Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Sunday, October 31, 2010

Chat Abbreviations ( කෙටියෙන් කතා කරමු )

                                    මම අද කියන්න යන්නේ තවත් එක Software ගැන නම් නෙමෙයි.අන්තර්ජාලයට අළුත් අයට වටින පොඩි ලියවිල්ලක් ගැන.අන්තර්ජාලයට අළුත් අය කිව්වේ Chat කරන්න අළුත් අයට.මේ ලියවිල්ලේ ඇතුලත් වෙලා තියෙන්නේ Online Chat කරනකොට ඔයාලට දකින්න ලැබෙන කෙටි යෙදුම් එහෙමත් නැත්නම් Short Form කියන ඒවායේ තේරුම්.අපි සාමාන්‍යයෙන් ලංකාවේ අයත් එක්ක Chat කරද්දි ඔය එකක් දෙකක් යොදාගන්නවා. ඒත් ඔය පිට රට අය එක්ක කතා කරනකොට එයිට වඩා Short Form ගැන නැත්නම් කෙටි යෙදුම් ගැන වැඩියෙන් දැනගන්න වෙනවා.මමත් Internet ගත්ත මුල්ම දවස් වල ඔය Document එකෙන් බලාගෙන තමයි ඒවා තේරුම් ගත්තේ.මේ Document එකේ හොඳේ කියන්නේ ඉංග්‍රීසි අකුරු පිළිවලට මේ කෙටි යෙදුම් තියෙනව. ඒක හින්දා හොයාගන්නත් ලේසී.අනික තමයි මේ Document එකේ සැලකිය යුතු කෙටි යෙදුම් ප්‍රමාණයක් තියෙනවා.මේ Document එක PDF File එකක් විදිහට තමයි තියෙන්නේ.ඔයාලගේ Computer එකේ Acrobat Reader හරි Foxit Reader හරි තියෙනවා නම් මේ File එක Open වෙයි.ඒ එකක්වත් නැත්නම් මේ Document එකත් එක්කම තියෙන අනිත් Setup File එකෙන් Foxit Reader Install කරගන්න.මෙහෙම ඒවා දැන ගත්තා කියලා Facebook එකේ Skype එකේ Yahoo , Gtalk වල එහෙම කාලය කන්න නම් එපා හොඳේ :)

Saturday, October 30, 2010

Facebook එකේ ඔක්කෝටම Invite කරන්න.

Facebook එකේ ඔක්කෝටම Invite කරන හැටි 
                                    මම අද ඔයාලට දෙන්නේ ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Google Chrome Extension එකක්.මේක ගොඩාක් වටින්නේ මුහුණු පොතේ යාළුවන්ට.මේක දාගත්තහම ඔයාට පුළුවන් Facebook Fan page, Group වලට ඔයාගේ යාළුවො ඔක්කෝටම එකපාරට Invite කරන්න.මේක දාගෙන Invite කරන්නේ මෙහෙමයි, මුලින්ම මේ Extension එක දාගන්න.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාට Invite කරන්න ඕන Fan Page එකට හෝ Group එකට.ඊට පස්සේ Invite People to Join හෝ Suggest To Friends යන්න.දැන් ඔයාට ඔයාගේ යාළුවන්ගේ Profile Pictures පොඩි කොටුවල තියෙන පොඩි Window එකක් පෙනෙයි ඒකේ උඩින් ඔයාට අළුත් Button එකක් පෙනෙන්න ගනී.ඒ තමයි Toggle All කියන එක.ඒක Click කලාම ඔයාට පෙනෙයි ඔයාගේ ඔක්කෝම යාළුවො Select වෙලා ඉන්නවා.දැන් ඉතින් තියෙන්නේ Invite Button එක ඔබන්න.මම කලින් දුන්න අර Java Code එක ඔයාලට මතක ඇති.ඒක වලංගු වෙන්නේ Fan Page වලට විතරයි ඒත් මේකනම් එහෙම නැ.Group වලටත් හොඳටම වැඩ.හැබැයි මේක Chrome Extension එකක් ඒක හින්දා ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් Chrome වලින් Facebook ගිහින් විතරඉ කියලා අමතක කරන්න එපා.

Monday, October 25, 2010

සිංහල Type කිරීමේ වේගය තවත් වැඩිවෙයි



සුද්ද සිංහල Add-One එක ගැන:-
                                                        මම අද දෙන්නේඔයාලට ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On එකක්.මේක ගොඩාක්ම වටින්නේ සිංහල ලියන අයට.මොකද මේ Add-On එක දාගත්තගහම ඉංග්‍රීසි වෙනමයි සිංහල වෙනමයි Type කරන්න ඕනේ නැ.මොකද මේක දාගත්තාම ඒ ඔක්කෝම එක දිගටම Type කරගෙන යන්න පුළුවන්.ඉංග්‍රීසි Type කරනකොට කරන්න ඕනේ​ F8 ඔබන එක සිංහල Type කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ F12 ඔබන එක.ඒවිතරක් නෙමෙයි ඕනෙනම් මේකේ විජයසේකර Key Board එක වුනත් ගන්න පුලළුවන්.ඒකට ජකරන්න තියෙන්නේ F9 ඔබන එක.ඔයාලා Type කරකර ඉන්නේ සිංglish වලින්ද නැත්නම් විජයසේකට Key Board එකෙන්ද කියන එක දකුණු පැත්තේ පහලින් පෙන්වනවා.සි අකුරනම් ඔයා Type කරන්නේ සිංglish, EN වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ ඉංග්‍රීසියෙන්,වි අකුර වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ විජයසේකර Key Board එකෙන්.ඔයාලත් මේක දාගෙන ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න.

Saturday, October 23, 2010

Internet එකේ වෙලාව කන තරම බලන්න

                                     මම අද දෙන්නේ ගොඩාක් ඔය Internet එකේ එහෙම ඇලිලා ඉන්න අයට හොඳ Software එකක් Software එකක් කිව්වට මේක Firefox Add-on  එකක්.මේකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලා Internet එකේ දවසකට ඉන්නවද කියලා බලාගන්න.මේක දාගත්තාම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඔයා Firefox එකෙන් Internet Brows කරන්න Set  වුනාම පොඩියට Window එකේ දකුණු පැත්තේ පහල වෙලාව යනවා.ඔයා Internet යන යන වාරයක් පාසා ඒ වෙලාව වැඩි වෙනවා.මේක දාගෙන බලන්න එතකොට ඔයාටම තේරෙයි වටින කාලය කොච්චර ඔයා නිකරුනේ ගතකරනවද කියලා.ඕනෙනම් ඔයාලට පුළුවන් සමහර Site වලට ගියාම වෙලාව යන්නෙ නැති විදිහට හදන්නත් ඒක හින්දා මේක Office වලටත් හොඳයි : D :p  Office එකේ ඉන්න එවුන් වෙන වෙන ඒවැ කැරකෙනවද කියලා බලන්න.:D :D ඔයාලත් දාගෙන බලන්න.

Friday, October 22, 2010

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන්න

Facebook එකේ හැමෝටම Fan Page වලට එක පාර Invite කරන හැටි :-
                            මම අද දෙන්නේ අපේ Facebook එකේ ඉන්න යාළුවන්ට හොඳ දෙයක්. මේ Java Script එක යොදාගෙන ඔයාලට පුළුවන් Facebook එකේ ඔයාලගේ යාළුවන්ට Fan Page වලට Invite කරන්න. Invite කරනවා කිව්වේ එක එක නෙමෙයි ඔක්කොටම එකපාර. මේක මෙයිට කාලෙකට කලින් හොඳටම වැඩ කරා ඒත් මේක ටික දවසකට ඉස්සර වැඩ කලේ නෑ.දැන් ඔන්න ආයිත් වැඩ.ඉස්සරනම් Group වලටත් Invite කරන්න පුළුවන් ඒත් දැන් පුළුවන් Fan Page වලට විතරයි.මම Freesofthut පටන්ගත්ත දවස්වල Freesofthut Group එකට ඔයාලට Invite කලෙත් ඔහොමම තමයි.නැත්නම් ඉතින් එක එක කොටන්න එපැ :D

මෙන්න ඒ Java Script එක.


javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}

මේ Java Script එක මුලින්ම Copy කරගන්න.
දැන් ඔයාගේ Fan Page එකට යන්න දැන් ඒකේ Suggest To Friends කියන එකට යන්න.
දැන් ඔයාට ඔයාගේ යාළුවෝටික ඉන්න Box එකක් පෙනෙයි.
දැන් ඔයාගේ Web Browser එකේ Address Bar එකේ තියෙන Fan Page එකේ URL එක මකලා මේ Java Script. එක Paste කරන්න.
දැන් Enter Press කරන්න ඔන්න Load වෙලා ඔක්කොම යාළුවෝ ටික Select වෙනවා.
එහෙනම් ඔන්න ජය වේවා

Thursday, October 21, 2010

Kasper sky Trial Reseter (තාවකාලික ස්ථීරත්වය)

Kasper sky 2011 Trial Reseter :-                                 
                                                   මම අද ඔයාලට දෙන්නේ මම ඔයාලට කලින් දුන්න Software එකක්.මේක මම දෙතුන් පාරක්ම ඔයාලට දෙන්නා ඒත් ඒ වතාවල මේ Software එකේ පොඩි පොඩි අවුල් තිබ්බා ඔන්න මේපාරනම් අවුල් නෑ ඔයාලා මේක ගැන තව දැනගන්න ඕනෙනම් මගේ අර පරන ලිපිය කියවන්න.මොන Link එකෙන් බෑවත් එකම Software එකම තමයි හොඳේ.


                                       මෙතනින් බාගන්න

                                       මෙතනින් බාගන්න

Tuesday, October 19, 2010

Skype Call Recorder ( කියපු දේවල් Record කරන්න )

Skype Call Recorder ගැන :-  
                                                                          
                     අද මම දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ Skype පාවිච්චිකරන අයට.මේ Software එක දාගත්තාම ඔයාට ගන්න ගන්න හැම Voice Call එකක්ම Record කරන්න පුළුවන්.හරිම සරල වැඩක් තියෙන්නේ මුලින්ම මේ Software එක Install කරගන්න ඕනේ. Install කරගන්න ඕනෙනම් නිකන් බෑ .NET frameworks තියෙන්නත් ඕනේ.ඒකත් ඔයාලා මේ Software එක Download කරාට පස්සේ ඒ Folder එකේම තියෙනවා. .NET frameworks Install කලාට පස්සේ අනිත් Setup එකෙන් ගිහින් මේ Software එක Install කරගන්න.දැන් ඔයාට තියෙන්නේ ඔයාගේSkype Account එකට Log වෙන්න. දැන් ඔයාට පෙනෙයි උඩින් පොඩි Massage එකක්.ඒකේ Allow To Access කියන එක දාන්න.දැන් ඉතින් අර කලින් Install කරපු Software එකේ Record Button එක ඔබපුගමන් ඔක්කොම Calls Record කරන්න පුළුවන්.මේකේ හොඳේ කියන්නේ මේ Software එක install කරලා තියෙනවා කියලා අනිත් අයට පේන්නෙත් නෑනේ.අනිත් අයගෙ හොර වැඩ අල්ලගන්නත් මේකෙන් පුළුවන්.අනික තමයි මේකේ Record වෙන File MP3 විදිහට Record වෙන හින්දා  Play කරන්න අමාරුවකුත් නෑ.ඔයාලත් බාගෙන වැඩේ කොහොමද බලන්න.

Sunday, October 17, 2010

Falkner Press ( බ්ලොග් template එක බාගන්න )


මේ Template එකත් මරු Template එකක් Gadget කෑලි එහෙම ගොඩක් තියෙනවා.ඔයාට ඕන කරන විදිහට හදාගන්නත් ලේසී.ඒවගේම තමයි මේක හරි ලස්සන Template එකක් .ඔයාලත් බාගෙන බලන්න


Thursday, October 14, 2010

Nokia Codes ( Nokia කේත )

 Nokia Codes ගැන :-
                                                                              මම මේ පාර දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Mobile Phone තියෙන අයට Mobile Phone කිව්වෙ නිකන් ඒවා නෙමෙයි Nokia ඒවා.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල එක එක දේවල් බලන්න පුළුවන් Codes.


*#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න


#0000# ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
            1st Line Software Version එක
            2nd Line Software එක නිකුත් කළ දිනය


*#9999# Software Version එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම්  *#0000# ගහලා බලන්න.


*#06# IMEI (International Mobile Equipment Identity )Number එක බලාගන්න


#pw+1234567890+1# සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )


#pw+1234567890+2#  Network Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+3#  Country Lock  ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+2#  Sim Lock  ගැන විස්තර දැනගන්න  ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

*#147# අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)

*#1471# අවසන් ඇමතුම (Vodafone වල පමණයි)

*#21# අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට

*#43# Call waiting සක්‍රීය කිරීමට

*#61# ප්‍රතිචාර නොදක්වන ලෙස Divert  කිරීම

*#62# ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම

*#67# ග්‍රාහකයා කාර්‍‍ය බහුල ලෙස Divert  කිරීම

*#67705646#  operator ගේ Logo එක ඉවත් කරයි

*#73# වෙලාව හා Game වල ලකුණු Reset කිරීම

*#746025625# Standby කාලය වැඩි කරගන්න

*#7760# නිෂ්පාදකගේ Code එක

*#7780# නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්


*#8110# Software version එක බැලීමට Nokia 8110 සඳහා

*#92702689#  
                    1st Line Serial Number
                    2nd Line සෑදූ දිනය
                    3rd Line විකිණූ දිනය
                    4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )


*#94870345123456789# PWN -Mem ක්‍රියා විරහිත කරන්න


**21*Number# මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම

**61*Number# ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම

**67*Number# Cut කලාම මේ නොම්බරයට හැරවීම

123456 සාමාන්‍ය ආරක්ෂක අංකය

Phone Mode වෙනස්කිරීමට ඔබාගෙන ඉන්න

Saturday, October 9, 2010

BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )

Blue Soleil ගැන :-

                                  මේ තියෙන්නේ ලිපි අංක 101 මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක් .මේක ADSL තියන අයටනම් ඕනෙත් නැතිවෙයි.ඒවුනාට මේක ඔය කාට කාටත් ඕන වෙයි.මේ Software එක හා Bluetooth Dongle එක යොදාගෙන ඔයාලට Internet යන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක් මුලින්ම මේ තියෙන Software එක බාගන්න ඒකේ තියෙන BlueSoleil  කියන Setup එකෙන් ගිහින් Install කරන්න.අනිත් Setup එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඔයාලා Game වල Crack Copy කරනවා වගේ මේකේ තියෙන Crack එකත් Copy කරන්න. ඊට පස්සේ ඔයාගේ Bluetooth Dongle එක Computer එකට Connect කරන්න.මේ Software එක මුලින්ම Connect කරනකොට එන Window එකේ Dial - Up තෝරන්න ඊට පස්සේ ඔයාගේ Phone එකෙන් Bluetooth Devices Search කරන්න එතකොට Computer එක පෙන්නුවට පස්සේ උඩ තියෙන Photo එකේ රවුම් කරලා තියෙන Button එක Click කරන්න එතකොට නිකන්ම Internet යයි.ඕනම තියෙන Internet Phone එකකට වලංගුයි හොඳේ.මේක මේවිතරක් නෙමෙයි තව ගොඩාක් Bluetooth සම්බන්ධ වැඩ වලට ගන්න පුළුවන් ඔයාලත් බාගෙන බලන්න. ගැටළු තියෙනවනම් Comment කරන්න.
මේ Software  එක ගැන දැනුවත් කලාට විශේෂ ස්තුතිය ඉශාන් සල්මන්  හා හසිත මලින්දට හිමිවේ.

Thursday, October 7, 2010

Camtasia Studio (කරන කියන දේ අනිත් අයටත් කියන්න)


Camtasia Studio 7.0 ගැන :-
                                               මම අද මේ ලියන්නේ මගේ 100 වෙනි ලිපිය.මේ ලිපිය හොඳට දෙන්න ඕන හින්දා තමයි පොඩ්ඩක් කල් ගත්තේ.මම අද මේ දෙන Software එක ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේ Software එක තියෙන්නේ Computer Screen එකේ අපි කරන දේවල් Record කරන්න.සමහර අය Comment වලත් දාලා තිබ්බා මේ වගේ Software එකක් දෙන්න කියලා.මේ Software එක ඔය පොඩි පොඩි Recording Software වගේ නෙමෙයි නියමෙටම Record වෙනවා.අනික තමයි මේ Software එකට ඕනෙනම් Web Cam එක වුනත් Set කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ Record කරන  ඒවා You Tube එකට Upload කරන්නත් ඔයාලට පුළුවන්.ඕනෙනම් ඒ Video Edit කරන්නත් පුළුවන්.ඕනෙනම් මේ Videos වෙන Phone වලට Ipod වලට ගැලපෙන විදිහට Convert කරගන්නත් පුළුවන්.ඔයාලට Record කරන එක නවත්තන්න ඕනෙනම් ඔයාලට කරන්න තියෙන්නේ F10 බොත්තම ඔබන එක.ඒවිතරක් නෙමේ ඔයාට ඕනෙනම් පුළුවන්Screen එකේ කොටසක් විතරක් Record වෙන්න හදාගන්න.ඔයාට Video Record නැතුව Audio Record විතරක්  ඕනෙනම් ඒකත් නියම Quality එකට කරගන්න පුළුවන්.තව පුළුවන් Screen එකේ එක එක කොටස් Zoom කරලා පෙන්නන්න. ඒවගේම තමයි ඕන කරන ඒවාට වලාකුළු දාලා අරව මේවා දාන්නත් පුළුවන්.ඔයාලත් Download කරගෙන බලන්න.මේ Software එක 100%ක්ම හොඳටම වැඩ නියම Torrent එකක්.


Sunday, October 3, 2010

Rainy Screen ( හෙනගහන්න වහිනවා )

Rainy Screen ගැන :-      
                                         ඔන්න මම අද දෙන්නේ මරු Item එකක් මේක Screensaver එකක් ඒත් මේකනම් මම දැකලා තියෙන Screensaver වලින් තාත්විකම Screensaver එක වෙන්න ඇති.මේකෙදි වෙන්නේ Screen එකට වහින එක හරියට වහින වෙලාවක ජනේලයකින් එළිය බලාගෙන ඉන්නකොට වගේ.වහිනවා විතරක්නම් කමක් නෑ ගොරවනවත් එක්ක.මේ දවස්වල කොහොමත් වැස්සනේ ඒත් ඉතින් හෙන ගහන්නේ නෑනේ ඒවුනාට මේකෙනම් මහ හයියෙන් ගොරව ගොරව වහිනවා.මගේ Task Bar එකටත් හෙන ගැහුවා.මම බොහෝම අමාරුවෙන් මේ Screenshot එක ගත්තේ මොකද මේ Speaker වලින් මහා හයියෙන් හෙන ගහන සද්දේ ඇහෙනකොට පොඩ්ඩක් Miss වෙනවා.හී හී.ඔයාලත් බාගෙන බලන්න.