Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Friday, August 6, 2010

FL Studio ( සංගීතයේ රසය )

FL Studio ගැන :-


                                     මම අද දෙන්නේ සංගීතය පැත්තට බර Software එකක්.මේක තියෙන්නේ Music හදන්න.මේකත් එක්ක ඔයාට ලැබෙන පහසුකම් එහෙම ගොඩක් වැඩියි.ඔයාට මේ Software එකෙන්ඕනෑම බෙර වර්ගයක හඬ නිකුත් කරන්නත් ඒවගේම සිංදුවට අවශ්‍ය හැම Sound එකක්මත් දාගන්න පුළුවන්.ඕගන් වගේ ඒවා Computer එකට Connect කරලා ඕනෙනම්  Music Record කරගන්න පුළුවන් නැත්නම් ඔයාට මේ Software එකෙන්ම ඕගන් එකක් අරගෙන Play කරලා Music එක හදාගන්න පුළුවන්.
ඔයාට ඕනෙනම් DJ Sounds, ඔය කෑගහන සද්ද දාගන්නත් පුළුවන්. Drum Beat හදන්නනම් කරන්න තියෙන්නේ පොඩි කොටු ටිකක් පුරවන්න විතරයි.මේක සරලව පොඩි පොඩි වැඩ වලට ඔයාලටත් යොදාගන්න පුළුවන්.පාවිච්චි කරන්නත් ලේසියි.මේක ඉගෙනගන්න එකත් හරිම ලේසී.ඒත් මේක ඔය ලොකු ලොකු වැඩ වලටත් ඔට්ටුයි.

මම මේ දීලා තියෙන්නේ FL Studio XXL Producer Edition v8.0.2 එක
මේ Software එක 140 MB විතර වෙනවා

Wednesday, August 4, 2010

VidBlaster ( ඔක්කෝම සජීවී වෙයි )

VidBlaster ගැන :-

                         අද මම දෙන්නේ වෙනස් විදිහේ Software එකක් මේ Software එකේ නම තමයි VidBlaster  .මේකෙන් කරන්නේ Video නිෂ්පාදනය කරන එක.සාමාන්‍යයෙන් මේ Software  එක පාවිච්චි කරන්නේ සජීවී විකාශයක් ලබා දෙන්න.උදාහරණයක් කිව්වොත් News වගේ ඒවා දෙන්න.මේ Software එක Install කලාම ඔයාගේ Computer එකට Connect කරන Video Camera වලින් Video වෙන ඒවා මේ Software එකේ පෙන්නනවා.ඕනෙමනම් Video Camera 2ක් 3ක් වුනත් දාගන්න පුළුවන්.ඒවගේම හැම Video Camera එකකින්ම Video වෙන ඒවා ඔයාට පෙන්නනවා.ඔයාට ඕන ඕන Camera වලට Video එක යද්දි මාරුවෙන්න පුළුවන්.
මේ වැඩේට Web Cam එකක් වුනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්
මේ Software එක පාවිච්චි කරලා Online Live Program එකක් වුනත් දෙන්න පුළුවන්.තව ඕනෑනම් Screen එකට Frame එකක් වුනත් දාගන්න පුළුවන්. ඔයාලගේ Logo එකක් වුනත් දාගන්න පුළුවන්.ඔයාලටත් ඕනෙනම් ගෙදර TV Channel එකක් කරන්න පුළුවන්.ඔයාලත් කරලා බලන්න.

මෙම ලිපිය ලිවීම සඳහා විශේෂ ස්තූතිය දිලීප සංජීව හිමිවේ

Monday, August 2, 2010

Team Viewer ( වට වෙලා බලන්න )

Team Viewer ගැන:-                            
                                 මම අද දෙන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක්.ගොඩක් වෙලාවට මේ Software එක පාවිච්චි කරන්නේ Network එකක් තියෙන තැන්වල.උදාහරණ කිව්වොත් ඉස්කෝල වල, Internet Cafe වල වගේතමයි මේ Software එක පාවිච්චි වෙන්නේ.මේ Software එක Install කලාම ඔයාට පුළුවන් අනිත් Computer වල ඉන්න අය මොකද කරන්නේ කියලා බලාගන්න.ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ Computer එකේ තියෙන Screen එක අනිත් අයගේ Computer වල Screen එකේ පේන්න දාන්න.ඔයා කරන වැඩ අනිත් අයට පේන්න සලස්වන්නත් පුළුවන්.තව පුළුවන් ඔයා ඉන්න Computer එකේ ඉඳලා වෙන Computer එකක වැඩ කරන්නත්.ඒ වුනාට හැමෝටම ඒක කරන්න පුළුවන්නම් මේකේ වැඩක් නැති හින්දා මේකට Password එකක් දාන්නත් පුළුවන්.

                                               මේකේ තව වාසි වගයක් තියෙනවා.පළවෙනි එක තමයි මේ Software එක Windows , Linux , Mac OS හැම එකකටම හොඳට වැඩකිරීම.අනික තමයි මේ Software එක  නොමිලේ දෙන Software එකක් වීම.
මම මේ පහලින් බාගන්න දීලා තියෙන්නේ අළුත්ම එක (Team Viewer 5.0.8703).ඔයාලගේ ගෙවල් වලත් පොඩි පොඩි Network තියෙනවනම් ඔයාලටත් පුළුවන් Test කරලා බලන්න.



Sunday, August 1, 2010

Orbit Downloader ( දිගටම බාන්න )

Orbit Downloader ගැන :-
                                                  අද මම මේ දෙන්න හදන්නේ අළුත් Download කරන Software එකක්.ඒ කිව්වේ Internet Download Manager වගේ එකක්.මේක තවත් විදිහකට කිව්වොත් Torrent Downloader එකක් වගේ.දැන අපි මොකක් හරි File එකක් Download කරනවා කියලා හිතමු Rapidshare, Mediafile, Megaupload වගේ එකකින් .ඕක Download කර කර ඉන්න ගමන් විදුලි ඇණහිටීමක් වුනා කියමු.UPS එකක් තිබ්බොත් පොඩි කාලයක් බේරිලා ඉදී UPS එකක් නැත්නම් ඔයාට වෙන්නේ ආයිත් ඒ File එක මුල ඉඳලා Download කරගන්න

                            මේක තියෙන්නේ ඒවගේ කරදර වලින් මිදෙන්න.ඔයාට ඕන File එකක් නවත්ත නවත්ත Download කරන්න පුළුවන්.මේකෙ තියෙන තවත් වාසියක් තමයි.මේ Software එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් වීම.තවත් එක හොඳක් තමයි මේ Software එක Google Chrome වලටත් නියමෙට වැඩ කරන එක.මේ Software එක නිසා අපිට සමහර විට Internet Download Manager වලට ටටා කියන්නත් පුළුවන් වෙයි.:):)
මෙම ලිපියේ යම් යම් කොටස් Freegameshut හි උදිත ඉසුරංග සොයුරාගේ ලිපියකින් ලබාගත්තෙමි