Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Monday, July 5, 2010

iskoot ( Skype,Skype,Skype )



iskoot ගැන:-


                       මේ තියෙන්නෙ ගොඩාක් Mobile Phone පාවිච්චි කරලා Internet යන අය අතර ගොඩාක් ප්‍රසිද්ධ Software එකක්.
දැනට ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Software අතර මේ Software එකත් තියනවයි කියලා ඔයාලා දන්නවාද?Skype කියන්නේ Internet Log වෙලා තවත් Skype වලට Log වෙලා ඉන්න කෙනෙක්ට Call එකක් ගන්න පුළුවන් Software එකක් ඕනෙනම් කීපදෙනෙක්ට වුනත් එකපාර Call කරන්න පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක  බාගෙන ඊට පස්සෙ මේ Software එක්කේ Sign Upවෙන්න විතරයි.ඊට පස්සෙ ඔයාගේ යාළුවන්ව මේකෙන් Add කරගෙන එයාලාට නොමිලේ Call ගන්න පුළුවන්.මම මේ කිව්වේ Computer එකෙන් Log වෙන විදිහනේ.ඒ වගේමයි iskoot එකත්. මුලින්ම ඔයා iskoot බාගන්න ඔනේ.

බාගන්නේ මෙහෙමයි 
                     මුලින්ම ඔයා මෙතනින් බාගන්න කියන Button එක Click කරලාඑන Window එකේ ඔයාගේ Phone එකේ වර්ගය තෝරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකෙක් Model එක තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ රට තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ Phone Number එක ඇතුලත් කරන්න.Skype එකේ ඔයාගේ Username එකත් ඇතුලත් කරන්න.ඔයා අනාගතයේදී iskoot ආයතනයේ අලුත් නිෂ්පාදන ගැන Email මගින් දැනගන්න කැමතිනම් ඊට යටින් තියෙන Tick එක දාන්න.ඊට පස්සෙ ඔයා මේ Software එක Download කරන විදිහ තෝරන්න SMS මගින්ද? Computer එකට Download කරගන්නවද?නැත්නම් Email මගින් Download කරනවද කියලා.ඊට පස්සෙ Submit කරන්න එතකොට ඔයා තෝරපු විදිහටSoftware එක Download වෙයි
ඊට පස්සේ සාමන්‍ය විදිහට phone එකෙන් Skype Log වෙන්න

Saturday, July 3, 2010

Skype Offline Setup ( මෙන්න Call එකක් )

Skype ගැන :-
                               ලෝකේ වටේම අය හරි හරියට පාවිච්චි කරන Software එකක් තමයි මේක.මේ Software එක පාවිච්චි කරන්නේInternet යොදාගෙන  ඒ හරහා Call ගන්න.වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑ ඔයාලා දැනටමත් මේක ගැන හොඳටම දන්නවා ඇති.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන මේකේ Sign Up වෙන්න ඊට පස්සෙ ඔයාගේ Email Account එකට ගිහින් මේ Skype Account එක ඔයාගේ කියලා සනාථ(Verify) කලාට පස්සේ ඔයාට කැමති විදිහට යාළුවෝ එක්ක Chat කරන්න පුළුවන්එයාලට Call ගන්න පුළුවන්
මම මේ ඔයාලට Download කරන්න දාලා තියෙන්නේ Offline Setup එකක් හින්දා Dial-Up Connection තියන අයටත් වටිනවනේ නැත්නම් කොහොමද එයාලා මේ Skype Online Install කරන්නේ.

.........මේ Call ගන්න කලින් පොඩ්ඩක් බලන්න Mic එක ගහලද කියලා........හී හී : D : D

Mozilla Fire Fox ( ගිනි නරියා )

Mozilla Firefox ගැන :- 
                                      මේක නම් අළුත් දෙයක් නෙමෙයි. Firefox කිව්වම හැමෝම දන්නWeb Browser එකනේ. කාලෙකට කලින් ලෝකෙම වෙනස් කරපු Web Browser එකක් තමයි.ඉස්සර අමාරුවෙන් Internet පාවිච්චි කරපු අයට අලුත් පණක් දුන්න Software එකක් හැටියට Mozilla Firefox හඳුන්වන්න පුළුවන්.ඉස්සර තිබ්බ Internet Explorer ඒකාධීපති Web Browsing පාලනය මුළුමනින්ම වාගේ නැතිකරන්න මේකට හැකි වුනා.මේක ජනප්‍රිය වෙන්න හේතු ගොඩාක් තිබ්බා.මේ කාලේ තමයි ලෝකෙම අය Microsoft Windows වලින් දුරස් වෙලා වෙන Operating System වලට යන්න පටන්ගත්තේ එතකොට Linux/Ubuntu වලට ආපු Web Browser එක තමයි මේක.ඒවගේම Microsoft Windows පාවිච්චි කරන අය මේ Web Browser එක පාවිච්චි කරන්න පෙලඹුනේ Add-on පහසුකම Bookmark පහසුකම වගේ ඒවා හින්දයි.
                                                                            කාලෙන් කාලෙට Web Browser දියුණුවුනා අළුත් Web Browser හැදුනා.ඒත් මේ Firefox හෙල්ලුනේවත් නෑ.ඒ මොකද මේකත් ඒ අනිත් Web Browser  වගේම අළුත් වුණා.අළුත් දේවල් එකතු වුණා Themes වගේ දේවල් වගේම අනිත් ඒවාට වඩා හොඳ වේගයක් Mozilla Firefox ලබාදුන්නා.දැන් ගිනි නරියා ගිහින් අළුත් එකක් එන්නත් හදනවා කියලා කියනවා.දැන් ගිනි නරියා Mobile Phone වලටත් තියෙනවා Firefox වල හොඳ Security එකකුත් තියෙන හිංදා අපිත් තාම Firefox පාවිච්චි කරනවා.

Thursday, July 1, 2010

PhotoScape ( පිංතූර කඩේට පහරදීම )

  PhotoScape ගැන :-            
                                                     අද දෙන්න යන්නේ තවත් Photo Edit කරන Software එකක්.නමින් PhotoScape කියලා තමයි කියන්නේ මේදවස් වල ගොඩාක් අය Download කරන Software එකක් තමයි .අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා.මේ Software එක ලෝකේ වටේම ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙලාතියෙන්නේ මේ Software එක Free දෙන හින්දා හා මේ Software එක භාෂා ගොඩකින් තියෙන හින්දා.මේ Software එකෙන් Photo එකක් Edit කරන එක හරිම ලේසීයි.
                                                                   මේකෙන් ගොඩාක් Advance විදිහට Photo එකක් Edit කරන්න බැරි වුනාට.හොඳට Edit කරන්න පුළුවන්.Photo එකට Cartoon කෑලි දාන්න Size එක වෙනස් කරගන්න. වගේම විශේෂත්වයක් තමයි GIF Animated                  
 Photo Edit කරන්න වගේම හදන්නත් පුළුවන්මේ Software එකෙන් Photoshop වලින් කරන වැඩ තත්පරෙන් දෙකෙන් කරන්න .ඒක හින්දා මේ PhotoScape නම් Bloggers ලාට, Facebook පාවිච්චිකරන අයට නියම Software එකක්