Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Monday, August 30, 2010

CCleaner ( සුද්දවන්තයා )


CCleaner ගැන :-
                             අද මම දෙන්නේ ඔයාලට ගොඩක් වටින Software එකක්.මේක තියෙන්නේ Computer එකේ තියෙන වැඩකට නැති Files මකන්න.ඔයාලට පොඩි කැමැත්තකුත් ඇති මේ Software එක දාගන්න.ඒවුනාට පොඩි හරි භයකුත් තියෙනවයි කියලා මම දන්නවා.මොකද ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති සමහර මේවගේ Software වලින් System File මකනවයි කියන එක.ඒවුනාට මේකනම් එහෙම නෑ.ඔයාලා තව දන්න කාරනයක් තමයි ඔය ඔයාලා දාන දාන හැම Software එකම පහසුවෙන් Delete වෙන්නේ නැහැයි කියන එක.ඒකටත් මේ Software එක හොඳයි මොකද මේ Software එකෙන් ඔය Software භාග ඉතුරු වෙලා තියෙනවානම් ඒවා අයින්කරනවා.

                                                                                                ඔයාලා දන්නවනේ ඔය වැඩකට නැති Files එහෙම තිබ්බාම Hard එකේ ඉඩත් අඩුවෙනවා ඒවගේම Computer එකත් Slow වෙනවා.ඒක හින්දා ඔයාලත් මේ Software එකදාගෙන ඔයාලග Slow Computers වේගවත් කරගන්න.ඒවගේම මේකේ තව විශේෂත්වයක් තියෙනව මේ Software එක 100%ක් නොමිලේ ලබාදෙන Software එකක්.

තවත් දෙයක් මම අමතක කරන්නේ නෑ.ඒ Facebook එකේ ඔයාලා මේ ලිපි Share කරනවට  ස්තූතිකරන්න

Friday, August 27, 2010

SkipScreen (බාන අයට බ්‍රේක් නැත්වෙන්න)

SkipScreen ගැන:-

                                         මම ඔන්න අද ඔයාලට දෙන්නේ Online File Share කරන අයට හොඳ Software එකක්.ඔයාලා Rapid share වගේ Web Site එකකින් File එකක්Download කරලා තියෙනවාද?? Premium Membership එකක් නැත්නම් ඔයාලට බැරිවෙයි දිගටම බාන්න.පොඩ්ඩක් බලාගෙන ඉන්නත් වෙයි.සමහර විට ඔය වෙලාව විනාඩි 2ක් විතර වෙන්නත් පුළුවන් නේද?ඒවගේ File Share කරන Web Site ගොඩක ඔය වැඩේ තියෙනව ඕක මහ වදයක් හින්දා තමයි.මේ වගේ Software එකක් හදලා තියෙන්නේ.මේක තියේන්නේ ඒවගේ File Share කරන Site වල ඔය නැවතිලා ඉන්න එක(waiting) නැති කරන්නයි.මේක Rapid share එකේ විතරක් නෙමෙයිMega Upload, Media fire ,Upload.to,Z share, Share bee,Deposit Files ,Sendspace,DivShare ,Linkbucks ,Link-Protector වගේ ඒවා වල නවතගෙන ඉන්න එකත් වලක්වනවා.ඔයාලත් ඔයාගේ ගිනි නරියට(Fire Fox) මෙයාව දාගන්න.එතකොට නැවති නැවති බලාගෙන ඉන්න ඕනේ නෑ.


Wednesday, August 25, 2010

Miro Video Converter (අළුත් විදිහට)

Miro Video Converter ගැන:-                                                                     
                                    ඔයාලට කාලයකින් Software එකක් දෙන්න බැරිවීම ගැන මම මුලින්ම කනගාටුව ප්‍රකාෂ කරන්න කැමතියි.ඔන්න මම අද තවත් ඔයාලට හරියන Software එකක් ගෙනාවා.මම මෙයිට කලින් Miro කියලා වෙන Video Player එකක් දුන්නා මතක ඇති.මේ තියෙන්නේ ඒකෙම Video Converter එක.මේක Softwae එක යොදාගෙනiPhone/  iPod Touch,iPod Classic,iPod nano,iPad වගේ Apple ඒවට Video/Audio දාන්න පුළුවන්.තව PSP වලට Magic/My Touch, HTC Hero,Droid , Milestone,G1  වගේ ඒවටත් Video,Audio දාන්න පුළුවන්.
                                 මේක යොදාගෙන අපිට ඔය උඩින් කියපු උපාංග වලට නියම Quality එක තියෙනVideos,Audios දාන්න පුළුවන්.මේකෙන් Convert කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.ඒවා තමයි පහලින් දාලා තියෙන්නේ.ඔයාලත් iPhone වගේ ඒවා තියෙනවා නම් ඔයාලත් මේක Download කරගන්න iTunes වගේ වැඩිය ඉඩ යන්නෙත් නෑ Slow වෙන්නෙත් නෑ.
ඔයාලා Facebook එකේ එහෙම ලිපි Share කලාට මම ඔයාලට ස්තුතිය ප්‍රකාශ කරන්න කැමති 

AVI >MP4
H264 > MP4
MOV > MP4
WMV > MP4
XVID > MP4
Theora > MP4
MKV > MP4
FLV > MP4



Saturday, August 21, 2010

MPlayer ( වෙනසේ රසාස්වාදය )

MPlayer ගැන:-
                                         මේ තියෙන්නේ තවත් අළුත් Open Source Software එකක්.යොදාගන්නේ Video/Audio File Play කරන්න.මෙකෙන් ගොඩාක් වර්ගවල Video/Audio File Play වෙනවා.
උදාහරණ කිව්වොත් SVCD(Super Video CD),DVD,MPEG 1/2,AVI,ASF,NUT, WMV,WMA,QT,MOV,MP4,Ogg,OGM, වගේ ඒවා.
මේක අළුත් වුණාට ගොඩාක් Video Card වලට මේක හොඳට වැඩ කරනවා 100%ක්ම වගේ.තව ගොඩාක් Audio File එහෙමත් මේකේ වැඩ කරනවා.භාෂා දෙක තුනකින්ම මේක ඔයාලාට ලබාගන්න පුළුවන්.ඒවගේම Window,MacOS,Linux වගේ හැම එකකටම මේ Software එක Download කරගන්න ඔයාලටත් පුළුවන්.


ඔබට අවශ්‍යනම් Download පිටුවේ පහලින් Skins Download කරගත හැක
ඔයාලත් Facebook එකේ එහෙම මේක Share කරන්න අමතක කරන්න එපා

Pidgin (වෙනසක් සමග Chat එකට Set වෙන්න)

Pidgin ගැන :-
අදමම දෙන්නේ තව නියම Software එකක්.මේකත් Open Source Software එකක්.මේක පාවිච්චිකරන්නේ Chat කරන්න.ඒකිව්වේ එක Network එකකින් විතරක් නෙවෙයි Account ගොඩකින් Log න්නපුළුවන්.ඒවාතමයි AIM, GoogleTalk , IRC MySpace IM,SIMPLE,Yahoo!, Bonjour,Groupwise,MSN,QQ, Sametime,Zephyr,Gadu-Gadu,ICQ,MXit,SILC,XMPP කියන ඒවා.

ඔයාලට මේක දාගත්තාම ඔය Software දෙක තුනක් දාන්න යන ඉඩ ඔක්කොම ඉතුරුවෙනවා.අනික ඔය Yahoo! G talk එකේ තියේන Smiles එහෙමත් ඔක්කෝම තියෙනවා.මේක මෙච්චර ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙන්න එත්තේ මේක භාෂා 20කින් විතර තියෙනවා.අනික මේ Software එක Windows වලට Fedora වලට Ubuntu වලට Mac OS කියන හැම එකකටම හරියන විදිහටම ඔයාලට Download කරගන්න පුළුවන්.ඔය භාෂටික අස්සේ අපේ මේ සිංහල භාෂාවයි දෙමළ භෂාවයි තියෙනවා.මේ නිකන්දෙන open Source Software වල වටිනාකම දැන්නම් අපිටත් පොඩ්ඩ පොඩ්ඩ තේරුම්ගන්න පුළුවන්.ඔයාලත් බාගෙන Chat එකට සෙට් වෙන්න.

ඔයාලත් පුළුවන්නම් මේ ලිපිය Facebook එකේ Twitter එකේ Share කරලා අපිට සහයෝගයක් දක්වන්න


ඔයාලට මේ Software එක Install කලාම ලැබෙන්නෙ පහලින් තියෙනවා වගේ Window එකක් 
තමයි.



Friday, August 20, 2010

Miro (කාට කාටත් ගැලපෙනවා)

Miro ගැන :-

                                    අදමම දෙන්න යන්නේ හොඳ Open Source HD (Hight Definition) Video Player එකක්.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් ගොඩයි.මේකෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් මම ඔයාලට දැන් කියන්නම්.ඔයාලට Online HD Videos හරි ඉක්මනට බලන්න පුළුවන්.තව ඔයාට මේ Software එක දාගත්තාම ඕනෑම වර්ගයේ Video File එකක් බලන්නත් පුළුවන්.තව විශේෂ දෙයක් තියෙනවා ඔයාලට මේ Software එක දාගත්තාම You Tube Video වුනත් Download කරන්න පුළුවන්.අනික මේකෙන් You Tube Video Download වෙන්න එච්චර වෙලාව යන්නේත් නෑ.Quality එකත් සුපිරි.
                                             තව එකක් තියෙනවා අපි හිතමු ඔයා කැමති මොකක් හරි TV Program එකක් තියෙනවා කියලා අපිට පුළුවන්.අළුත් කොටසක් ඒකට එකතුවෙච්ච ගමන් ඒක බලන්න.අපිට TV Channel 6000කටත් වඩාමේකෙන් බලන්න පුළුවන්.අනික එක ජාතියක් කියලා නෑ.ඕනෙනම් Online  Movies , Cartoon , News  , TV ඕන එකක් බලන්න පුළුවන්.ඔයාට තියෙන්නේ මෙයාලගේ Web Site එකට ගිහින් ඔයාලගේ කැමතිම Program එකේ නම ගහලා Search කරලා ඒක හොයාගන්න එක.නැත්නම් හොඳ ජනප්‍රිය Program එකක් බලලා Add to Sidebar කරන්න විතරයි.එතකොට ඔයාට හැමදාම ඒ Program එකේ අළුත් කොටස් බලන්න පුළුවන්Quality එකත් ගොඩාක් හොඳයි.මේක Windows , Ubuntu ,Mac OS ඕන එකකට හරියන හින්දා.ඔයාලත් බාගෙන බලන්න.


Thursday, August 19, 2010

Mobile එකෙන් බ්ලොග් එකට සෙට් වෙන්න




                                                                                                            ඔයාලත් Mobile Phone වලින් ඔයාලගේ Blog එක බලන්න Try එකක් දුන්නේ එහෙම නැද්ද.කොච්චර Try කලත් ඔයාලට ඔයාලගේ Blog එක හරියට ඔයාලගේ Phone එකෙන් බලාගන්න නම් බැරිවෙන්න ඇති.හැබැයි මේ විදිහට කලොත්නම් ඔයාලට ඔයාලගේ Blog එක Mobile Phone එකෙන් බලාගන්න පුළුවන් වෙයි.
                                                         මුලින්ම ඔයාලා Dashboard >Design>Edit html ගිහිල්ලා Ctrl+F ඔබන්න ඊට පස්සේ.ඔයාලගේ Web Browser එකේ උඩින් හරි පහලින් හරි පොඩි Search Box එකක් එයි.ඒකේ මේන්න මේ පහලින් තියෙන Code එක  Paste කරල  Enter කරන්න.


<b:include data='blog' name='all-head-content'/ >

නිකමට හරි ඔයාලගේ Blog එකේ මේක නැති වුනොත් head කියලා Type කරලා ඒකට පහලින් මේ පහල තියන Code එක දෙන්න
                                                    ඊට පස්සේ ඒ හොයපු Code එක ඔයාට පෙන්නයි.එතනට පහලින් මම මේ පහලින් දීලා තියෙන Code එක Paste කරලා Save කරන්න


<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/ >
<meta content='width=1100' name='viewport'/>
</b:if>



                   දැන් Mobile Phone එකෙන් Internet එන ඔයාගේ පාඨකයින්ටත් ඔයාගේ Blogඑක කියවන්න පුළුවන්








Tuesday, August 17, 2010

Flash ( කාටුන් හදන්න )

Flash ගැන :-        
                            ඔයාලත් ඔය Facebook එකේ Games එහෙම ගහනවා ඇතිනේ.ඒ Games ගහන්නත් මේ  Software එකේ Player එක ඕනේ.ඒ විතරක් නෙමෙයි ඔය ගොඩාක් Online Game ගහන්නත් ඒවගේම තව Online TV  බලන්නත් මේ Flash Player එක ඕනේ.කොටින්ම කිව්වොත් You Tube එකේ Video එකක්වත් Flash Player එක නැතුව බලන්න බැ.ඒ කිව්වේ Flash Player එක ගැනනේ
                           මම අද දෙන්නේ මම කැමතිම Software එකක්. මේ Software එක යොදාගන්නේ Animation හදන්න ඒ කිව්වේ Cartoon හදන්න . ද්විමාන ඒවා තමයි මේකෙන් හොඳටම හදන්න පුළුවන්.මේක තවත් ගොඩාක්ම යොදාගන්නවා Web Designing වලදී ඔය පොඩි පොඩි Button ,Banner වගේ ඒවාහදන්න.ඔය පොඩි පොඩි Games හදන්න එහෙමත් මේක ගන්නවා.ඔයාලාදන්නවා ඇතිනේ Mini Clip Games ඒවා හදන්නෙත් මේ Software එකෙන්.ඕන එක්කෙනෙක්ට හරිම ඉක්මනට මේ Software එකේ වැඩ ටික හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්.සාමාන්‍ය දෙයක් ඉගෙනගත්තම හොඳ නිර්මාණයක් කරන්න ඔයාලටත් පුළුවන්ඔයාලත් Cartoon හදන්න පොඩි ආසාවක් තියෙනවානම් මේ Software එක Download කරගෙන බලන්න.
ඔයාලා Flash ඉගෙනගන්න කැමතිනම් ඒකට හරියන Web Site එකකුත් මම පහලින් දීලාතියෙනවා.මේකෙන් Flash විතරක් නෙමෙයි Photoshop,Illustrator , Dreamweaver වගේ ඒවත් ඉගෙනගන්න පුළුවන්.
මේ Software එකේ අළුත්ම Version එක තමයි CS 4 මම ඔයාලට දීලාතියෙන Torrent File එක CS4 Version එක.ඔයාලා කැමතිමනම් මම පහලින් Flash MX එකත් දීලා තියෙනවා ඒකියන්නේ පොඩ්ඩක් පරණ Version එකක්. 



Monday, August 16, 2010

DVD Shrink (ඔරිජිනල් කොපිය)

DVD Shrink ගැන :-
                               මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් Software එකක් ගැන .මේ Software එක පොඩි හොර වැඩකට තමා භාවිතා කරන්න වෙන්නේ.මේ software එක තමා DVD shrink . මේ software එකෙන් කරන්නේCopy write Protected කරපු DVD copy කරන එක.දැන් තියන ගොඩක් Original DVD එහෙම Copy write protect කරල තමා වෙළදපොලට එන්නේ. DVD සාමාන්‍ය විදියට කොපි කරන්න අමාරුයි විශේෂ යෙන්ම පරිගනකයට Copy > paste කරනවත් බැ. නමුත් ලංකාවේනම් එචර Copy write protect කරපුDVD හොයාගන්න නැතිතරම්. ලංකාවේ යන යන තැන ගොඩක් වෙලාවට තියෙන්නේ COPY කරපු ඒවානේ, ඒවත් මේ ක්‍රමයට තමා Copy කරල තියෙන්නේ. කොහොම නමුත් මේ software එකෙන් සියලුProtect කරපු original DVD (විශේෂයෙන්ම video DVD එහෙම) copy කරගන්න පහසුවෙන් පුලුවන්.මේ Software එක පරිඝණකයට Install කරලා ඉවර වෙලා මේ පියවරයන් අනුගමනය කරන්න.

(1) මුලින්ම පහලින් තියෙන DVD Shrink කියන මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපසේ පරිගනකයට ස්ථාපනය කිරීමෙන් අනතුරුව එය ව්වෘත කරගන්න.

(2) ඊටපස්සේ ඉහල මෙවලම් තීරුවේ ඇති Open Disc කියන බොත්තම ක්ලික් කරන්න.

(3) මේ සංවාද කොටුවේ ඇති Select DVD Drive, යන ස්ථානයට ඔබට අවශ්‍යය ඩීවීඩී එක ඇති ස්ථානය පෙන්නා විවෘත කරගන්න.

(4) ඊටපස්සේ ඉහල මෙවලම් තීරූවෙහි ඇති බැකප් (Backup) යන බොත්තම ඔබන්න. එහිදී ලැබෙන සංවාද කොටුවෙන් තීරුවේ ඇති Select Backup Target යන ස්ථානයට Hard disk folder යන්න තෝරා ඔබ බැකප් එක සාදන ෆොල්ඩරය තෝරන්න, ඉන්පස්සේ Okබොත්තම ක්ලික් කරන්න.දැන් බැකප් එක මේ ආකාරයට විනාඩි කීපයක් ඇතුලත සිදුවේ.
අවශ්‍යය නම් මෙයින් කෙලින්ම ඩීවීඩී එකකට උනත් කොපිකරන්න පුලුවන් ඔබසතුව ඩීවීඩී රයිටර් දෙකක් ඇත්නම් මෙම සංවාදකොටුවෙන් Burn with Nero දමා (මොන ඩීවීඩී රයිටරයද කියලා පෙන්නන අමතක කරන්න එපා) යට ඇති Ok බොත්තම කිලික් කරන්න.

(5) ඊට පස්සේ Nero Burning මෘදුකාංගය විවර කර Copy Entire DVD-Video යන්න ක්ලික්කරන්න.

(6) අනතුරුව ලැබෙන සංවාද කොටුව මගින් Import DVD කියන බොත්තම ක්ලික් කර, ඔබ බැකප් එක සාදා ඇති ස්ථානයෙන් ෆෝල්ඩරය විවර කරගන්න.දැනිතින් හාහාපුරාකියලා(empty) එම්ටියක් දාලා බර්න් කගන්න.
කරලම බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. නියමෙට තියනවා ආයේනෑ... ඔරිජිනල් එක වගෙමයි.

මේ Software එකේ වැඩ කරන හැටි Pictures වලින් බලාගන්න .·٠•●๋•දිලීපගේ බ්ලොග් සටහන් •๋●•٠·. වලට යන්න

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය දිලීප සංජීව රාජපක්ෂ සතුය එබැවින් මෙම ලිපියේ කුමනහෝ උපුටාගැනීමක් සිදුකරන්නේ නම් සියල්ල ඔහුගේ අනුමැතිය අනුව සිදුවිය යුතුය

Sunday, August 15, 2010

Windows 7 Themes(වෙනස් වෙන්න)

Windows 7 Theme Pack:-
අද මම ඔයාලට දෙනෙන Windows 7 Themes ටිකක්.මෙතන නම් Themes 15ක් විතර තියෙනවා.ඔයාලත් කැමතිනම් මේ Themes ටික Download කරගෙන දාගන්න.



Mars Explosion Theme :-



කලින් දුන්න Windows 7 Themes වලට අමතරව තව Windows 7 Theme එකක් මට හම්බවුනා.මේකේ නම තමයි


Mars Explosion
ඔයාලත් මේ Theme එකට කැමතිනම් පහළින් බාගන්න


Saturday, August 14, 2010

Nokia Theme Creator (වෙනසක් සඳහා)

Nokia Theme Creator ගැන:-
                            අද මම දෙන්නේ ගොඩාක් අය මගෙන් ඉල්ලපු Software එකක්. Facebook ඔස්සේ Comment ඔස්සේ ගොඩාක් අය මේ Software එක ඉල්ලලා තිබ්බා ඒක හින්දා තමයි මම මේ Software එක ඔයාලට ලබාදෙන්නේ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනේSony Ericsson Theme Creator එක තියෙන්නේ Sony Ericsson Phone වලට Themes හදන්න වගේ Nokia Theme Creator තියෙන්නේ Nokia Phone වලට Theme හදන්න.මේකෙත් හරිම සරල වැඩ ටිකක් තියෙන්නේ.ඔයාලට හරි ඉක්මනට මේ Software එක හසුරවන්න පුළුවන්.විනාඩියෙන් දෙකෙන් ඔයාට Theme එකක් හදාගන්න පුළුවන් වෙයි.
                                                 ඔයාලා සමහර Web Sites වලින්Themes ගන්නකොට සල්ලි ඉල්ලනවා.සමහර වෙලාවට නොමිලේ ලබාදෙන Web Sites තිබුනත් ඒවායේ ඔයාට ගැලපෙන,හිතට හරියන Themes නොතිබෙන්න පුළුවන්. ඉතින් මොකටද ඕවා හොයහොය ඉන්නේ Nokia Theme Creator එක  ඔයාගේ Computer එකට Install කරගෙන ඔයාගේ හිතේ හැටියට Theme හදාගන්නකෝ.
ඔයත් Nokia Phone පාවිච්චි කරන එක්කෙනෙක්නම් ඔයත් මේක Download කරගන්න

Friday, August 13, 2010

DVDSanta (නත්තල් සීයා ද?)

DVD Santa ගැන :-
                        ඔයාලට මම අද දෙන්නේ ඔයාලට ගොඩක් වටින Software එකක්.ඔයාලත් Film එහෙම Internet එකෙන් බාගෙන ඇතිනේ ඒ Film තියෙන්නේ ගොඩක්වෙලාවට .avi File විදිහට නේ.ඔයාට ඕනවුනොත් ඔය මොකක් හරි Film එකක් DVD Player වල බලන්න පුළුවන් විදිහට DVD එකකට Write කරන්න.ඔයාට නිකම්ම Software එකකින්නම් ඒක කරන්න බැරිවෙයි.ඒකට තමයි මේ වගේ Software තියෙන්නේ.මේ Software එකෙන් කරන වැඩ ගොඩක් තියෙනවා.
පළවෙනි එක තමයි මුලින්ම කිව්ව වගේ .avi වගේ File Format වලින් එන Film DVD වලට Write කරන එක.ඊළඟ එක තමයි ඔය Dual Layer 9GB DVD සාමාන්‍ය 4.7GB DVD වලට Convert කරලා Burn කරන එක.ඔය Subtitles එහෙමත් මේකෙන් Film වලට දාලාDVD Player වල බලන්න පුළුවන් විදිහට Burn කරගන්නත් පුළුවන්.අනික මේ Software එකෙන් Image එකක් වුනත් Burn කරගන්න පුළුවන්.තව දෙයක් තියෙනවා ඔය Video Camera වලින් ගන්න Video එකපාර DVD වලට Write කරන්නත් ,ඒවගේම Slide Show DVD වලට Write කරන්නත් පුළුවන්.ඔයා ඔය DVD කරනVideo එකට මොන සෙල්ලම දැම්මත් Quality එකනම් වෙනස් වෙන්නේනැති එකයි හොඳේ.







Thursday, August 12, 2010

Siyatha TV (සියත බලන්න)

Derana TV (දෙරණ බලන්න)

Wednesday, August 11, 2010

FreeSofthut එක්ක TV බලන්න එනවද ?



ළඟදීම ඔයාලටත් පුළුවන් Freesofthut එක්ක TV බලන්න.ලංකාවේ ජනප්‍රිය ටෙලිවිෂන් නාලිකා කීපයක්ම අපි ඔයාලට බලන්න ළඟදීම විවෘත කරනවා.
ඔයාලත් බලන්න කැමති Channel එහෙම තියනවනම් අපිට කියන්න

Stellarium ( අහසේ තරු ගනින්න වෙයිද ? )

Stellarium ගැන :-
අද මම දෙන්නේ මම මෙච්චර කාලයකට ලියපු Software වලට වඩා හාත්පසින්ම වෙනස් Software එකක්.මේ Software එකත් මේ දවස් ටිකේම දුන්නා වගේම Open Source Software එකක්.Stellarium Software එක ඉස්සර ඉඳලා තිබුනට මේSoftware එක සිංහලට පරිවර්තනය කරලා ආවේ ලඟදී.මුලදීම සිංහල Font සම්බන්ධ පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් එහෙම අවුල් නෑ.මේක හදන්න මුළපුරලා තියෙන්නේ මධුෂ දැඩිගමුව,දිලීප රාජපක්ෂ,අනුරාධ ජයතිලක,සමීර මධුශංක කියන අය. ඒමම කිව්වේ මේSoftware එක සිංහලට පරිවර්තනය වෙච්ච හැටිනේ.
මේ Software එක ගැන කිව්වොත් මේ Software එක තියෙන්නේ අහස නිරීක්ෂනය කරන්න.අපි නිකන්ම අහස බලනවා වගේ අහස බලන්න පුළුවන්.ඔක්කෝම දේවල් සිංහලෙන්ම පෙන්නනවා.අපිට මේ Software එක ඔස්සේ අහසේ සිදුවන අළුත් විශේෂ දේවල් දැනගන්න පුළුවන්.මේ Software එක Windows, MAC OS , Linux කියන හැම එකටම වැඩ කරනවා.ඔයාලත් ආකාෂ නිරික්ෂනයට කැමති එක්කෙනෙක්නම් මේ Software එක Download කරගන්න.

ඔයාලට සිංහල හෝ ඉංග්‍රීසි නැත්නම් වෙනත් භාෂාවකින් වුනත් මේ Software එකේ වැඩ කරන්න පුළුවන්.හදිස්සියේවත් ඔයාගේ Computer එකේ සිංහල Fonts හරියට පෙන්නුවෙ නැත්නම්Start > Program Files > Stellarium > Stellarium (no OpenGL2) කියන එක තෝරලා Software එක Open කරන්න







සියළුම ඡායාරූප උපුටාගැනීම skylk.com මගිනි

මෙම මෘදුකාංගය පිළිබඳ දැන්වීම සම්බන්ධයෙන්
විශේෂ ස්තූතිය දිලීප රාජපක්ෂට




Tuesday, August 10, 2010

Gimp ( පිංතූර කඩේ වගේමයි !! )

Gimp ගැන :-
අද මම දෙන්නේ ඔයාලා හොඳට දන්න Software එකක් වගේම වෙන Software එකක්. මේක Open Source Software එකක් ඒ වුනාට මේ Software එක හදලා තියෙන්නේ හැමෝම දන්න Photoshop Software එක වගේමයි.ඒක හින්දා ඔයාලට මේ Software එක ගැන ආයිත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ නේ.Photoshop වලතියෙන ගොඩාක් Tools එහෙම ඒ සලකුනුවලින්ම මේකේ තියෙනවා.Layers , Filters එහෙමත් තියෙනවා.
ඔයාලා Photoshop Software එක Internet එකෙන් Download කලත් ඔයාලට Hard Disk එකේ ලොකූ ඉඩක් යනවා ඒත් මේකට නම් යන්නේ හරිම පොඩි ඉඩ ප්‍රමාණයක්. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් Original Photoshop CD එකක් කීයද කියලා.අඩුමගානේ රුපියල් 50000ක්වත් වෙයි.ඒ වගේ ලොකුවත්කමක් සාමන්‍ය කෙනෙකුටනම් දරන්න කොහොමටවත්ම බෑ.ඒවුනාට මේ Software එකනම් ඔයාලට දෙන්නේ 100% නොමිලේ.මේ විදිහට ගියොත් නම් Photoshop වලට මොනවා වෙයිද දන්නේ නෑ.තව ටික කාලෙකින් Photoshop හොයාගන්නත් නැති වෙයිද දන්නේ නෑ
ඇත්තටම ඉතින් මේක Photoshop වලට පහර දීමක් කිව්වට වැරදිත් නෑ නේද?:0:):0:

Sunday, August 8, 2010

VMware ( එකක් ඇතුලේ තවත් එකක් )

VMware  ගැන :-
                           
                           ඔන්න මම අද දෙන්නේ ඔයාල හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන Software එකක්.මේ Software එක තියෙන්නේ Computer එක ඇතුලේ තවත් Computer එකක් හදන්න ????.ඒ කිව්වේ මනඃකල්පිත Computer එකක් හදන්න.
මුලින්ම ඔයාලා මේ Software එක Install කරගන්න ඕනේ
මේ Software එක Install කලාකියලා ඔයාලාට වෙනමම Virtual Computer එකක් හැදෙන්නේ නෑ.ඔයාලා වෙනම ඉඩක්(Hard Disk Space) හා Ram එකෙන් කොටසක් මේකට වෙන් කරලා දෙන්න ඕනේ.(එහෙම වෙන් කරලා දුන්නා කියලා ඔයාලා නිකන් ඔයාලගේ ඇත්ත Computer එකේ වැඩ කරනකොට ඒවා පාවිච්චි වෙන්නේ නෑ.)
ඊටපස්සේ ඔයාලා සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක් දාන විදිහටම මේ Software එකට Operating System එකක් දාන්න ඕනේ.ඊට පස්සේ සාමාන්‍ය Computer එකක් වගේම වැඩ කරගන්න පුළුවන්.
මේ වගේ Software තවත් තියෙනවා ඒවයේ පොඩි පොඩි අවුල් තියෙනවා.සමහර ඒවායේ USB Devices වැඩ කරන්නේ නෑ.එක ඒක ලෙඩ ?'/\&+-&!@#$
 මේ Software එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් ඔයාලට මොකද ඔයාලත් පොඩි ළමයින්ට ඔයාලගේ Computer එක බාරදෙන්න බයයි නේද??ඔයාලගේ අවශ්‍ය කරන දේවල් වලට මොනවහරි කලොත් එයාලා!!!!!!!!!! ඒක හින්දා මේ වගේ Software එකක් දාලා එයාලට වැඩ කරන්න දුන්නනම් හොඳයි නේද?කිසි ප්‍රශ්ණයක් නෑ.ඔයාලත් Download කරගන්න:):)


මේ මම බාගන්න දීලා තියෙන්නේ VMware Workstation 6.5.1 
මේ Software එක 500MB විතර වෙනවා


Saturday, August 7, 2010

Ulead ( හොඳ අරම්භයක් සඳහා )

Ulead ගැන :-

                         අද දෙන්න යන්නේ Video Edit කරන Software එකක්.මේ Software එකනම් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්.ඒ කිව්වේ ඔය ආදුනික අයට එතකොට හොඳට Video Editing දන්න අයටයි.
           මේ Software එකෙනුත් ඔය දාන්න පුළුවන් වැඩ කෑලි ඔක්කෝම වගේ දාන්න පුළුවන්.ඔයාට ඕන ඕන විදිහට Video එහෙම කපලා ඔයාට කැමති විදිහේ නිර්මාණයක් ඔයාට කරන්න පුළුවන්.ඒවගේම ඔයාට මේ Software එකම භාවිතා කරලා ඔයා ඔය හදන Video වල Brightness , Contrast , Colors එහෙම හදාගන්න පුළුවන්.තව ඔයාට පුළුවන් මේකේ Music පවා Edit කරන්න.ඒ වැඩේට මේකේ තියෙනවා Surround Sound Mixer කියලා එකක්.ඊට පස්සේ ඔයාහදපු Video එක ඔයාට ඕන කරන Quality එකකින් ඔයාට Save කරගන්න පුළුවන්.ඔයාලත් Video Editing වලට උනන්දුයිනම් මේ Software එක බාගන්න.

මම මේ බාගන්න දීලා තියෙන්නේ Ulead Video Studio v11 Plus එක
මේ Software එක 141MB විතර වෙනවා

Friday, August 6, 2010

FL Studio ( සංගීතයේ රසය )

FL Studio ගැන :-


                                     මම අද දෙන්නේ සංගීතය පැත්තට බර Software එකක්.මේක තියෙන්නේ Music හදන්න.මේකත් එක්ක ඔයාට ලැබෙන පහසුකම් එහෙම ගොඩක් වැඩියි.ඔයාට මේ Software එකෙන්ඕනෑම බෙර වර්ගයක හඬ නිකුත් කරන්නත් ඒවගේම සිංදුවට අවශ්‍ය හැම Sound එකක්මත් දාගන්න පුළුවන්.ඕගන් වගේ ඒවා Computer එකට Connect කරලා ඕනෙනම්  Music Record කරගන්න පුළුවන් නැත්නම් ඔයාට මේ Software එකෙන්ම ඕගන් එකක් අරගෙන Play කරලා Music එක හදාගන්න පුළුවන්.
ඔයාට ඕනෙනම් DJ Sounds, ඔය කෑගහන සද්ද දාගන්නත් පුළුවන්. Drum Beat හදන්නනම් කරන්න තියෙන්නේ පොඩි කොටු ටිකක් පුරවන්න විතරයි.මේක සරලව පොඩි පොඩි වැඩ වලට ඔයාලටත් යොදාගන්න පුළුවන්.පාවිච්චි කරන්නත් ලේසියි.මේක ඉගෙනගන්න එකත් හරිම ලේසී.ඒත් මේක ඔය ලොකු ලොකු වැඩ වලටත් ඔට්ටුයි.

මම මේ දීලා තියෙන්නේ FL Studio XXL Producer Edition v8.0.2 එක
මේ Software එක 140 MB විතර වෙනවා

Wednesday, August 4, 2010

VidBlaster ( ඔක්කෝම සජීවී වෙයි )

VidBlaster ගැන :-

                         අද මම දෙන්නේ වෙනස් විදිහේ Software එකක් මේ Software එකේ නම තමයි VidBlaster  .මේකෙන් කරන්නේ Video නිෂ්පාදනය කරන එක.සාමාන්‍යයෙන් මේ Software  එක පාවිච්චි කරන්නේ සජීවී විකාශයක් ලබා දෙන්න.උදාහරණයක් කිව්වොත් News වගේ ඒවා දෙන්න.මේ Software එක Install කලාම ඔයාගේ Computer එකට Connect කරන Video Camera වලින් Video වෙන ඒවා මේ Software එකේ පෙන්නනවා.ඕනෙමනම් Video Camera 2ක් 3ක් වුනත් දාගන්න පුළුවන්.ඒවගේම හැම Video Camera එකකින්ම Video වෙන ඒවා ඔයාට පෙන්නනවා.ඔයාට ඕන ඕන Camera වලට Video එක යද්දි මාරුවෙන්න පුළුවන්.
මේ වැඩේට Web Cam එකක් වුනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්
මේ Software එක පාවිච්චි කරලා Online Live Program එකක් වුනත් දෙන්න පුළුවන්.තව ඕනෑනම් Screen එකට Frame එකක් වුනත් දාගන්න පුළුවන්. ඔයාලගේ Logo එකක් වුනත් දාගන්න පුළුවන්.ඔයාලටත් ඕනෙනම් ගෙදර TV Channel එකක් කරන්න පුළුවන්.ඔයාලත් කරලා බලන්න.

මෙම ලිපිය ලිවීම සඳහා විශේෂ ස්තූතිය දිලීප සංජීව හිමිවේ

Monday, August 2, 2010

Team Viewer ( වට වෙලා බලන්න )

Team Viewer ගැන:-                            
                                 මම අද දෙන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක්.ගොඩක් වෙලාවට මේ Software එක පාවිච්චි කරන්නේ Network එකක් තියෙන තැන්වල.උදාහරණ කිව්වොත් ඉස්කෝල වල, Internet Cafe වල වගේතමයි මේ Software එක පාවිච්චි වෙන්නේ.මේ Software එක Install කලාම ඔයාට පුළුවන් අනිත් Computer වල ඉන්න අය මොකද කරන්නේ කියලා බලාගන්න.ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ Computer එකේ තියෙන Screen එක අනිත් අයගේ Computer වල Screen එකේ පේන්න දාන්න.ඔයා කරන වැඩ අනිත් අයට පේන්න සලස්වන්නත් පුළුවන්.තව පුළුවන් ඔයා ඉන්න Computer එකේ ඉඳලා වෙන Computer එකක වැඩ කරන්නත්.ඒ වුනාට හැමෝටම ඒක කරන්න පුළුවන්නම් මේකේ වැඩක් නැති හින්දා මේකට Password එකක් දාන්නත් පුළුවන්.

                                               මේකේ තව වාසි වගයක් තියෙනවා.පළවෙනි එක තමයි මේ Software එක Windows , Linux , Mac OS හැම එකකටම හොඳට වැඩකිරීම.අනික තමයි මේ Software එක  නොමිලේ දෙන Software එකක් වීම.
මම මේ පහලින් බාගන්න දීලා තියෙන්නේ අළුත්ම එක (Team Viewer 5.0.8703).ඔයාලගේ ගෙවල් වලත් පොඩි පොඩි Network තියෙනවනම් ඔයාලටත් පුළුවන් Test කරලා බලන්න.



Sunday, August 1, 2010

Orbit Downloader ( දිගටම බාන්න )

Orbit Downloader ගැන :-
                                                  අද මම මේ දෙන්න හදන්නේ අළුත් Download කරන Software එකක්.ඒ කිව්වේ Internet Download Manager වගේ එකක්.මේක තවත් විදිහකට කිව්වොත් Torrent Downloader එකක් වගේ.දැන අපි මොකක් හරි File එකක් Download කරනවා කියලා හිතමු Rapidshare, Mediafile, Megaupload වගේ එකකින් .ඕක Download කර කර ඉන්න ගමන් විදුලි ඇණහිටීමක් වුනා කියමු.UPS එකක් තිබ්බොත් පොඩි කාලයක් බේරිලා ඉදී UPS එකක් නැත්නම් ඔයාට වෙන්නේ ආයිත් ඒ File එක මුල ඉඳලා Download කරගන්න

                            මේක තියෙන්නේ ඒවගේ කරදර වලින් මිදෙන්න.ඔයාට ඕන File එකක් නවත්ත නවත්ත Download කරන්න පුළුවන්.මේකෙ තියෙන තවත් වාසියක් තමයි.මේ Software එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් වීම.තවත් එක හොඳක් තමයි මේ Software එක Google Chrome වලටත් නියමෙට වැඩ කරන එක.මේ Software එක නිසා අපිට සමහර විට Internet Download Manager වලට ටටා කියන්නත් පුළුවන් වෙයි.:):)
මෙම ලිපියේ යම් යම් කොටස් Freegameshut හි උදිත ඉසුරංග සොයුරාගේ ලිපියකින් ලබාගත්තෙමි