tools ගැන :-                        
               මේ Software එකත් ගොඩක් ප්‍රසිද්ධ Game ගහන අය අතරේ තමයි.ඔයාල දන්නවද Image ගැන.පිංතූර Image නෙවෙයි .ඔයාලා දැකල ඇතිනේ CD එකක් Copy කරනකොට ඔයාගේCD ROM එකේ නමට යටින් Burn Image කියලා එකක් තියෙනවා .ඒක Select කරලා CD එක හෝ DVD එක Burn කලාම ඔයාගේ Computer එකේ File එකක් හැදෙනවා ඒකේ තියෙන්නේ CD එකේ තිබ්බ Data ම තමයි.හැබැයි අපි නිකන් Computer එකට Copy කරනවා වගේ නෙවෙයි CD එකේ තියෙන විදිහටම Copy වෙනවා.හැබැයි මේක Open කරන්න පුළුවන්Daemon tools හරි Alcohol කියන Software වලින් විතරයි
                                      මේ Software එක Install කරට පස්සේ ඔයාගේ Computer එකේ තව CD ROM එකක් පෙන්නනවා ඒ තමයි Image  එකක් Open කලාම පෙන්නන CD ROM එක.මේ Software එක Install කලාට පස්සේ ඔයාගේ Task Bar එකේ කෙරවලේ පෙන්නනවා Daemon Tools Icon එක ඒක උඩ Click කරලාVirtual CD/DVD ROM ගිහිල්ලා Device 1 කියන එකේ තියෙන Mount image කියන එකට ගිහිල්ලා ඔයා Copy කරපු Image එක Mount කරන්න එතකොට ඔයාගේ My Computer එකේ තියෙන අලුතෙන් ආපු CD ROM එකේ ඔයා Open කරපු Image එක පෙන්වයි.