Open Source ( විවෘත කේත )

දැන් ගොඩාක් අය විවෘත කේත මෘදුකාංග භාවිතයට පටන්ගෙන.ඒ ඒවා භාවිතය පහසු වීම හා නොමිලයේ ලබා දීම නිසායි.

Torrent ( බාගත කිරීමට නිමාවක් නැත )

Torrent කියන්නේ මහා වෙබ් අඩවි ජාලයක් ඒ වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් යමක් බාගත් කිරීමටනම් අප U torrent ,Bit Torrent වැනි මෘදුකාංග පිළිබඳ දැන සිටිය යුතුමයි

Google Chrome ( අධි ක්‍රියාකාරී සාමාජිකයා )

අන්තර්ජාලයේ Browsers අතරට එකවර කඩාපැන පෙරළියක් ඇතිකල Internet Browser එකක් තමයි Google Chrome කියන්නේ.Fire Fox සඳහා ඇති එකම තරඟකරුද මෙයයි.

ජංගම දුරකතන මෘදුකාංගත් අපෙන්

දැන් ජංගම දුරකතන කිව්වහම පරිගණකයත් එක්ක තියන වෙනස් ඉතාම අංශුමාත්‍රීයයි කිව්වොත් හරි.එහෙම වෙද්දි අපි ජංගම දුරකතන සඳහා වන මෘදුකාංග නොදී කොහොමද?

Monday, June 28, 2010

Sony Ericsson PC Suite (අළුත් වෙලා පටන්ගනිමු)

Sony Ericsson PC Suite ගැන:-
                                                Sony Ericsson, කිව්වහම Nokia වලට හොඳ තරඟයක් දෙන සමාගමක්.ඒක හින්දා Sony Ericsson පාවුච්චි කරන පාරිබෝගිකයින් ගණනත් වැඩියි.Sony Ericsson PC Suite කියන්නේ ගන්න හැම Sony Ericsson Phone එකක් එක්කම හම්බුවෙන Software එකක් වුනත්.මම මේ Software එක දෙන්නේ කාලෙකට කලින් Sony Ericsson Phone ගත්ත අයට හා PC Suite ළඟ නැත් අයට.Sony Ericsson PC Suiteඑක දැන් අලුත් ඒකියන්නේ පොත්ත විතරක් අලුත් කියන එක නෙමෙයි නේ ඇතුලෙ තියෙන වැඩකෑලිත් වැඩී.දැන් එන අළුත් Mobile Phone වලට මේවගේ අළුත් PC Suite එකක් නැතුව කොහොමත් බෑනේ.මෙයිට වඩා මේක ගැන මම කියන්න අවශ්‍ය වෙන එකක් නෑ මොකටද ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නේ.

AVG (පරණ තාලේ අයිත්)

AVG  ගැන:-
                    AVG කියන්නේ දැනට කාලෙකට කලින් කට්ටිය හිටුකියලා පාවිච්චි කරපු Antivirus Software එකක්.ඔයාලත් සමහර විට මේ ගොඩේ ඉන්නවා ඇති.මේ රැල්ල ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවුනා කට්ටියක් Kasper Sky  වලට මාරු වුණා.ඊට පස්සේ Kasper Sky එකේත් Keys Blacklist කරන්න පටන්ගත්තා .ඊට පස්සේ සමහරු සල්ලි දීලා Antivirus Software එකක් ගත්තා.සමහරු Free Antivirus Software වලට මාරුවුණා.ආයිත් කට්ටිය AVG වලට මාරුවුනා.මේ Antivirus Software එකත් නරකම නෑ නරක Software එකක්නම් මෙච්චර කට්ටිය  Download කරයිද?මොනවා වුනත් Virus පට් පට් ගාලා අල්ලගන්නවා.අනික ඔය ලොකු ලොකු Antivirus Software වගේ නෙමෙයි Slow නෑ Hard එකේ ඉඩ යන්නේ නෑ.සාමාන්‍ය Computer එකකටනම් ප්‍රමාණවත්.මොකද මම එහෙම කිව්වේ Internet පාවිච්චි කරනවා නම් වැඩි ආරක්ෂාවක් එපෑ.එහෙමනම් ඔයා AVG Internet Security එක දාගන්න.

අවදානයයි :- AVG ඔයාගේ Computer එකට Install කලාට පස්සේ ඔයාගේ Computer එකේ තියෙන exe File ඔක්කෝම Delete කරන්න පුළුවන් හින්දා පරිස්සමින් ඔයාගේ Computer එකට අළුතෙන් Windows දාලාම මේක Install කිරීම නුවණට හුරුයි.

Sunday, June 27, 2010

Ares ( හිතේ හැටියට බාන්න )

Ares ගැන:-
                     Ares කියන්නේ Torrent පවුලේ Software එකක් මේකෙන් කරන්නෙත් සාමාන්‍ය Bit Torrent වලින් කරන වැඩම තමයි.හැබැයි මේ Software එකේ වැඩිපුර පහසුකම් ටිකකුත් තියෙනවා.මේකෙ තියෙන ලොකුම වාසිය තමයි මේකෙන් Torrent එකක් Download කරනකොට Speed එක වැඩී වගේම Slow වෙනවත් අඩුයි.තව එක හොඳක් තමයි මේකෙන් Film  එකක් Download කර කර ඉන්න ගමන් ඕනෙනම් ඒකේ Download වෙලා තියෙන ටික බලන්නත් පුළුවන්.සමහර අයට Torrent බාන විදිහ විකාරයක් වගේනේ ඒවගේ අයටත් මේක හොඳයි.මේකෙන් Torrent Search කරලා Double Click කරපු ගමන් නිකන්ම Download වෙනවා,කරන්න තියෙන්නේ මේ Software එක Install කරලා මේකේ තියෙන Search  කියන එකට ගිහින් ඕනෙ කරන Torrent එකේ නම Type කරල Search කරන්න.එතකොට ඔයාට එක එක Torrent List  එකක් පෙන්වයි .ඒවායින් ඔයාට හරියන එක උඩ Double Click කලාම ඒක Download වෙනවා.Download වෙන ඒවා Transfer කියන එකේ තියෙනවා(ඔයාලා Download කරන්න පටන්ගන්නකොට භාෂාවයි Quality එකයි බලලා ගන්න) Download වෙලා ඉවර වුනාට පස්සේ Download කරපු Torrents ඔක්කෝම පිළිවලකට Library එකේ තැන්පත් වෙනවා.ඔයාලත් Install කරලා බලන්න.

         

Saturday, June 26, 2010

Daemon tools (රාක්ෂ ආයුධ)

   Daemon tools ගැන :-                        
               මේ Software එකත් ගොඩක් ප්‍රසිද්ධ Game ගහන අය අතරේ තමයි.ඔයාල දන්නවද Image ගැන.පිංතූර Image නෙවෙයි .ඔයාලා දැකල ඇතිනේ CD එකක් Copy කරනකොට ඔයාගේCD ROM එකේ නමට යටින් Burn Image කියලා එකක් තියෙනවා .ඒක Select කරලා CD එක හෝ DVD එක Burn කලාම ඔයාගේ Computer එකේ File එකක් හැදෙනවා ඒකේ තියෙන්නේ CD එකේ තිබ්බ Data ම තමයි.හැබැයි අපි නිකන් Computer එකට Copy කරනවා වගේ නෙවෙයි CD එකේ තියෙන විදිහටම Copy වෙනවා.හැබැයි මේක Open කරන්න පුළුවන්Daemon tools හරි Alcohol කියන Software වලින් විතරයි
                                      මේ Software එක Install කරට පස්සේ ඔයාගේ Computer එකේ තව CD ROM එකක් පෙන්නනවා ඒ තමයි Image  එකක් Open කලාම පෙන්නන CD ROM එක.මේ Software එක Install කලාට පස්සේ ඔයාගේ Task Bar එකේ කෙරවලේ පෙන්නනවා Daemon Tools Icon එක ඒක උඩ Click කරලාVirtual CD/DVD ROM ගිහිල්ලා Device 1 කියන එකේ තියෙන Mount image කියන එකට ගිහිල්ලා ඔයා Copy කරපු Image එක Mount කරන්න එතකොට ඔයාගේ My Computer එකේ තියෙන අලුතෙන් ආපු CD ROM එකේ ඔයා Open කරපු Image එක පෙන්වයි.

Friday, June 25, 2010

REFOG ( හොර වැඩ )

REFOG ගැන :-
                           මේ REFOG කියන්නේ ප්‍රසිද්ධ Key logger එකක්.ඔයාලා දන්නවද Key logger එකක් කියන්නේ මොකක්ද කියලා.සාමන්‍යයෙන් Log එකක් කියන්නේ සටහනකටනේKey logger එකක් කියන්නේ Type කරන ඒවාවල සටහන් තියාගන්න Software එකක්.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් ගොඩයි
            අපිට මේකෙන් පුළුවන් කාගෙ හරි Email address Password ඒක මොකක්ද කියලා බලාගන්න.තව පුළුවන් අපේ Computer එකේ අපි නැති අතර තුරේ මොකද වුනේ කියලා බලාගන්න.මේකෙන් හොර වැඩ කරන්නත් පුළුවන් හොර වැඩ අල්ලගන්නත් පුළුවන්.
                                                                                            REFOG Software එක Install කලාට පස්සේ කාටවත් පේන්නේ නෑ මෙහෙම Software එකක් Install කරලා තියෙනවා කියලා .REFOG Software එක Install කලාට පස්සේ Type කරපුවා ඔක්කොම මේකේ පෙන්නනවා.ඔයාට කාගේ හරි Email Address එකක Password එක බලාගන්න ඕනෙනම් එයාට REFOG දාපු Computer එකක Email Address එකට Log වෙන්න කියන්න.එතකොට ඔයාගේ Key logger එකේ ඒ Email එකට යටින් Password එක වැදිලා තියෙයි

Wednesday, June 23, 2010

Sony Ericsson Theme Creator ( හදල බලමු )

Sony Ericsson Theme Creator ගැන:-

ඔයාල දන්නවානේSony Ericsson කියන්නේ .ලෝකේ තුන්වෙනියට ලොකුම ජංගම දුරකථන සමාගම කියලා.මේ තියෙන්නේ Sony Ericsson Phoneවලට Themes හදන Software එකක් ඔයාලගේ Phone එකත් Sony Ericsson නම් ඔයාටත් පුළුවන් ඔයාට කැමති විදිහට Theme එකක් හදලා ඔයාගෙ Phone එකට දාගන්න.
මේ Software මගින් Wallpaper එක Menu එක Sounds හැම දෙයක්ම තමන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්
මේකේ තව විශේෂත්වයක් තියෙනවා.මේක හසුරවන විදිහ මාර ලේසී.ඕනෙම කෙනෙක්ට හරි ලේසියෙන් මේ Software එක හසුරවන්න ඉගෙනගන්න පුළුවන්.

Tuesday, June 22, 2010

Opera Mini ( පුංචි ගවේශකයා )


Opera Mini ගැන :-
Opera කියන්නේ ලෝකේ ජනප්‍රියම Web Browser එකක්.Opera Mini කියන්නේ ජනප්‍රියම ජංගම දුරකථන Web Browser එකක්.ගොඩාක් Phone එකෙන් Internet යන අය හරියට වැඩක් කරගන්න බැරුව.එක්කෝ Facebook එකේ Massage/Comment එකක් දාගන්න බැරුව ලතවෙවී ඉන්නවා.මේ තියෙන්නේ ඕකට විසඳුම.මේ Software එක සමහර අය හරි හරියට පාවිච්චි කලත් සමහර අය තාම මේ Opera Mini ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
මේකෙන් අපිට වාසි ගොඩාක් හම්බුවෙනවා.එකක් තමයි Phone එකෙන් Internet යනකොට හොඳ වේගයක් තිබීම.අනිත් එක තමයි සාමාන්‍ය Computer එකකින් Internet යනවා වගේම Internet යන්න පුළුවන් වීම.ඊළඟ එක තමයි මේකෙන් Internet යනකොට වැයවෙන මුදල හරි අඩු වීම.මේක හින්දා තමයි ගොඩක් කට්ටිය මේ Opera Mini පාවිච්චිකරන්නේ.තව එකක් තමයි මේකේ Bookmark පහසුකම තිබීම.අනික තමයි Web History එකක් තිබීම.ඒවගේම මේකෙන් Web Pages Download කරලා තියාගන්නත් පුළුවන් එතකොට Internet නැතිවෙලාවටත් ඒ Web Pages බලන්න පුළුවන්නේ.තව ශෝක් වැඩක් තියෙනවා ඕනෙනම් අපි Download කර කර ඉන්න එක මැද්දේ පොඩ්ඩක් නවත්තලා තියන්නත් ( Pause කරන්න ) පුළුවන්.ඒක හින්දා මේකනම් Phone වලින් Internet යන අයටනම් හොඳ Software එකක්.මේ Software එක ගොඩාක් Software වලට දැන් Install කරන්න පුළුවන් හින්දා තවත් හොඳයි.

ඔන්න දැන් Opera Mini සිංහලෙනුත් තියෙනවා හොඳේ

බාගන්න අයට උපදෙස් :-මුලින්ම මෙතනින් බාගන්න Button එක Click කරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකේ Brand එක තෝරන්න(Nokia ද.Sony Ericsson ද වගේ)ඊට පස්සේ ඔයාගේ Phone එකේ Model එක තෝරන්න (N73 ද K810i ද වගේ)ඊට පස්සේ එතන පහලින් එන opera-mini-latest-advanced-en-us.jad හරි opera-mini-latest-advanced-en-us.jar කරලා බාගන්න.

Sunday, June 20, 2010

Mobile Phone Softwares

Mobile phones කොටස ගැන :-
මේක තමයි මගේ බ්ලොග් එකට මම අලුතෙන්ම එකතුකරන කොටස.මෙය තුලින් මම ඔයාලට ජංගම දුරකතන සම්බන්ධ Software ලබාදීමට බලාපොරොත්තුවෙනවා.මම හිතෙනවා මේ කොටස වැඩියෙන් ජංගම දුරකථන ග්‍රාහකයන් අතර ජනප්‍රියවේ කියලා.ඔයාලගේ ඉල්ලීම් වලටත් එහුංකන් දෙන හින්දා ඔයාලට ඕන දේවල් අපිට කියන්න .

Monday, June 14, 2010

Ubuntu ( නව යුගයක් )

Ubuntu ගැන :-                               
                              අද මේ ලිපිය ලියන්නේ ප්‍රේක්ෂකයකුගේ ඉල්ලීම මත.දැන් කලේ හැමෝම Windows වලින් ඈත්වෙමින් පවතින නිසා.ඒකට හේතුවෙන දෙයක් ගැනයි අද කියන්නෙ.
                                   මේකාලෙ ගොඩක් අය Windows වලින් අයින් වෙලා Ubuntu,Linux, Red Hat වගේ System Software පාවිච්චිකරන්න පටන් අරන් තියෙනවා.මේකට හේතු ගොඩක් තියෙනවා.සාමාන්‍යයෙන් Windows CDඑකක මිල සාමන්‍ය මිනිසෙකුට දැරි නොහැකිතරම් විශාල වීම නිසා තමයි විශාල වශයෙන් කට්ටිය Ubuntu,Linux වගේ Operating System වලට මාරුවෙන්නේ.අනික Ubuntu වගේ Software ඕනෙමනම් නොමිලයේ Download කරගන්න හෝ CD එකක් ගෙදරටම වුනත් නොමිලේ ගෙන්නගන්න පුළුවන්
                  ඉස්සරනම් Ubuntu ,Linux වගේ Software පාවිච්චි නොකරන්න හේතුවකුත් තිබ්බා.ඒවා Windows වලට වඩා ගොඩාක් වෙනස් වීම,මේවාට Drivers හොයාගන්න බැරිවීම,මේවාට හරියන  Software නොතිබීම,වගේ ඒවා හින්දා තමයි මේවා කට්ටිය ඉස්සර පාවිච්චි කලේ නැත්තේ.දැන් එහෙම නෑ හැම දෙයක්ම Windows වගේමයි, Software එහෙමත් ඕන තරම්, Windows වලින් වැඩක් කරගන්නවාට වඩා ගොඩාක් ලේසී, Internet යන්නත් හොඳ වේගයක් තියෙනවා.
දැන් මෙහෙවගේම තමයි අනිත් රටවල් එහෙමත් Windows පාවිච්චි කරනවා අඩු කරලා තියෙනවා.උදාහරණයක් ලෙස කිව්බාව සම්පූර්ණයෙන්ම Nova Operating System එක පාවිච්චි කරන්න අරන්.

අපිත් පොඩ්ඩක් මේවගේ Operating System එකක් පාවිච්චි කරලා වෙනස වටහා ගමු.
මේක Windows  ආයතනයට කනකොකා හඬලන කාලයක් වේවිද????? නැත්නම්........

Sunday, June 13, 2010

Nokia PC Suite ( නොකියා ඇඳුම )

Nokia PC Suit එක ගැන:-
ඔයාලා හැමෝම දන්නවනේ Nokia කියන්නේ ලෝකේ විශාලතම ජංගම දුරකතන සමාගම කියලා.සමහර විට ඔයාගේ Phone එකත් Nokia වෙන්න ඇති.ඔයාල දන්නවනේ මොන මොන Phone ජාති ආවත් Nokia වලට තට්ටුකරන්න කාටවත් බෑකියලා. Nokia සමාගම මගින් එක එක වර්ගයේ Phone හදනවා.ඒ එක එක Phone වලතියෙන විවිධ හැඩහුරුකම්, ඒවගේම වැඩකෑලිත් එකකට එකක් වෙනස්, ඒක හින්දාNokia PC Suit එකත් කාලෙන් කාලෙට අලුත් වෙනවා පරණ Phone වලටත් අලුත් PC Suit එනවා ඒවායින් වැඩ ඉක්මනට කරගන්න පුළුවන්.ඒක හින්දා අලුත් PC Suit එක බාගත්තනම් ඔයාලගෙ Nokia එක්කේ වැඩටිකත් පට් පට් ගාලා කරගන්න පුලුවන්.
දැන් මේ අලුත් Nokia PC Suit එකේ Free Memory එක Battery එකේ Charge එක වගේ ඒවත් පෙන්නන හින්දා ගොඩක් ලේසී.

Saturday, June 12, 2010

3D MAX ( තුන්වන මානය )

3D MAX ගැන :-                                   
       ලොවපුරා විශාල පිරිසක් විසින් 3D Animation සාදාගැනීම සඳහා යොදාගන්නා ජනප්‍රියම Software එකක් තමයි මේ Software එක පොඩි පොඩි වැඩවලට වගේම තමයි ලොකු ලොකු වැඩ වලටත් හරියට යොදාගන්නවා.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් හරි ගොඩයි.ඔයාට ඕන කරන ඕනෑම ආකාරයක 3D Animation එකක් හදාගන්න ඔයාට මේක උදව්කරගන්න පුළුවන්.මේක ගොඩක් වෙලාවට 3D Animation හදන්න යොදාගන්නවා වගේම තමයි මේක තව විශේෂ දෙයකට යොදාගන්නවා.ඒක තමයි ගෙවල් හදන්න කලින් ඒවවල ආකෘති 3D වලින් හදලා හොඳද බලන්න.ගොඩක් වෙලාවට ඔය Map අඳින අය මේ Software එක ප්‍රගුනකරනවා එයාලගේ ඒ වැඩ වලට යොදාගන්න.
                                        ඕනෑම කෙනෙකුට මේක් ඉගනගන්නත් දැන් ඕනතරම් ක්‍රම තියෙනවා.Internet එකේ Search කලොත් ඔයාට ඕනතරම් ඉගනගන්න විදි හම්බුවේවි.මේක පාවිච්චිකරන් හැටි හරි ඔයාලා බලාගෙන හිටියොත් ඔයාලටත් ආස හිතෙයි මේ Software එක පොඩ්ඩක් ඉගනගන්න.ඉගනගත්තොත්නම් කවදාවත් පාඩුවක්නම් වෙන්නෙ නෑ.
                                        මේකෙන් ඕන වැඩක් දාලා 3D Animation එකක් හදාගන්න පුළුවන් වුනත්, මේ හදපු Video එක Rendering වෙනකන් බලාගෙන ඉන්නබැරි එක තමයි දුක.මොකද ඒකට සෑහෙන කල්යනවා.ඉක්මනට වෙන්නනම් සුපිරි Computer එකක් වෙන්න ඕනෙ.

Sunday, June 6, 2010

Flock ( බ්ලොග් කරුවන් සඳහාමයි )

Flock  ගැන :-         
                මේ දවස් ටිකේම එක දිගට Software ඔයාලට දෙන්න මට පුළුවන් වුණා.මේ තියෙන්නේ අළුත් Software එකක්, මේ තියෙන්නේ ජනප්‍රිය වේගෙන එන හොඳ Web Browser එකක්.මේකේ විශේෂත්වය තමයි මේකේ Bloggerලා සඳහා ගොඩක් වැඩ පහසුකරලා තිබීම.අපි උදහරණයක් වශයෙන් ගම්මුකො Facebook වගේ එකක්.අපිට පුළුවන් ඕනැම දෙයක් මේකේ තියෙන එක Button එකකින් Facebook එකට Upload කරගන්න.එන එන හැම Massages,Friend Request,Notification ඔක්කොම මේකෙ පැත්තකින් පෙන්නනවා.ඒක හින්ද අපේ වැඩක් කරන ගමන් Facebook එකේ වෙන දේවල් බලාගන්නත් පුළුවන්.ඒවගේම තමයි Twitter, My space, YouTube වගේ ඒවටත්.අනිත් ඒවා ගොඩක් Mozilla Firefox වලට සමානයි.Add-ons එහෙමත් තියෙනවා.Photos Upload කරන්න මේකේ වෙනම Button එකක් තියෙනවා,Blog Editor එකක් තියෙනවා.ඕනෙ නම් ඔයාට එක Click එකෙන් Email Account වලට Log වෙන්න පුළුවන්.මම හිතන විදිහට මේකෙන් කරන්න පුළුවන් වැඩනම් ගොඩයි.අළුත් එකක් හින්දා Windows 7 වලටත් වැඩ, Slow එකකුත් නෑ.Mac OS X හා Linux වලටත් තියෙනවා.
මම මේ ලිපිය ලියන්නෙත් Flock එකෙන් : D : D
බාගන්න අයට උපදෙස් :- මෙතනින් බාගන්න Button එක උඩ Click කරලා එන Window එකේ පැත්තකින් තියෙන Download Flock කියන එක උඩට Muse Cursor එක ගෙනිහිල්ලා එතනට ඔයාගේ Email Address එක Type කරන්න.ඊට පස්සෙ Download Button එක Click කරන්න

Saturday, June 5, 2010

Kaspersky trial reset ( තාවකාලික ස්ථීර බව )

Kaspersky Trial Reset ගැන :-




මම අද දෙන්න යන්නෙ පරණ ලෙඩකට අලුත් විසඳුමක්.ඔයාලත් දැනට අවුරුද්දකට දෙකකට කළින් Kaspersky දාගෙන ඉන්න ඇති.ඒත් ටික කාලයක් යනකොට දාන දාන Key එක Blacklist වෙන්න පටන්ගත්තා නේද???




මේ තියෙන්නේ ඔය ලෙඩේට අලුත් විසඳුමක් මෙකෙන් කරන්නේ ඔයාලගෙ Computer වලට Install කරලා තියෙන KasperSky Internet Security 2010 එකේ දින 30 පැන්නහම තව දින 30කට Trial එක දික්කරලා දෙන එක.Kaspersky Trial කියලා කිසිම පහසුකමක් අඩු කරන්නේ නැති හින්දා සාමාන්‍ය විදිහටම හොඳ Security එකක් දෙනවා.



Update කරන්න Scan කරන්න.කිසිම කරදරයක් නෑ.හොඳ Security එක නිසා Virus ඔක්කොම මට්ටුයි!!!!




Friday, June 4, 2010

Hide My IP ( හැංගි මුත්තම් )

Hide My IP ගැන:-                                
                                       කවදා හරි ඔයාලා දැණුවත්ව හරි නොදැනුවත්ව හරි  Hackers ලට අහුවෙලා ඇති නේද?මේ තියෙන්නෙ ඔය එක එක Hackers ලගෙන් බේරෙන්න තියෙන හොඳ ක්‍රමයක්.මේකෙන් කෙරෙන්නේ ඔයාට දැන් තියෙන IP Address එක වෙනස් කරලා දෙන එක.උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ශ්‍රි ලංකාවේ ඉදන් Internet යනවා කියලා.නැත්නම්  මොකක හරි එකක Chat කරනවා කියලා.එතකොට ඔයාගේ IP Address එක කවුරු හරි දැනගත්තොත් එයාට ඔයාගෙ Computer එක Hack කරන්න හැකියාවක් තියෙනවා.ඒක හින්දා ගොඩක් අය කරන්නේ මේවගේ Software එකක් දාගෙන IP Address එක මාරු කරන එක.ඔයාට තවදුරටත් හොඳ ආරක්ෂාවක් අවශ්‍යනම් ඔයාට පුළුවන් මේකෙන් IP Address එක විනාඩි 10න් 10ට 20න් 20ට වෙනස් වෙන විදිහට හදාගන්න
                        ගොඩක් වෙලාවට ඇමරිකාවෙ එකක් විදිහට තමයි වෙනස් කරන්නේ.එතකොට මේකේ තව වාසි ගොඩායි !!!! Facebook එකේ Games වලට තියෙන Offers ගොඩක් වැඩිවෙනවා.ඔයාල හැමෝම දන්නවනේ මේ Barn Buddy ඒකේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන් Barn buddy එකේ දෙන BB credits එහෙම වැඩියෙන් ගන්න IP Address එක වෙනස් කරගෙන පුළුවන්
: ) : ) : )ඔයාලත් මොහොතකට ඇමරිකාවෙ විදිහට වෙස්වලාගෙන බලන්න කෝ......... ( : ( : ( :

Wednesday, June 2, 2010

YouTube Downloader ( උඹේ බටේ බාන්නා )

YouTube Downloader ගැන :-



මම අද දෙන්න යන්නේ වටින කියන Software එකක්,මේකෙන් පුළුවන් ඕනෑම You Tube Video එකක් Download කරන්න.ඔයාල දන්නවනේ ලෝකේ තුන් වෙනියට ජනප්‍රියම වෙබ් අඩවිය You Tube කියලා.ඒ කියන්නේ කොච්චර ප්‍රේක්ශක පිරිසක් මේකට ඉන්නවා කියලද හිතන්නේ.
ඉස්සරනම් දැන් වගේ නෙමෙයි ඕනෑම Video එකක් Download කිරීමට අවශ්‍යනම් You Tube එක එක්ක  එකතුවෙන්නම වෙනවා. ( Sign Up )දැන් එහෙම නෑ You Tube Video Download කරන්න ඕනෑ තරම් Softwares තියෙනවා.ඒත් මේකතමයි ඒ වැඩේට හොඳම.ඒත් මම හිතන්නේ නෑ Internet Download Manager තරම් Speed එකෙන් මේකෙන් Download කරන්න පුළුවන් වෙයි කියලා.
        වැඩිය ඉඩක් යන්නෙත් නැති හින්දා මේක කොයිකටත් Install කරංඉන්න එක හොඳයි.අනිත් ඒවා වගේ අවුරුද්දෙන් අවුරුද්දට Register කරන්න ඕනෙත් නෑ

ඔයාලත් බාගෙන බලන්න   

Tuesday, June 1, 2010

Nero ( Copy කැට් )

Nero ගැන :-
Nero කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන Software එකක්.මේකෙන් කරන්න පුළුවන් දේවල් අයිත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මේකෙන් පුළුවන් CD/DVD Write(Burn) කරන්න,CD/DVD වල Copy ගහන්න Image එකක් Burn කරන්න Bootable Disk එකක් හදාගන්න.Video/Audio ඕන එකක් Write/Burn කරගන්න මේක යොදාගන්න පුළුවන්.අළුත් එකේ වැඩකෑලිත් වැඩියි බාගෙන බලන්න.
ඕනෙ නම් Computer එකෙ Back up එකක් ගන්න ඒකත් මේකෙන් කරන්න පුළුවන්,Audio විදිහට Write කරපු ඒවා Rip කරන්න නැත්නම් MP3 කරන්න පුළුවන්.මේකෙන් වැඩ කරන එක ඕනෑම එක්කෙනෙකුට හරිම Simple වැඩක්.ඕනෑම විදිහක CD, DVD එකක් Write කරන්න හරිම ලේසී.
උදහරණයක් විදිහට Data CD එකක් Burn කරන විදිහ කියල දෙන්නම්.මුලින්ම Nero Start Smart එකට යන්න ඊට පස්සෙ ඒකේ Data Burning එකට යන්න.ඊට පස්සෙ ඔයාට ඕන File ටික Drag කරලා මේකට දාන්න.හැබැයි ඔයා 700MB කට වඩා අඩුවෙන් File දාගන්න ඕනේ.ඊට පස්සේ Burn Button එක Click කරන්න.ඊට පස්සේ බබා වගේ Write වෙයි.ඔයාලගෙ ලඟ Nero නැත්නම් බාගන්න.